නත්තල උදාවන්න තවත් ඉතිරිව ඇත්තේ තවත් දින කීපයක් පමණයි. හැමෝම වසරකට වරක් උදාවෙන මේ සීතල නත්තල වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වෙනවා.
මේ අතරේ හැමෝටම කලින් හිරුත් නත්තල්ට අලුත්ම අත්දැකීම් ගොන්නක් ආදරණීය ප්‍රේක්ෂක ඔබට සමීප කරන්නට තීරණය කළා. ඒ අනුව හැමදාමත් ඔබ අතරට ආව වින්දනීය උදෑසන වැඩසටහන වෙනුවට නවමු ආකාරයේ අත්දැකීමක් එක්ක ‘‘හිරු එක්ක නත්තල්‘‘ වැඩසටහන ඔබ හමුවට ගෙනආවා. මේ වැඩසටහනට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු රැසකගේ දුවාදරුවන් රාශියක්ම සහභාගී වුනා.
ඒ අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා, ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත ඇන්තනී, සංගීත් වික්‍රමසිංහගේ පුත් සනුක වික්‍රමසිංහ, නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන, එඩ්වඩ් ජයකොඩිගේ දියණිය සාරන්‍යා ජයකොඩි, රනිල් මල්ලවආරච්චිගේ පුත් පවන් මල්ලවආරච්චි, අතුල - සමිතාගේ දියණිය කාවින්ද්‍යා අධිකාරී, කීර්ති පැස්කුවෙල්ගේ දියණිය චාරුණී පැස්කුවෙල්, සංගීත් විජේසූරියගේ පුත් කෞෂාන් විජේසූරිය හා චන්න පෙරේරාගේ දියණිය වූ මලීෂා පෙරේරා යන තරු දරුවන් සහභාගී වුනා.
දෙමාපියන් මෙන් කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ඇති ඔවුන් එම අවස්ථාවේදී ගීත ගායනා කරමින් මෙන්ම ඔවුන්ගේ ජීවිතයේ රසමසු තැන් එකිනෙකා අතර බෙදා ගනිමින් උදාවෙන සීතල නත්තලට සූදානම් වන අයුරුත් ඔවුන්ගේ රසික රසිකාවියන් අතරට ගෙන ආවා.