Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
උහන හිමිදුරාව කොණ්ඩුවාව වැව් ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක තිබී යුවළකගේ මළ සිරුර හමුවී තිබෙනවා. අද පෙරවරුවේ පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සිරුරු සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම  යුවළ වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළකරනවා. මෙම ස්ථානයේ තිබී වස බෝතල් 2 ක් සොයාගෙන තිබෙනවා.

views1,936 Views
comment

මෙරට තුළ අධිවේගී අන්තර්ජාල සබඳතාවල අනාගතය පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් පැන නැගෙන බවට විවිධ මාධ්‍ය මගින් මේවන විට පල කරන පුවත පිළිබඳ අනිසි බියක් ඇති නොකර ගන්නා ලෙස විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරේන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.

අන්තර්ජාලයේ පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ  කමිටුවක් ව්‍යාප්ත වී තිබු බව අමාත්‍යවරයා කියාසිටියි.

views309 Views
comment

උස්මහත් වූ පසුව දෙමාපියන් තනිකර දමන ඇතැම් ළමුන් පිළිබඳව පසුගිය කාලය පුරා අපට අසන්නට දකින්න ලැබුණා. එලෙස දරුවන් විසින් තනිකර දමා සිටි 88 වියෑති අටදරු මවක්‌ පසුගිය 28 දා සවස වරකාපොල පොලිසිය විසින් සොයාගෙන වරකාපොල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. වරකාපොල පොලිස්‌ වසමේ දොරවක උඩබාගේ පාළු නිවසක සිටි ඇගේ නම උක්‌කුඅම්මා වේ.

පිරිමි දරුවන් 5 දෙනකු සහ ගැහැණු දරුවන් තිදෙනකුගේ මවක්‌ වන ඇගේ එක්‌ අතක ඇති ආබාධයක්‌ හේතුවෙන් මැස්‌සක්‌ වැනි අබලන් වූ ඇඳක්‌ මත ඉතා අපහසුවෙන් වැතිර සිටියදී ඇය සොයාගෙන තිබේ.

views398 Views
comment
englishtrans
සල්ලි ගෙවනකම් කොළඹ ෂෝ තියන්න බෑ

පසුගිය දා කොළඹ පැවති ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ ප්‍රසංගය ශ්‍රී ලංකාවාසීන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වූ අතරම ඒ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අදහස් දැක්වූවා.

මේ වන විට එම සමාගම අසාදු ලේඛනයට (Black List) ඇතුලත් කිරීමට කොළඹ නගර සභාව තීරණය කර තිබෙනවා. ඒ නගර සභාවට අයවීමට නියමිත මිලියන 29ක මුදල නොගෙවීම නිසාවෙනුයි.

views532 Views
comment
englishtrans
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ - දුම්මලදෙනිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද අලූයම 4.30ට පමණ පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු, කාන්තාවන් තුන්දෙනෙකු සහ එහි රියදුරු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

views489 Views
comment
englishtrans
ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මන්ත්‍රීවරයා මෙතෙක් දැරූ බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඔහුට අහිමිවුණා. ඒ, බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය එම අමාත්‍යාංශය තමන් යටතට පවරාගැනීමත් සමඟයි.

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයවැය පරාජයට පත්වීම හේතුවෙනුයි මහ ඇමතිවරයා මෙම තීරණය ගත්තේ. ඒ අනුව ඔහු ඊයේ (29) බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

views397 Views
comment
රටේ සංස්කෘතිය විනාශ කරමින් පැවැත්වූ එන්රිකේ ෂෝ එක ගැන ජනපති ආයෙත් කතා කරයි

පසුගිය දා කොළඹ පැවති ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ ප්‍රසංගය ශ්‍රී ලංකාවාසීන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වූ අතරම ඒ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අදහස් දැක්වූවා. එම ප්‍රකාශය සමාජජාල ඔස්සේ දැඩි කතාබහට ලක්වූ අතරම විදෙස් මාධ්‍යවල පවා ජනපතිතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පුවත් වාර්තා වුණා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා පවසා සිටියේ විජාතික සංස්කෘතීන් වැළඳගෙන මාතෘභූමියේ අභිමානය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි.
views336 Views
comment
 ‘‘මම ඔය වගේ ඒවට කතා කරන්නේ නෑ‘‘ - රාජිත කියයි

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ තවත් ආධාරකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (29) අත්අඩංගුවට ගත්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.  මේ අතර, නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

views757 Views
comment
englishtrans
‘‘අපේ ආගමට පටහැනි නිසා මට දිවුරලා කියන්න බෑ‘‘ - ඇමති රිෂාඩ් පෙන්වාදෙයි

විල්පත්තු ආශ්‍රිතව සිදුවන වන විනාශය සම්බන්ධයෙන් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් හා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතර ඊයේ (28) හිරු ටීවී ‘‘සළකුණ‘‘ වැඩසටහනේදී විශේෂ සංවාදයක් ඇතිවුණා.

