Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
18
මුහුණයි ඇඟයි එකම තුවායෙන් පිසදැම්මොත් වෙන දේ ගැන ඔයාලා දැනගෙන හිටියද ? එහෙනම් මෙන්න කියවන්න

- මුහුණයි ඇඟයි එකම තුවායෙන් පිසදැම්මොත් වෙන දේ ගැන ඔයාලා දැනගෙන හිටියද ? එහෙනම් මෙන්න කියවන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

බොහෝ කාන්තාවන් ලස්සනට වගේම ප්‍රියමනාපව ඉන්න කැමැත්තක් දක්වනවා.


විශේෂයෙන්ම වයසින් මුහුකුරා යන විට, රුවින් අඩුවන විට වයස සඟවා ගනිමින් තරුණ බව ආරක්ෂා කරගන්නට වෙහෙසෙනවා. මේ නිසා තරුණ බව රැකගන්නට ඔවුන් නොකරනා දෙයක් නැති තරම්. වෙළෙඳපොළේ ඇති රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කරමින් කාන්තාවන් තම තරුණ පෙනුම රැකගන්නට උත්සාහ කරනවා. ඔබ දැන හෝ නොදැන ඔබේ සමට හානි වනවා නම් කොතරම් වෙහෙසුණත් තරුණ පෙනුම රැකගැනීම අපහසුයි. මේ නිසා සම රැකගන්න ඔබ කොතරම් වෙහෙසුණත්, වියදම් කළත් වයසට වඩා වියපත් පෙනුමක් ඔබට හිමි වෙනවා.



වේලාව අරගෙන මුහුණ සෝදන්න

ඔබ මුහුණ හෝදන්න කොපමණ වෙලාවක් වැය කරනවද? තත්පර 30ක් හෝ විනාඩියක්? මේ වගේ කාලයක් ගත කරනවා නම් එය වඩාත් සුදුසු වනවා. නමුත් ඔබ මීටත් වඩා අඩු කාලයකින් මුහුණ සෝදනවා නම් එයින් ඔබේ සමට සිදු වන්නේ හානියක්. කාර්යබහුල බව නිසාම බොහෝ කාන්තාවන් ඉක්මනින් මුහුණ සෝදාගන්නට සබන් ටිකක් ගාගෙන වතුර දෙපාරක් තුන් පාරක් මූණට දාගන්නවා. මෙම ක්‍රමයෙන් ඔබේ සම නිවැරදිව පිරිසුදු වෙන්නේ නැහැ. ඔබ මුහුණ සේදීම සඳහා යම් ෆේෂ් වොෂ් වර්ගයක් හෝ ක්ලෙන්සර් වර්ගයක් භාවිත කරනවා නම් එයින් මුහුණට ලැබිය යුතු උපරිම ප්‍රතිඵල ලබා ගන්න එය අවම වශයෙන් තත්පර 20ක්වත් හොඳින් මුහුණේ ආලේප කරමින් සම්බාහනය කළ යුතුයි. ඉන්පසුව එය සෙමෙන් හොඳින් මුහුණින් සෝදා ඉවත් කරගන්න. එසේ නොකිරීමෙන් ඔබේ සම මතුපිට ඇති විසබීජ පමණක් ඉතිරි වී මුහුණේ ගෙඩි සහ කැළැල් ඇති වීමේ හැකියාව පවතී. අවසානයේදී ඔබේ සම වියළි භාවයට පත් වනවා සේම ඉක්මනින් වියපත් භාවයටත් පත් වනවා.

මුහුණ සේදීමෙන් පසු

හොඳින් වියළා ගන්න

බොහෝ කාන්තාවන් මුහුණ සේදීමෙන් අනතුරුව මුහුණ හොඳින් පිසදා වියළා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඉබේම මුහුණ වියළී යෑමට ඉඩ දී බලා සිටීමයි. රස්නය අධික කාලයට මෙය ඔබට සහනයක් ගෙනදෙන කාරණාවක් වුවත් ඇත්තටම මුහුණේ වතුර ඉබේම වියළී යෑමට ඉඩ හැරීම නිසා ඔබේ සම වියළි භාවයට පත් වනවා. මේ නිසා ඔබ මතක තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ මුහුණ සේදීමෙන් අනතුරුව හොඳින් පිසදා වියළාගෙන සුදුසු moisturizer වර්ගයක් ආලේප කරන්න. ඉන් ඔබේ සම වියපත් වීම වළක්වාගත හැකි වනවා.

එකම තුවාය ඇඟට සහ මුහුණට භාවිත කරනවාද?

