ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මන්ත්‍රීවරයා මෙතෙක් දැරූ බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඔහුට අහිමිවුණා. ඒ, බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය එම අමාත්‍යාංශය තමන් යටතට පවරාගැනීමත් සමඟයි.
බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයවැය පරාජයට පත්වීම හේතුවෙනුයි මහ ඇමතිවරයා මෙම තීරණය ගත්තේ. ඒ අනුව ඔහු ඊයේ (29) බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
කෙසේ වෙතත් මාධ්‍ය හමුවක් කැඳවමින් නිශාන්ත වර්ණසිංහ මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට - අභියෝග කළේ හැකිනම් තම අමාත්‍යාංශය පවරාගෙන පෙන්වන ලෙසටයි.
කෙසේ වෙතත් බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ (29) දිවුරුම් දීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සඳහන් කළේ තමන් නිශාන්ත වර්ණසිංහගේ අභියෝගය භාරගෙන ඊට අදාළව කටයුතු කළ බවයි.
මේ අතර, පරාජයට පත්වූ බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඇතුළු සියලූ වැය ශීර්ෂ යළි සම්මත කර ගැනීම සදහා පළාත් සභාව අනිද්දා හදිසියේ කැඳවීමට ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. පළාත් සභාවේ නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමග රාත්‍රී පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව තීරණය වූ බවයි සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සදහන් කළේ.
ඒ අනුව එදිනට සියලූම සන්ධාන මන්ත්‍රීවරුන් සහභාගි විය යුතු බවට ද තීරණය වී තිබෙනවා. බස්නාහිර පළාත් සභාව නිල වශයෙන් යළි රැස්වීමට නියමිතව තිබුණේ ජනවාරි මස 5 වනදායි.