Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
17
එයා ලඟ ලැජ්ජා නොවී වැඩේ කරන්න මෙන්න මේ දේවල් කරන්න ,

- එයා ලඟ ලැජ්ජා නොවී වැඩේ කරන්න මෙන්න මේ දේවල් කරන්න ,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48 Views

අෂ්ඨාංගායුර්වේයේ(අංග අටකින් යුත්)එක් අංගයක් වෙන් වනු ලබන්නේ වාජීකරන තන්ත්‍රයට වේ.


මෙම වාජීකරන තන්ත්‍රයේ විශේෂයෙන් දක්වා ඇත්තේ අනාගත නිරෝගී පරපුරක් උදෙසා කාන්තා,පුරුෂ පාර්ශ්වය සකස් විය යුතු ආකාරයයි.

කාන්තාවගේ හා පුරුෂයාගේ ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීම,ඒ සදහා පිලිපැදිය යුතු කරුනු,ලබාගතයුතු ඖෂධ ,ආහාර මෙම තන්ත්‍රය මනා ලෙස උපකාරී වේ.

කාන්තව හා පුරුෂයා අතර ගොඩනැගෙන මනා සම්බන්ධතාවය අනාගත නිරෝගී දරු පරපුරක් ලබා ගැනීමට මෙන්ම ඔවුන්ගේ නිරෝගීතාව පවත්වා ගැනීම සදහා උපකාරී වේ.

මෙහිදී කාන්තවගේ ලිංගික ශක්තිය මෙන්ම පුරුෂයකු සතු පුරුෂ ශක්තිය හෙවත් ලිංගික ශක්තිය මුලු ජීවිත කාලය පුරාවට පවත්වා ගැනීම වැදගත් සාධයකි .

මෙමගින් නීරෝගී පරම්පරාවක් බිහි කිරිමට හා පුද්ගල නීරෝගීතාවය මෙන්ම පුද්ගල පෞර්ෂත්වයට ද මනා සේ ඉවහල් වේ.

පිරිමියෙකුගේ පෞර්ෂත්වය විදහා දක්වන එක් අංගයක් ලෙස පුරුෂ ශක්තිය ඉතා වැදගත් වේ.

මෙම පුරුෂ ශක්තිය පවත්වා ගැනීම සදහා සක්‍රිය ශුක්‍රාණු හෙවත් නිරෝගී ශුක්‍රාණු මනා ලෙස දායකත්වයක් ලබා දේ.

ආයුර්වේදානුකූලව සක්‍රිය/නිරෝගී ශුක්‍රාණු සහිත පුද්ගලයා හෙවත් ශුක්‍ර සාර පුරුෂයා ආකර්ෂණීය පෙනුමකින් යුක්ත වන අතර එම නිසාම කාන්තාවන් ඔහුට වැඩි වශයෙන් ආකර්ශනය වේ.

ශුක්‍ර සාර පුද්ගලයාගේ දීප්තිමත් ඇස් හා දීප්තිමත් සමක් සහිත සුදු පැහැති දත් සුදු පැහැති නිය ඇති තවද බහුල කාම ප්‍රජා/දරුවන් වැඩියෙන් ඇති පුරුෂයන් වේ.

පුරුෂ ශක්තිය දුර්වල පිරිමියා හෙවත් ක්ෂීණ ශුක්‍ර සහිත පුද්ගලයාසාරවත් ශුක්‍රාණු නිපදවීම ඉතා අඩුමළානික බවින් යුක්ත ඇස් දුර්වර්න ශරීරය දුර්ව මුඛය වියලි ,සුදු මැලි ඉක්මනින් විඩාවට පත්වන ,අලස ඉක්මනින් රෝග වලට ගොදුරු වන පුරුෂයන් වේ.

පුරුෂ ශක්තිය දුර්වල වීමට බලපාන හේතු.

ව‍ර්තමානයේ පවතින අදික කාර්‍යබහුල ජීවන රටාව නිසා දින චර්‍යාවේ වෙනස්විම්, ආහාර රටවේ වෙනසිවීම් හා රැකියා ස්වභාවය නිසා පුරුෂ ශක්තිය දුර්වල වීමට හේතු වේ.

