Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
දැවැන්ත ධුමකේතු කිහිපයක් ප්‍රථිවියේ ගැටීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයන් අනතුරු අඟවනවා. එය ප්‍රථිවියේ ගැටුණහොත් ගෝලාකාර විශාල ගිනි පුළිගු ප්‍රථිවි වායුගෝලයට එක්වනු ඇති බවටයි හෙළිකරගෙන ඇත්තේ.

එමගින් මුදාහැරෙන අයිස් සහ දූවිලි හේතුවෙන් ප්‍රථිවිය වසර ගණනාවක් වැසී පවතිනු ඇතැයි විද්‍යාඥයන් හෙළිකරගෙන තිබෙනවා. හිරු එළියද අවහිර වන අතර උෂ්ණත්වය හිම මිදෙන තත්වයට පත්වනු ඇතැයි සඳහන්. කෙසේවෙතත් එය සිදුවන දිනයක් - කාලය හෝ නිශ්චිත අවධානම පිළිබඳ මෙතෙක් නිවැරදිව ප්‍රකාශ කල නොහැකි බවයි වාර්තාවන්නේ.

views516 Views
comment

4ක් මරුට, කඹ දමා ඉතිරි 3 දෙනා බේරාගනී

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල - නෙළුම්දෙනිය ප්‍රදේශයේදී ටිපර් රථයකට වෑන් රථයක් යටවීමෙන් අද (26) සිදුවු අනතුරෙන් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරින් තවත් පස් දෙනෙකු තුවාල ලබා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

අද පස්වරුවේ නුවර සිට කොළඹ බලා පැමිණි ටිපර් රථය මාර්ගයේ නවතා තිබූ වෑන් රථයේ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. අනතුරට මුහුණ පෑවේ කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවද පොලිසිය සඳහන් කළා.

views817 Views
comment

සීතල නත්තල උණුසුම් කළ ‘‘හිරුත් එක්ක නත්තල්‘‘ සුපිරි සාදය ඊයේ (25) අතිසාර්ථකව නිමාවට පත්වුණේ 125කට අධික නළු නිළියන්ගේ සහභාගීත්වයෙන්. එහිදී හොඳම ඇඳුම් විලාසිතාව තේරීමේ තරඟයක්ද පැවැත්වුණු අතර එහි ජයග්‍රාහිකාවන් වූයේ නදීෂා හේමමාලී හා අමායා අධිකාරී වන අතර ඔවුන්ට රුපියල් ලක්ෂය බැගින් මුදල් තෑගිද හිමිවුණා. මෙම සුපිරි සාදයට නළු නිළියන් හැඩවී ආ විලාසිතා එකතුවේ ඡායාරූප පහතින්......

views634 Views
comment
පසුගියදා පුද්ගලයෙකු පැහැගෙන ගොස් පහරදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට දැඩි දෝෂාරෝපණ එල්ලවූ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ඇය තවමත් අත්අඩංගුවට ගෙන නැහැ. මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි කතාබහක් ඇති තිබෙන අතර පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවා.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ අශෝක ධනවංශ මහතා පවසා සිටියේ යහපාලනය නම් වූ කිරි හට්ටියට වැටුණු ගොම බින්දුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බවයි. ඔහු මේ අදහස් දැක්වීම සිදුකළේ ජනහමුවකට සහභාගී වෙමින්.

views752 Views
comment
englishtrans
2004 වසරේ දෙසැම්බර් 26 වනදා කුරිරු සුනාමි රළ පහර ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් 14ක ජීවිත අහිමි කරමින් ගොඩබිමට කඩා වැදුණා. ඉන්දීය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා  මුහුදු පත්ලේ භු කම්පනයක්  මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ අතර ගතවූ පැය කිහිපය තුළ උදම් රළ පහර පැයට කිලෝමීටර් 800ක පමණ වේගයකින් ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩා වැදුණා.

