අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධව පවතින් නීතිමය තත්ත්වය සමාජ කරලියට මේවන විට පැමිණ තිබේ. සමාජයේ මිනිසුන් මේ පිළිබද දැඩි අවධානයක් යොමුකර ඇති බව ජනමාධ්‍ය ඔස්සේ අපට දැක ගත හැකි කාරණාවකි.
මේ පිළිබද විමසීමට අප ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සම්බන්ධ කර ගත්තේය. ශ්‍රී ලංකාවේ අසභ්‍ය ප්‍රකාශන ලඟ තබාගැනීම පිළිබද නීතිය 1927 හි අසභ්‍ය ප්‍රකාශන පනතින් කියැවේ . මෙය 2005 වර්ෂයේදී සංශෝධනය විය.
එයින් කියැවෙන්නේ අසහ්‍ය ලිංගික ප්‍රකාශන විකිණීම හුවමාරු කිරීම, audio, video ප්‍රසිද්ධ කිරීම ඒවාට උදව් කිරීම , කුලිය ගැනීම වැනි දෑ වරදක් බව ප්‍රතිභා මහානාම මහතා කියා සිටියේය.
යම් කිසි වෙබ් අඩවියක් නරඹමින් සිටින විට එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නොහැකිය. එය නැරඹීම වරදක් නොවන බවද ඒ මහතා කියා සිටියේය. එසේ නම් ඒවා වෙබ් අඩවි තුළින් සෙන්සර් කළ යුතු බවත් එම මහතා පවසා සිටිනවා.
මහානාම මහතා වැඩිදුරටත් කියා සිටියේ, අසභ්‍ය ප්‍රකාශන යම් කිසි පුද්ගලයෙකු හුවමාරු කිරීමක් හෝ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනවානම් එහිදි සාක්ෂි සමගම අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇති බවයි.
දෙවැන්න නම් 1995 වර්ෂයේ අංක 22 දරණ සංශෝධනයෙන් එන දණ්ඩ නීති සංග්‍රහයේ 286 ‘‘අ‘‘ වගන්තියයි. යම් කිසිවෙක් අසභ්‍ය ලිංගික දර්ශන audio, video කිරීම , කුලියට ගෙන බෙදා හැරීම , පෙළඹවීම, එම රැකියාවෙහි නිරත කිරීම වරදකි. නමුත් එහි කෙනෙක් එය නැරඹීම වරදක් බව පවසා නැති බවයි.
කෙනෙක් එම අසභ්‍ය දර්ශණ ළග තබා ගැනීමේ චේතනාව සොයාගත යුතුය. චේතනාව සොයා ගැනීම වුවද පනතෙහි සඳහන් කර නැත.
නමුත් මෙම නිරුවත් දර්ශන හුවමාරු කරනවානම් නඩුවකදී සාක්ෂි ලෙස භාවිතා කළ හැකිය. මෙහිදි audio, video දර්ශණ නඩුවකදී භාවිතා කරනාවම් 1995 අංක 14හි විශේෂ සාක්ෂි ප්‍රතිපාදන පනත අනුව ක්‍රියා කළ හැක.
කෙසේ වෙතත් වයස 18 අඩු ළමයි මේ දර්ශන නරඹනවානම් භාරකරුට එරෙහිව යම් කිසි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. ඕනෑම වෙබ් අඩවියක 18 ට අඩු ළමයි නරඹනවානම් එය වරදකි. නමුත් එය වරදක් බව පනත් වලින් සමාජයට ආ යුතුයි.
ඒ අනුව සමාජජාල වෙබ් අඩවි වාරණය කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය. තහනම් කරනාවානම් චීනය වගේ ෆිල්ටර් කිරීමක් සිදු කළ යුතුය. එහිදි මුලික වශයෙන් මෙය වාරණය කළහොත් මතුවන ගැටළුවක් නම් කෙනෙකු විසින් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය පිළිබද ඉල්ලා අධිකරණයට යෑමයි.
ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් ඇතුලත් හඬපටය පහතින්....
සටහන සචිනි කොඩිතුවක්කු