බොහෝ දෙනෙක් ඇඟට සහ මුහුණට වෙන් වෙන්ව තුවා භාවිත කරන්නේ නැහැ. නමුත් ඇත්තටම අපි මුහුණට සහ ඇඟට වෙන් කළ තුවා භාවිත කළ යුතුයි. එසේ නොකිරීමෙන් ඇඟේ තිබෙන බැක්ටීරියා අපිම අරන් මුහුණේ ගාගන්නවා. බොහෝ වෙලාවට අපි මුහුණ හොඳින් පිරිසුදු කරගත්තත් ඇඟ හොඳින් පිරිසුදු කරගන්නේ දිනකට එක් වතාවක් හෝ දෙවතාවක්. මේ නිසා විවිධ බැක්ටීරියා වර්ගවලට ඔබේ සම නිරාවරණය වී මුහුණේ සම එල්ලා වැටෙන්න වගේම දුර්වර්ණ වීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා හොඳම දේ තමයි ඇඟට සහ මුහුණට වෙන වෙනම තුවා භාවිත කරන එක.

උණුසුමින් වැඩි ජලයෙන්

මුහුණ සෝදන්න

උණුසුම් ජලයෙන් නාන්න, ඇඟ සෝදන්න වගේම මුහුණ හෝදන්නත් බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා. නමුත් පමණ ඉක්මවූ උණුසුම් ජලයෙන් මුහුණ සේදීම එතරම් හොඳ දෙයක් නොවෙයි. මොකද මේ නිසා ඔබේ සම ඉක්මනින් වියළි භාවයට පත්වෙන්න පුළුවන්. ඉන් ඔබේ වයසට වඩා වැඩි පෙනුමක් ඔබේ මුහුණෙන් දිස්වේවි.

Makeup Brush නිතර පිරිසුදු කරන්න.

ඔබ Makeup භාවිත කරන කාන්තාවක් නම් makeup brush කියන්නේ දිනපතා භාවිත කරන දෙයක්. නමුත් බොහෝ කාන්තාවන් සිතන්නේ නැහැ මේවා නිතර පිරිසුදු කර ගැනීම අනිවාර්ය දෙයක් බව. නමුත් අපි makeup brush පිරිසුදු කරගන්නේ නැතිව සතියකට වඩා කාලයක් භාවිත කරනවා නම් අනවශ්‍ය බැක්ටීරියා සහ විසබීජ විශාල ප්‍රමාණයක් makeup සමඟ මුහුණේ ආලේප කරගන්නවා. මේ නිසා ඔබේ මුහුණේ කුරුලෑ ඇති වී මුහුණේ සම ආසාදනය වීම සිදුවනවා. ඔබට මුහුණ ලස්සනට තියාගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් දින තුනකට වතාවක්වත් ඔබේ makeup brush ටික පිරිසුදු කර ගන්න වග බලාගන්න.

නින්දට යෑමට පෙර මුහුණ සෝදන්න.

ඔබ නින්දට යෑමට පෙර මුහුණ සේදීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඔබ නිදන්න ගිය විට ඔබේ සම විසින්ම පිරිසුදු වීමට පටන් ගන්නවා. මේ කාලය තුළ ඔබේ සම කිසිදු ආකාරයක අහිතකර බැක්ටීරියා සහ විසබීජවලින් තොර වීමෙන් ස්වයං ක්‍රියාකාරිත්වය හොඳින් සිදුවීමට හේතු වනවා. ඒ වගේම ඔබේ සම නිරෝගී වීමට මෙය හේතුවක් වනවා. රාත්‍රි නින්දට යෑමට පෙර ඔබේ මුහුණේ විවිධ ආලේපන වර්ග ආලේපනය නොකරනවා නම් වඩාත් යහපත් වනවා.

මෙවන් වැරදි ඔබ අතින් සිදු වනවා නම් ඔබේ ඔබේ මුහුණෙන් වයසට වඩා වැඩි පෙනුමක් පෙනෙනවා ඇති. බොහෝ කාන්තාවන් අතින් මේ වැරැදි එකක්, දෙකක් නැත්නම් සියල්ලක්ම පාහේ සිදු වනවා. මේ නිසා අපි කළ යුත්තේ මේ වැරැදි මඟහරවාගෙන සම ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමයි. තරුණ බව රැකගනිමින් වයස සඟවාගන්නට ඔබත් මේ පුරුදුවලින් දුරස් වී වෙනස වටහා ගන්න.
(මව්බිම)

202,400+ Woman Towel Stock Photos, Pictures & Royalty-Free Images - iStock  | Woman towel hair, Woman towel on head, Woman towel bathroom
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top