රික්ටර් මාපකයේ ඒකක  9.0 ක භූ කම්පනයක් සමගයි සුනාමි රළ පහර හටගත්තේ.

views1,849 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 102 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views563 Views
comment
සීතල නත්තල උණසුම් කරමින් හිරු TV ඔබවෙත ගෙන ආ ‘‘හිරුත් එක්ක නත්තල්‘‘ සුපිරි සාදය කලා ලෝකයේ ජනප්‍රිය තරු 125ක පමණ සහභාගීත්වයෙන් අතිසාර්ථකව අවසන් වුණා.  ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේදී  පැවැත්වූ මෙම සුවිශේෂි සාදයේදී රැඟුම් ගැයුම් හා සුවිශේෂී මතක සටහන් ගොන්නක් ඔබ හමුවට ගෙන එන්නට කලාලොවේ තරු කටයුතු කළා සේම හොඳම ඇඳුම් විලාසිතාව තේරී තරඟයක්ද එහිදී පැවැත්වුණා. එයින් ජය හිමිවුණේ නදීෂා හේමමාලී හා අමායා අධිකාරීටයි. ඔවුන් ලක්ෂය බැගින් වටිනා මුදල් තෑගි දිනාගනිද්දී ආදරණීය කලාකරුවන්ට නත්තල වෙනුවෙන්ම සුවිශේෂී ත්‍යාග ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුවුනා. "හිරුත් එක්ක නත්තල්" මෙම සුවිශේෂී වැඩසටහනේ සම්පූර්ණ ඡායාරූප එකතුව පහතින් නරඹන්න..

views319 Views
comment
සීතල නත්තල උණුසුම් කරමින් ආදරණීය ප්‍රේක්ෂක ඔබට වින්දනීය අත්දැකීම් රැසක්  ගෙන ආ ‘‘හිරුත් එක්ක නත්තල්‘‘ වැඩසටහනේ හොඳම ඇඳුම් විලාසිතාවට හිමි ත්‍යාගයන් හිමිකර ගැනීමට නදීෂා හේමමාලී හා අමායා අධිකාරී සමත් වුණා.

දැඩි තරඟකාරිත්වයක් තිබූ මෙම විලාසිතා තරඟයේ මුලින්ම  එක් ජයග්‍රාහිකාවක් තේරීමට කටයුතු කර තිබුණත් පසුව ජයග්‍රාහිකාවන් දෙදෙනෙකුට ලක්ෂ 2ක් පිරිනැමීමට කළමනාකාරීත්වය තීරණය කළේ මෙම දැඩි තරඟකාරීත්වය නිසාමයි.
 

views1,046 Views
comment
englishtrans
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා පසුගිය දිනෙක තහනම් උත්තේජක භාවිතා කළ බවට ICC  විසින් නිවේදනය කිරීමත් සමඟින් ඔහුගේ ශරීරයේ අඩංගු වූ බව කියන තහනම් උත්තේජක වල ‘බී’ සාම්පලය පරීක්‍ෂාකිරීමේදී ද අදාළ තහනම් උත්තේජකය එහි අන්තර්ගත ඇති බව ඔප්පුවී ඇතැයි මේ වන විට වාර්තා වෙනවා.

ක්‍රීඩා ඇමති දායාසිරි ජයසේකර සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

views796 Views
comment
englishtrans
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම ආසන්නයේ ඊයේ (24) පෙරවරුවේ දැඩි රථ වාහන තදබදයක් පැවතුණා. ඒ නත්තල් දිනය හේතුවෙන් ගම්බිම් බලා යන ජනතාව වැඩි පිරිසක් අධිවේගී මාර්ගය භාවිත කිරීම හේතුවෙනුයි.

අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු කටයුතු භාර අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා සඳහන් කලේ කිලෝමීටර් 2 ක් පමණ දුරක සිට රථ වාහන තදබදය පැවති බවයි.

views378 Views
comment
2013දී ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කළ නිසා හිරුණිකා අත්අඩංගුවටත් අරන්
සිනිඳු උඩුකය සහිත නොගැළපෙන ඇඳුම් ඇඳන් උසාවි ගියාට තරයේ අවවාදත් කරලා

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා පොලිසියට කළ ප්‍රකාශය අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරන බවයි. මේ සිද්ධියට සම්බන්ධ 6 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබුණත් මෙම සිද්ධියේ සෘජුවම චෝදනාව එල්ලවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙතෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන නැහැ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පුද්ගලයින්ට තර්ජනය කළ පළමු අවස්ථාව මෙය නොවෙයි.

views856 Views
comment
අසිරිමත් නත්තල මිනිස්කමින් අරුත් ගන්වමින් HIRU FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කළ "මෙදා සැරේ අපිටත්" නත්තල් වැඩසටහන අඛන්ඩව සාර්ථක 07වැනි වසරටත් අවසන් වුනේ මව් සෙනෙහස, පිය සෙනෙහස අහිමි වුනු සිය ගණනත් පුංචි දරුවන්ගේ මූණුවලට හිනා රැල්ලක් ගෙන එමින් .
 