රැකියාවේ ස්වභාවය
වෘෂණ කෝෂ වලට අදික උශ්ණත්වයක් ඇති කරන ආකරයේ රැකියා වල නිරත වන පුද්ගලයන් ගේ නිසි ලෙස නීරෝගී සක්‍රිය ශුක්‍රාණු නිපදවීම බාධා ඇති වේ .

උදා-බේකරි ආශ්‍රිත රැකියා කරන්නන්
වෑද්දුම් ශිල්පීන් ,
උෂ්ණත්වය අධික යන්ත්‍ර ක්‍රියා කරවන්නන්,

මීට අමතරව ,
විවිධ කිරණ වලට විවෘත රැකියා කරන්නන්
උදා- X-ray කිරණ අශ්‍රිතව රැකියා කරන්නන්

මීට අමතරව,
දීර්ඝ කාලීනව පරිගනක ආශ්‍රිතව රැකියා කරන්නන්,
දවසේ වැඩි කාලයක් ශරීරය හිරවන ආකාරයේ ඇදුම් අඳින රැකියා කරන්නන් .
උදා-කාර්මික ශිල්පීන් ,ආරක්ෂක අංශ වල නිලදාරීන්,
නිරන්තරයෙන් ආසනයන් මත හිදිමින් රැකියා කිරිම නිසා

මත්පැන් පානය

දුමිවැටි බාවිතා කිරීම

මානසික ආතතිය

නිදිවැරීම

,අධික ආම්ලික උෂ්ණ ආහාර නිතර බාවිතය

ව්‍යායාම නොලැබීම

අධික තරබාරුබව

නොයෙකුත් රෝගී තත්වය

උදා-දියවැඩියාව, කොලෙස්ටරෝල් ,අධි රුධිර පීඩනය ,අර්ශස්

ප්‍රජනන පද්ධතිය ඇශ්‍රිත රෝගී තත්ව (වෘෂණ කෝශ ආශ්‍රිත රෝගී තත්ව )

පුරුෂ ශක්තිය වැඩි කර ගැනීමට කලයුතු දෑ

දිනපතා අධික උෂ්ණත්වයට නිරාවරණය වන රැකියාවක නිරත වන්නෙකු නම් රැකියාවෙන් පසු දිනපතා ස්නානය .

පරිගනක ආශ්‍රිතව රැකියා කරන්න පුද්ගලයෙක් නම් රැකියාවෙන් පසුව හැකිතාක් දුරට පරිගනකයෙන් දුරස් වී සිටීම.

නිරන්තරයෙන් ආසන මත හිද රැකියාවක නිරතවන්නෙක් නම් පැයකට වරක් හෝ සුලු වෙලවක් ආසනයෙන් ඉවත් වී සිටීමට වග බලා ගත යුතුය .

හැකිතාක් කලු පැහැති යට ඇදුම් බාවිතය අවම කිරීම හා උෂ්ණත්වය පරාවර්තනය කරන සුදු හෝ ලා පැහැති යට ඇදුම් මෙන්ම අනෙකුත් ඇදුම් බාවිතා කිරීම.

මානසික ආතතිය ඇති කරන දෑ තුලින්හැකිතාක් ඉවත් වීම.

මත්පැන් දුමිවැටි බාවිතයෙන් වැලකීම .

සුව නින්දක් ලබා ගැනීම.අවම වශයෙන් පැය 6ක්

හැකිතාක් සැහැල්ලු ඇදුම් බාවිතය

අධික ආම්ලික අධික උෂ්ණ ආහාර බාවිතයෙන් වැලකීම .

කෘතීම ,ක්ෂනික,ආහාර වලින් වැලකීම.

ගලායන සිසිල්ජලය සහිත දියෙහි ගිලී ස්නානය කිරීම හෝ බැස සිටීම.

පුරුෂ ශක්තිය වඩවන ස්වභාවික ආහාර

වැල් පෙනෙල
වැල්පෙනෙල කැද ලෙස,දලු අමුවෙන් සම්බෝල ලෙස,කොල තෙල් දමා ,කොල ගිතෙලින් බැද යන ආකාර වලින් ආහාරයට ගත හැකිය.මෙමගින් ධාතු වර්ධනය කරයි.ස්නායු දුබලතා වලකයි.රසායන වාජීකරන ශක්තිය වඩවයි.මුත්‍රා කාරකයි.

