උහන හිමිදුරාව කොණ්ඩුවාව වැව් ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක තිබී යුවළකගේ මළ සිරුර හමුවී තිබෙනවා. අද පෙරවරුවේ පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සිරුරු සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මෙම යුවළ වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළකරනවා. මෙම ස්ථානයේ තිබී වස බෝතල් 2 ක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43 ක පිරිමි පුද්ගලයෙකු සහ 30 හැවිරිදි කාන්තාවක බවයි.
මියගොස් සිටි පිරිමි පුද්ගලයා අම්පාර අභයපුර පදිංචිකරුවෙකු වන අතර, කාන්තාව කොළොන්නාව මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.