රසම රස අමු අඹ ජෑම් එකක්, මොකද හිතෙන්නේ ඒ නම කිව්වත් කටට කෙළ උනනවා නේද..?
ඉතින් මේ රස රෙසිපිය හමුවුණේ මුහුණු පොතෙන්..
මේ බලන්නකෝ කොහොමද අමු අඹවලින් ජෑම් හදන්නේ කියලා..
- කෑලි කපාගත් අමු අඹ 400 g
- සුදු සීනි 350 g
- දෙහි යුෂ තේ හැදි 3
- කොළ පාට කලරිං බිංදුවක් ( අත්‍යාවශ්‍ය නොවේ )
මෙහෙමයි හදන්නෙ ...
- මුලින්ම අඹ ගෙඩි ටික හොඳින් සෝදා පොඩි කොටු හැඩයට කෑලි කපා ගන්න .( අඹ ඇටය ඉවත් කරගන්න )
- දැන් කෑලි කපා ගත් අඹ ටික බ්ලෙන්ඩර් එකේ ජූස් කප් එකට දමා වතුර කප් 1/4 පමණ දමා බ්ලෙන්ඩ් එක වරින්වර ඕන්, ඕෆ් කරමින් හොඳින් පල්ප් එකක් වෙනකන්ම බ්ලෙන්ඩ් කරගන්න..
- දැන් බ්ලෙන්ඩ් කරගත් අඹ මිශ්‍රණය පෑන් එකකට දමා දෙහි යුෂ , සීනි ටික දමා සාමාන්‍ය ගින්දරේ හොඳින් කලවම් කර තැම්බෙන්නට හරින්න .අවශ්‍ය නම් කලරිං බිංදුවක් එක්කරන්න..
- සීනි ටික දියවී බුබුළු නගින ව්ට, මිශ්‍රණය ඝනකම් වීගෙන එන විට පීරිසියක්ට ජෑම් ටිකක් දමා මැදින් ඇගිල්ලෙන් ඉරක් අදින්න.. ඉර යා නොවේ නම් අපේ ජෑම් මිශ්‍රණයේ උකු පදම හරි..
- ජීවානුහරණය කරගත් ( නටන උණු වතුරේ විනාඩි කිහිපයක් තම්බාගත් බෝතලය සහ පියන ) බෝතලයක් ගෙන රස්නෙන්ම ජෑම් මිශ්‍රණය බෝතලයට දමාගන්න . නිවුනු පසු ශීතකරණයේ පහල කොටසේ තබන්න..
වැදගත් ...
- ජෑම් බෝතලයට තෙත නැති හැන්දක් දමා පාවිච්චි කරන්න..
- කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නොදමන නිසා මතක ඇතුව ශීතකරණයේ පහල කොටසේ තබන්න..