20-20 ලෝක කුසලානය සඳහා ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් පෙරේරා නම් කර නොතිබීම ගැන බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ කතාබහට ලක්ව තිබුණා.
මේ සම්බන්ධව තේරිම් කමිටු සභාපති උපුල් තරංග දක්වා තිබුණ අදහස් සම්බන්ධව cricinfo වෙබ් අඩවිය සඳහන් කර තිබුණා.
කුසල් පෙරේරා මෑත කාලීනව දක්ෂතා අතර නොමැති වීම මෙම සංචිතයට ඇතුලත් නොකිරීමට ප්‍රධාන හේතුවක් බවටයි සඳහන් කර තිබෙන්නේ.
මීට අමතරව පවර් හිටර්වරුන් සිටින බැවින් භානුක රාජපක්ෂත් සංචිතයේ සිටින වගත් ඔහු මෙම තීරණයට හේතුව ලෙස දක්වා තිබුණා.
“අපි තෝරලා තියෙන ක්‍රීඩකයන් 15 දෙනාගෙන් මම හිතන්නේ පිතිකරුවන් අතින් අවශ්‍ය ශක්තිය අපිට තියෙනවා.
ආරම්භක පිතිකරුවන් තුළ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක, ඊට පස්සේ කමිඳු මෙන්ඩිස්, චරිත් [අසලංක], වනිඳු සහ ඉන්නවා.
දසුන් ශානකත් ඉන්න නිසා අපිට විශ්වාසයක් තියෙනවා ඒ ක්‍රීඩකයන් එක්ක අපිට විශාල තරගයක් ලබා දෙන්න පුළුවන් හැකියාවක් තිබෙනවා "