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් පරිදි හිරු එෆ්.එම්. ඇතුළු අප සහෝදර නාලිකා වන, ෂා එෆ්.එම්, ගෝල්ඩ් එෆ්.එම්., සන් එෆ්.එම් සහ සූරියන් එෆ්.එම්. වසර ගණනක සිට මෙය සංවිධාන කරන්නේ අඩු පහසුකම් සහිතව ළමා නිවාසවල වෙසෙන දරුවන්ට ඔවුන් කැමැතිම තෑග්ග ලබාදීම සඳහායි. 

views448 Views
comment
englishtrans
ඉස්සර සුදු වෑන් කීවා, දැන් අරන් යන්නේ ඩිෆෙන්ඩර් වලින්,
සිද්ධියට 5ක් අරන් ගියා, එක්කෙනෙක් ගෙනිච්චේ නෑ - මහින්ද
ඩිෆෙන්ඩරේ එයාගේ, ආරක්ෂකයින් එයාගේ, පහරදුන්න කාර්යාලය එයාගේ,
පැහැරගත්ත කෙනා කියනවා තර්ජනය කලා කියලා, අනිත් අය අත්අඩංගුවට ගන්නවා, හැබැයි මන්ත්‍රීතුමියට නීතිය ක්‍රියාත්මක වීමක් නෑ.- උදය ගම්මන්පිල
මේ මැර පාලනයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි - විජිත හේරත්

පසුගියදා මහදවල් තරුණයකු පැහැරගත් ඩිෆෙන්ඩර් රථය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ නම් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂයේ දේශපාලනඥයින් පෙන්වා දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ ඩිෆෙන්ඩර් රථවලින් පුද්ගලයින් පැහැර ගැනීම යහපාලනය නොවන බවයි.

එමෙන්ම හිටපු ජනපති මහින්ද රජපක්ෂද මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. කඳාන ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගීවූ ඔහු අදාල පැහැර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් ඉදිරියේ අදහස් දැක්වූයේ මේ අයුරින්...

views824 Views
comment
නත්තල උදාවන්න තවත් ඉතිරිව ඇත්තේ තවත් දින කීපයක් පමණයි. හැමෝම වසරකට වරක් උදාවෙන මේ සීතල නත්තල වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වෙනවා.

මේ අතරේ හැමෝටම කලින් හිරුත් නත්තල්ට අලුත්ම අත්දැකීම් ගොන්නක් ආදරණීය ප්‍රේක්ෂක ඔබට සමීප කරන්නට තීරණය කළා. ඒ අනුව හැමදාමත් ඔබ අතරට ආව වින්දනීය උදෑසන වැඩසටහන වෙනුවට නවමු ආකාරයේ අත්දැකීමක් එක්ක ‘‘හිරු එක්ක නත්තල්‘‘ වැඩසටහන ඔබ හමුවට ගෙනආවා. මේ වැඩසටහනට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු රැසකගේ දුවාදරුවන් රාශියක්ම සහභාගී වුනා.

views388 Views
comment
මරණ දඬුවම වෙනුවට සිර දඬුවම

සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වූ ශ්‍රී ලාංකික කාන්තාවට අදාළ නඩුව යළි විභාගයට ගැනීමට පසුගියදා තීරණය වී ඇති බවට වාර්තා වුණා.

සෞදි අභියාචනාධිකරණයෙන් ලැබු නියෝගය ප්‍රාදේශීය අධිකරණය දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ මැදිහත් වීම හමුවේ අදාළ නඩුව යළි විවෘත කිරීමට තීරණය වුණු අතර ඒ අනුව ඇයගේ මරණ දඬුවම මේ වන විට ලිහිල් කිරීමට කටයුතු කර තිබෙනවා.
views428 Views
comment
[1]      «      5170   |   5171   |   5172      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top