උක්
උක් සීනි, උක් පැනි,උක් හකුරු ලෙස ආහාරයට ගනී.මේවා මගින් සප්ත ධාතු පෝෂණය කරයි.ශක්තිය නිපදවයි.පිත කෝපකර රෝග නසයි.මානසික රෝග,කැස්ස,ඇදුම,පීනස,හෘද රෝග නසයි.විශේෂයෙන්ම කාන්තා ප්‍රදර රෝග සුව කරයි.පුරුෂ ශක්තිය වඩවයි .
මුරුංගා
මුරුංගා කොල,මල්,කරල් ආහාරයට ගනී.ආහාර ජීරණය හොදින් සිදු කරයි.ප්‍රතිෂක්තීකරණය වර්ධනය කරයි.ලිංගික දුබලතා නසයි.අස්ථි ශක්තිමත් කරයි.ලේ පිරිසිදු කරයි.රුධිර සීනි මට්ටම අඩු කරයි.මුරුංගා වල ඇති සැපොනින් නම්‍ රසායනිකය මගින් ලිංගික ශක්තිය වඩවයි.

හාතවාරිය
හාතවාරිය කොල,අල ආහාරයට ගනී.මෙවා කැද,සම්බෝල ලෙස ආහාරයට හත හැකිය.ලිංගික ශක්තිය වඩවයි.ප්‍රතිෂක්තීකරණය වර්ධනය කරයි.ත්‍රිදෝශ නසයි.ලේ පිරිසිදු කරයි.ශරීර දාහය නසයි.අධික රුධිර වහනය පාලනය කරයි.පුරුෂ ශක්තිය වඩවයි.හාතවාරිය වල පවතින විශේෂිත ශුක්‍ර ජනන,ශුක්‍ර ප්‍රවර්තක,ශුක්‍ර ප්‍රානිකර,ශුක්‍ර ශෝධක යන ගුන මගින් පුරුෂ දෝෂ සියල්ල වලකා පුරුෂ ශක්තිය වර්ධනය කරයි.

දූරියන්
ප්‍රෝටීන අධික පලතුරකි.පුරුෂයන්ගේ ශුක්‍රානු ප්‍රතිශතය වැඩි කරයි.ලිංගික ශක්තිය වඩවයි.රුධිර නාලික ලිහිල්කර ආතතිය දුරලා රුධිර සංසරණය ඉතාමත් හොදින් සිදු කරයි.

රට ඉඳි
අතිශය පෝෂ්‍යදායී පලතුරුකි.ශරීර බලය,ශක්තිය වැඩි කරයි.ධාතු වර්ධනය කරයි.පිත නසයි.මලබද්ධය වලකයි.මුත්‍රා රෝග වලකයි.ශුක්‍ර ධාතු වර්ධනය කරයි.ස්නායු තර්පණය කරයි.හෘද රෝග වලකයි.

දෙළුම්
පලතුරු අතරින් ඉතා විශේෂ පලතුරකි.ප්‍රතිඔක්සිකාරක ගුනයෙන් ඉතා ඉහලය.පිලිකා නාශකයකි.විටමින් A,Cබහුලය.ධාතු පෝෂණය කරයි.

පොල්වතුර
පොටෑසියම් බහුල වේ.සින්ක් ,සෙලිනියම් යන ඛනිජලවන බහුල වේ.මුත්‍ර කාරක වේ.පුරුෂ ශක්තිය වර්ධනය කරයි.

කොමඩු
පුරුෂ දුබලතා නසයි.රුධිර සංසරණය හොඳින් සිදු කරයි.ලිංගික ප්‍රානවත් බව වැඩි කරයි.

වියලි මිදි
බහුලව Mg මැග්නීසියම් ,kපොටෑසියම් ඇත.හෘදය ,අක්මාව,වකුගඩු ,වලට හිතකරයි.
ආතරයිටිස් වලකයි.මලබද්ධය වලකයි.ප්‍රතිෂක්තීකරය වර්ධනය කරයි.ලිංගික ශක්තිය වඩවයි.ශුක්‍රාණු වර්ධනය කරයි.කජු
ප්‍රෝටීන අධිකයි.පෝෂණීය ගුනයෙන් ඉහල වේ.ලිංගික ශක්තිය වඩවයි.

