Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
30
මහදවල් දෙමටගොඩදී තරුණයෙකු ඉස්සූ හිරුණිකාගේ තවත් ගෝලයින් 2ක් අත්අඩංගුවට - හිරුණිකා ගැන පොලිසිය නීතිපතිගෙන් උපදෙස් ගයි

- මහදවල් දෙමටගොඩදී තරුණයෙකු ඉස්සූ හිරුණිකාගේ තවත් ගෝලයින් 2ක් අත්අඩංගුවට - හිරුණිකා ගැන පොලිසිය නීතිපතිගෙන් උපදෙස් ගයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

 ‘‘මම ඔය වගේ ඒවට කතා කරන්නේ නෑ‘‘ - රාජිත කියයි

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ තවත් ආධාරකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (29) අත්අඩංගුවට ගත්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.  මේ අතර, නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.



දෙමටගොඩ රෙදිපිළි වෙළෙඳ සැළක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු  හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහර ගනු ලබන්නේ පසුගිය සඳුදායි.  මහදවල් සිදුකළ මෙම පැහැර ගැනීම එම වෙළෙ සැළේ ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණා.

අනතුරුව පැහැරගත් පුද්ගලයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කොළොන්නාවේ පිහිටි කාර්යාලයකට රැගෙන ගොස් තිබූ අතර එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට තර්ජනය කළ බව ඔහු පවසනවා.

පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා වැඩිදුරටත් පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයින් තමන්ට පහර දීමක්ද සිදු කළ බවයි.  මේ සිද්ධියට සම්බන්ධ 6 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාස අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කෙරුණා.

නමුත් මෙම සිද්ධියට සෘජුවම චෝදනා එල්ලවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙතෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන නැහැ.  මෙම සිද්ධියට අදාළ බව සැක කෙරෙන දුරකතන අංක කිහිපයක් පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ලබාගත්තා

සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒ සිද්ධිය සිදුවන අවස්ථාවේදී සහ ඊට ආසන්න කාලයන් තුළදී මෙම සැකකරුවන් සමග දුරකතන සබදතා පැවැත්වුවාද කියලා දුරකතන අංක විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව තිරණය කරනවා. පැමිණිලිකරු යම් යම් කරුණු හෙළිකර තිබෙනවා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඔහුට තර්ජනය කළ බවට. මෙතෙක් කරන ලද විමර්ශන ගොනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නීතිපතිට භාරදුන්නා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි නෛතික පියවර කුමක්ද යන්න පිළිබඳ නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනිම  සඳහා. එම උපදෙස් අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගැනීමට කටයුතු කරනවා. -


මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  බාධා එල්ල කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

රාජිත සේනාරත්න - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය

- මම ලංකාවේ හිටියෙත් නැහැ. මම කතා කළෙත් නැහැ. මම දන්නෙත් නැහැ. මම ඊයේ එනකොට තමයි දැක්කේ මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා කියලා. මම කොහොමත් කතා කරන්නේ නැහැ ඔය වගේ දේවල්වලට. මගේ ගමේ පොලිසියටවත් කතා කරන්නේනැහැ. ඔයිට වඩා මට වැඩ කරපු මිනිස්සු ඉන්නවා. මම කතා කරන්නේ නැහැ. ඒ ගොල්ලෝ හිතනවා ඇති හිරුණිකා හින්දා මම කතා කරයි කියලා.

මේ අතර, දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය සහ සිවිල් සංවිධාන මෙලෙස අදහස් පළ කළා.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි - මහලේකම්
            
-හිරුණිකාට එක නීතියකුත් තව කෙනෙකුට තව නීතියෙකුත් ක්‍රියාත්මක වෙන්න බෑ. මහින්ද රාජපක්ෂගේ කාලේ මිනිස්සු පැහැගෙන යනවා. සුදුවෑන් සංස්කෘතියක් ගැන කතා කරලා ඒක එපා කියලා ආපු උන්දලත් ඒකම කරනවානම් ජනාධිපතිතුමා කිව්වා වගේ දණ්ඩ නීති සංග්‍රහයට මඩුවලිගයත්  එකතු කරලා මුන්ට මඩුවලිගෙන් තලන්න ඕන.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි -

-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහජන අනුකම්පාවෙන් බලයට ආවේ. එහෙම ඇවිල්ලා නැවතත් ඒ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලම පිහිට පතනවා. තවමත් මේ අය ලැජ්ජාවට පත් වෙනවා කියලා මම හිතනවා. මොකද මේ අය යහපත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ පොරොන්දු දුන්නේ බොහෝ කාලයකට පෙර නොවන නිසා. ඒ නිසා ඒ අයව මේ කටයුතු සම්බන්ධයෙන්   ලැජ්ජාවට පත් කිරීම අවශ්‍යයි. -

පුබුදු ජයගොඩ - ප්‍රචාරක ලේකම් පෙරටුගාමී පක්ෂය

- හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිවරණයට කලින් වැඩිපුරම කිව්ව වචනය තමයි ප්‍රජාතන්ත්‍රවාදය.  ඊළගට වැඩිපුරම කිව්ව වචනය තමයි නීතියේ ආධිපත්‍යය. ඒ මහත්මිය ඒ කාලේ කිව්වේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට මට බලය දෙන්න කියලා. දැන් මාධ්‍යය ඉස්සරහට ඇවිල්ලා අර සිද්ධියෙන් පස්සේ කියනවා ඒ මාධ්‍ය සාකච්ඡාව හාස්‍යජනකයි. ඒක හාස්‍යජනක ද ඛේදජනක ද කියලා වෙනම හිතන්න වෙනවානේ. එතුමිය මාධ්‍ය සාකච්ඡාවේදී කියන්නේ පවුල් ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් නීතියෙන් සාධාරණය ඉෂ්ඨ වෙන්නේ නැහැ ඒ නිසා මම තීරණය කළා නීතිය අතට අරගෙන ඒ කියන්නේ එයා නීතිය අතට අරගෙන මිනිස්සු අත්අඩංගුවට ගන්නවා මිනිස්සුන්ගෙන් කට උත්තර ලබා ගන්නවා, මිනිස්සුන්ට දඩුවම් දෙනවා නඩු අහලා. නීතියේ ආධිපත්‍යය ගැන කියපු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. ලැජ්ජ නහරේ නෑනේ. -
 
මෙම පැහැර ගැනීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවට දැනට ඇති සාක්ෂි :-

- පැහැර ගැනීම සිදුකළේ ඇයට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බව තහවුරු වීම.
- පැහැර ගන්නා ලද පුද්ගලයා කොළොන්නාවේ පිහිටි ඇයගේ කාර්යාලයකට රැගෙන යාම.
- ඇය විසින් එහිදී අදාළ පුද්ගලයාට තර්ජනය කිරීම.

මෙම පැහැර ගැනීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මෙහෙය වූ බවට තවදුරටත් සාක්ෂි අවශ්‍යද?

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top