මේ කියන්න යන්නේ, අමුතුම විදිහක නෞකා ගමනක් ගැන..
කොටින්ම කිවුවොත්, මේ ගමනේදී ඔයාට නිරුවතින්ම ඉන්න පුළුවන්ලු...
ඉතින්, කතාව මෙහෙමයි..
සහභාගී වන්නන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අද්විතීය නෞකා ගමනක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අද්විතීය නෞකා ගමනට සහභාගී වන්නන් රැගෙන ආ යුත්තේ නාන ඇඳුමක් සහ තුවායක් පමණක් බවත් නෞකාව තුළදී ඔවුන්ට නිර්වස්ත්‍රව සිටිය හැකි බවත් එම ගමන සංවිධානය කරන සමාගම පවසනවා.
මෙම අද්විතීය නෞකා ගමන සඳහා 2300 ක පමණ පිරිසකට සහභාගී විය හැකි බවත් නෞකාවට ඇතුළු වී වටපිටාව පුරුදු වූ වහාම ඔවුන්ට නිර්වස්ත්‍ර විය හැකි බවත් සංවිධානය කරනු ලබන සමාගම වැඩිදුරටත් සදහන් කළා.
මෙම අද්විතීය නෞකා ගමන ලබන වසරේ පෙබරවාරි තුන්වෙනිදා ඇමරිකාවේ මියාමි වෙරළෙන් ආරම්භ වෙනු ඇති බවත් ගමනට සහභාගීවන්නන් දින 11ක කාලයක් කැරබියන් මුහුදේ දූපත්වල සංචාරය කරනු ඇති බවත් සදහන්.
නමුත් නෞකාවේ පිහිනුම් තටාකයට නිර්වස්ත්‍රවත් ඇතුළු විය නොහැකි බවත් එවිට සහභාගිවන්නන් නාන ඇඳුමක් ඇඳ සිටිය යුතු බවත් සංවිධානය කරනු ලබන සමාගම සදහන් කරනවා.
එසේම ඉඳගන්නාවිට තුවායක් දමා ඉඳගත යුතු බවද එම සමාගම සඳහන් කරනවා.
මෙම වික්‍රමාන්විතය වැලන්ටයින් දිනය දා අවසන් වීමට නියමිත බවත් සහභාගිවන එක් අයකු සඳහා අය කරන ගාස්තුව ඇමරිකානු ඩොලර් දෙදහසේ සිට 33155 දක්වා දිව යන බවත් අදාළ සමාගම ප්‍රකාශ කරනවා.
(අන්තර්ජාලය ඇසුරින්..)