උඳු
උදු යොදා සකසන ලද නොයෙකුත් ආහාර වර්ග,තෝස,උදු වඩේ,පුඩිම් මගින් ලිංගික ශක්තිය වැඩි කරයි.

මීට අමතරව,
මුංඇට
,මුං ඇට තැම්බූ වතුර
,,කුරුලු මස් වර්ග වලින් සකසනලද සුප් වර්ග
,වටු කුරුලු මස්
,එලකිරි
,එලගිතෙල්
,කංකුන්
සුවදැල් කෙසෙල්, වැනි ආහාර.

පුරුෂ ශක්තිය වඩවන විශේෂිත පුඩිම්

අවශ්‍ය ද්‍රව්‍ය -
උදුපිටි මේස හැදි 2
එලකිරි කෝප්ප 1
රට ඉදි 5-6
සුවදැල් කෙසෙල් ගෙඩි 1
කජු මද4-5

මුලින්ම පිරිසිදු කරගත් රට ඉදි ඇට ඉවත් කරන්න.දෙවනුව කජු,රට ඉදි,කෙසෙල් හොඳින් බ්ලෙන්ඩ් කරන්න.නැතිනම් කුඩා කැබලි වලට කපා ගන්න.පිරිසිදු සාස්පානක් ගෙන එයට එලකිරි දමන්න.දැන් උදුපිටි එකතුකර හොදින් මිශ්‍ර කරන්න.ලිප තබා හොදින් උදු පිටි තැම්බෙන තෙක් මිශ්‍ර කරන්න .පසුව කජු, රට ඉදි,කෙසෙල් මිශ්‍රනය එකතු කර ලිපෙන් ඉවත් කරගන්න .නිවුනු පසු ආහාරයට ගන්න.මෙය රාත්‍රී ආහාරයක් ලෙස හෝ උදැසන ආහාරයක් ලෙස ගත හැකිය.සතියකට 2-3වරක් හෝ ගැනීම ඉතා ගුනදායි වේ.

පුරුෂ ශක්තිය වඩවන විශේෂිත කැද

කැකුලු හාල්,හාතවාරිය අල,පොල්කිරි,කජු ,මුද්දරස්පලම්

හාතවාරිය අල පිරිසිදු කර බ්ලෙන්ඩ් කර යුශ ලබා ගන්න.කැකුලු හාල් මිටක් පමන ගෙන සෝදා බ්ලෙන්ඩ් කරගන්න.පොල් බෑයක පමන කිරි ලබා ගන්න.පිරිසිදු භාජනයකට බ්ලෙන්ඩ් කරගත් සහල් දමා වතුර හොඳින් තම්බා ගන්න.දැන් එයට හාතවාරිය යුශ,පොල්කිරි,එකතු කරමින් මිශ්‍ර කරන්න( ,මිනිත්තු 2-3ක් පමන .)එයට කජු මුද්දරප්පලම් එකතු කර ලිපෙන් ඉවත් කරගන්න. .නිවෙන්නට හැර පානය කරන්න.උදෑසන හිස්බඩ ගැනීම ඉතමත් ගුණදායක වේ.සතියට 3-4 වරක් පානය කරන්න.

වැල්පෙනෙල කැඳ

පුරුෂ ශක්තිය වඩවන විශේෂිත පාන

එලකිරි ,උක්පැනි පානය,
එලකිරි කෝප්ප එකක්,උක්පැනි මේස හැදි 1 හොදින් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර පානය කිරීම මගින් පුරුෂ ශක්තිය වර්ධනය වේ.සෙම සහිත නම් ඉගුරු කුඩා කැබැල්ලක් එකතුකර උනු කරන්න.නිවුනු පසු උක්පැනි එකතු කරන්න.

මෙම ආහාර වැඩියෙන් ආහරයට එකතු කර ගැනීම මගින් පුරුෂයින්ගේ පුරුෂ ශක්තිය වර්ධනය කරගත හැකිය.එමගින් පුරුෂයන්ගේ පෞර්ෂත්වය,නිරෝගී බාවය වර්ධනය කරගත හැකි සේම තෘප්තිමත් ලිංගික ජීවිතයකට උපකාරී වේ.එමගින් නිරෝගී පරම්පරාවක් පවත්වා ගත හැකි වේ.

වෛද්‍ය සුභාෂිනී සමරවික්‍රම .
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top