එහිදී දෙපාර්ශවයම විවිධ තර්ක ගෙනඑමින් විල්පත්තුව මෙන්ම ඒ අවට ප්‍රදේශ විනාශකරමින්  ජනාවාස ඉදිකිරීම උදෙසා යොදාගෙන තිබීම සම්බන්ධයෙන් උණුසුම් විවාදයක නිරතවුණා.

views2,007 Views
comment
englishtrans
මාළු ටැංකියට අත දැමු වරදට 8 හැවිරිදි දරුවෙකුගේ දෑත් පිළිස්සු නැන්දනියක පිලිබඳ තොරතුරක් හොරණ අගුරුවාතොට ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

 පසුගිය දිනෙක පස්වරුවේ තම නැන්දනියගේ නිවසට ගොස් ඇති මෙම පිරිමි දරුවා ඇයගේ නිවසේ තිබු මාළු ටැංකියට අත දමා මාළු ඇල්ලීමට උත්සහා දරා තිබෙනවා.

views369 Views
comment
englishtrans
නුවරඑළිය රම්බොඩ ප්‍රධාන මාර්ගයේ වෙදමුල්ල ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් ගැබිණි කාන්තාවක් අද දහවල් (27) අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. එක්දරු මවක වන 32 හැවිරිදි  මෙම කාන්තාව නුවරඑළිය සිට රම්බොඩ දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරියක ගැටී ඇති බවයි වාර්තා වන්නේ. ඇයගේ සැමියා වෙළඳසැලක සේවයේ කරන අතර
ඔහුට දිවා ආහාරය රැගෙන එමින් සිටියදීයි ගැබිණි කාන්තාව අනතුරට ලක්ව ඇත්තේ.

සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට සැමියා පැමිණි අතර තමන්ගේ ඇස ගැටුණු දර්ශනය ගැන ඔහුට කරකියාගන්නට නොහැකි වී තිබෙනවා. තමන් බලාපොරොත්තු පොදි බැඳන් සිටි දරුවා හා බිරිඳ පාර මැද ලොරියක ගැටුණු අයුරු දැක ඔහු විලාපදී හඬන්නට වුණා.

views1,252 Views
comment
englishtrans
පසුගිය දා කොළඹ පැවති ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ ප්‍රසංගය ශ්‍රී ලංකාවාසීන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවිය.  මෙම ප්‍රසංගය පැවැත්වූ ආකාරය සම්බන්ධයෙන් සමස්ථ  රට තුළ මෙන්ම  සමාජජාල වෙබ් අඩවි ඔස්සේ තවදුරත්ටත්  විවේචන  එල්ල වෙමින් පවතියි.

එන්රිකේ ඉග්ලේසියස් ලංකාවට ගෙන්වන ලද්දේ  ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු වූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ ලයිව් ඉවන්ට්ස් පුද්ගලික සමාගම මගින්ය.

views830 Views
comment
සංවේදී සැඟවිය යුතු ගැටළුවක් ලෙස පසුගියදා සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට තිරණය කළ ශ්‍රී ලංකා කාන්තාවගේ ගැටළුව හඳුන්වන්න පුළුවන්. මේ අනියම් පෙම ගැන වැඩිපුර කතා කළොත් වැඩිපුර මාධ්‍යයේ ගියොත් ඇයට ගුවන්තොටුපලේදී මාධ්‍යවේදීන් නඟන ගැටළුවලට මුහුණ දී, ගමේ ජිවත්විය නොහැකි  තත්ත්වයක් උදාවනු නොඅනුමානයි.

අනියම් ලිංගික ඇසුරක් පැවැත්වූ බවට එල්ල වූ චෝදනා මත සෞදි අධිකරණයක් මගින් මෙම දඬුවම පැනවුයේ පසුගිය අගෝස්තු මාසයේදීයි.

views939 Views
comment
englishtrans
මෙය සංවිධාන කළේ සංගා මහේල හිමිකාරීත්වය දරණ LiveEvents සමාගමයි

පසුගියදා ලෝකප්‍රසිද්ධ ගායකයෙකු වූ එන්රික් ඉග්ලේසියස් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රසංගයක් පැවැත්වූ අතර එය සංවිධානය කර තිබුණේ  ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු වූ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන හිමිකාරීත්වය දරණ  Live Events  සමාගම විසිනුයි.

මෙම ප්‍රසංගයට පැවැත්වූ ආකාරය සම්බන්ධයෙන් තවමත් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහක් ඇතිව තිබෙන්නේ ඇතැම් අවස්ථාවල ශ්‍රී ලාංකික සංස්කෘතියට නොගැපෙන අංග රැසක්ම එහි ඇතුලත්ව තිබීම නිසාවෙනුයි.

views959 Views
comment
ලබන වසරේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හා ඉදිරි දේශපාලන කටයුතු ඉලක්‌ක කරගෙන ''අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ'' නමින් අලුත් දෙශපාලන පක්‍ෂයක්‌ බිහිකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් සතිඅන්ත පුවත්පත් වාර්තා වල දැක්වෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන මෙම ''අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණට'' ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහින්ද පිල, ජාතික නිදහස්‌ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, වාසුදේව නානායක්‌කාර මහතාගේ සමසමාජ බලවේගය ඇතුළු අනෙකුත් සංවිධාන ගණනාවක්‌ ඇතුළත් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

views630 Views
comment
[1]      «      5169   |   5170   |   5171      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top