තරුණියක් විවාහවීමට මාස 6කට පමණ පෙර ඇයගේ එකල පෙම්වතා විසින් ගන්නා ලද ඡායාරූප, ඇය විවාහ වූවාට පසු ෆේස්බුක් සඳහා යොමු කිරීමට පැරණි පෙම්වතා කටයුතු කර ඇති බැව් දැනගන්නට ලැබීමෙන් බලවත් සිත් තැවුලට හා ලැජ්ජාවට පත් 25 හැවිරිදි කාන්තාවක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.
තිසෝගම, වෙලංගොල්ල ප්‍රදේශයේ පදිංචිව අනූෂා නම් වන ඇයගේ වැඩිමල් සොහොයුරකු වන අමිත් නම් වන පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි දෙමින් පවසා ඇත්තේ ඇය මෙයට මාසයකට පමණ පෙර වෙලංගොල්ල ප්‍රදේශයේ සඳුන් නැමැති අයෙක් සමඟ විවාහ වූ බවයි.
මෙයට දින 3 – 4 කට පමණ පෙර මට දැන ගන්න ලැබුනා නංගී විවාහ වීමට පෙර වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් එමතැනැත්තා ඒ කාලයේ දී ගන්නා ලද ඔහු සමඟ නංගී පෙනී සිටි ඡායාරූප ගැන කියා නංගීට තර්ජනය කරන බව.
සුජිත් සාගර නමැති එම තැනැත්තා එම ඡායාරූප ෆේස්බුක්වල දාලා තිබී මා දැක්කා. ඒ බව නංගීටත් ආරංචි වෙලා තියෙන්න ඇති. මේ පිළිබඳව අපේ පවුලේ අයත් නංගීගේ සැමියාත් කතා බස් කර සජිත් සාගර නැමැත්තාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් දැමීමට තීරණය කර ඔක්තෝබර් 4 වන දින අපේ අම්මාත්, මාමාත්, නංගී සමඟ බිංගිරිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබුණා.
පසුව අම්මා හා මාමා නංගීව වෙලංගොල්ල ගෙදර නවත්වලා අපේ ගෙදර ආවා. ඉන්පසුව අපේ මාමාට දුරකතන ඇමතුමක් දුන් අයෙකු කියා තිබුණා නංගී ගේ ඇතුළේ කාමරයක ගෙල වැළලාගෙන ඉන්නා බව අපි වහාම වෙලංගොල්ලේ ඒ නිවසට ගියා. එහිදී මා දැක්කා නංගී ගෙදර කාමරයක වහලේ රෙදි පටියකින් ගෙල වැළලාගෙන එල්ලී ඉන්නවා.
රෙදි පටිය කපා නංගීගේ සිරුර බිමට ගෙන වාහනයකින් බිංගිරිය රෝහලට රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරියක් නංගීගේ සිරුර පරීක්ෂාකර බලා කීවා. ඇය මියගොස් ඇති බව.
නංගීගේ මරණය ගැන සැකයක් නෑ. නංගී විවාහ වීමට පෙර ඇය සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ සුජිත් නමැත්තා ඒ කාලයේ දී ගන්නා ලද නංගීගේ ඡායාරූප ඔහු විසින් ෆේස්බුක් එකට දමා ඇති බව දැනගන්නට ලැබී සිත් තැවුලට හා ලැජ්ජාවට පත්ව නංගී මෙසේ සිය දිවි නසාගන්නට ඇතැයි මා හිතනවා.
සිද්ධිය පිළිබඳව මියගිය කාන්තාවගේ සැමියා පවසා තිබුණේ මෙවන් දෙයක්...
මගේ විවාහක බිරිඳයි 2015.08.27 වනදින අප දෙන්නා විවාහ වුනා. විවාහවීමට පෙරත් පසුවත් ඇය බිංගිරියේ ඇඟලුම් කම්හලක සේවයට ගියා. මෙයට දින 2 - 3 කට පමණ පෙර, කහවල ප්‍රදේශයේ සුජිත් නමැත්තෙකු මගේ ජංගම දුරකතනයට ඇමතුමක් දෙමින් මා සමග කීවා. මෙයට මාස 6 කට පමණ පෙර දී මා ඔබේ බිරිඳ සමඟ ප්‍රේම සබඳතාවයක් තිබුණා. ඒ කාලයේ දී ගන්නා ලද ඇගේ ඡායාරූප මා ළඟ තියෙනවා. මං ඒ ඡායාරූප ෆේස්බුක් එකට දානවා කියා ඇයට කියන්න කියා.
පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවේ හා ඉදිරිපත් වූ සාක්කිවල සඳහා කරුණු සැළකිල්ලට ගත් හදිසි මරණ පරික්ෂක රූපසිංහ මහතා අනුෂා මධුවන්ති නමැත්තියගේ මරණය ගෙල වැළලා ගැනීමෙන් සිදුකර ගන්නා ලද්දක් බවට නිගමනය කළේය.