‘‘ඇයි මෙහෙම තැඹිලි බෙදන්නේ ඇහුවම එයා මගේ
Girl Friend කියලා‘‘
පහුගිය දවසක ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වුණු ස්ටෙෆනි සිරිවර්ධනගේ උපන්දිනය තිබුුණා. හැබැයි ඒ වෙනකොට එයා ලංකාවේ නම් හිටියේ නෑ, මොකද පකිස්ථාන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩ කටයුත්තකට සහභාගී වෙන්න එයා විදේශගත වෙලා හිටිය නිසා. කොහොම වුනත් එයාගේ උපන්දිනේ වෙනුවෙන් ජනප්‍රිය ගායකයෙක් වුණු දුෂ්‍යන්ත් වීරමන් අපූරූ තෑග්ගක් දුන්නා. ඒ ස්ටෙෆනි කැමතිම බීම වුණු තැඹිලි වගේම එයා ආසම කෑම වුණු බැඳපු මාළු තියෙන බත් පැකට් පාරේ ඉන්නේ අසරණ මිනිස්සුන්ට බෙදලා දීලා.
හැබැයි මේ ගැන රට ඉන්න ස්ටෙෆනි දන්නේ නම් නෑ, ඒ නිසාම දුෂ්‍යන්ත් මේ අපූරු වැඩේ කරන ගමන් ලස්සන වීඩියෝවකුත් කරන්න කටයුතු කරලා තියෙනවා. මේ කරන පින් අතේ වැඩේට ගොඩදෙනෙක් දුෂ්‍යන්ත්ට ස්තූති කළා.