වැල්ලම්පිටියේ ත්‍රිත්ව ඝාතනයට හේතුව පාතාල කල්ලි දෙකක් අතර පවතින අර්බුදයක් බවට අනුමාන කළ හැකි තොරතුරු ලැබී ඇති බවට ආරංචි වනවා. එම ප්‍රදේශයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මූලික විමර්ශණවලදී ඝාතකයන් සහ මියගිය පුද්ගලයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි.
2007 දී ඇති වු ගැටුමකින් මැරුම් කෑ ප්‍රින්ස් කොලම් නොහොත් ප්‍රින්ස්ගේ බැනා කෙනෙකු ඇතුළු සමීපතමයන් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා.
මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, පැහැර ගැනීම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබූ ප්‍රින්ස් කොලම් නමැත්තා පාතාල කල්ලි අතර ඇති වූ ගැටුමකදී 2007 වසරේදී මියගියා. ඊයේ රාත්‍රී 11යි 55ට පමණ වැල්ලම්පිටිය ගෙවල් 20 ප්‍රදේශයේ නිවසක් තුල සිටි තුන්දෙනෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා තිබුණා.
තුවාලකරුවන් බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය අතර ඔවුන් අවුරුදු 19, 24 සහ 49 යන වයස්වල පසුවන්නන්.
සිද්ධියෙන් තමන්ගේ සැමියාට දෑස් ඉදිරිපිට වෙඩි තබන අයුරු දුටු බිරිඳ එය විස්තර කළේ මේ ආකාරයෙන්...
‘‘මගේ මහත්තයාට මං ඉස්සරහම වෙඩි තිබ්බා, දෙන්නෙක් ආවා දොර අරින්න කියලා, ඊට පස්සේ අපේ අම්මා දොර ඇරියා, පස්සේ පොලිසියෙන් කියලා දොරට පයින් ගැහුවා, ඊට පස්සේ එක්කෙනෙක් එළියට ඇවිත් උඩට වෙඩි තිබ්බා, ඒකරලා අපේ තාත්තා අරන් ඇවිත් ඔළුවට එකයි, පපුවට එකයි වෙඩි තිබ්බා, පස්සේ මහත්තයා නිදාගෙන හිටියා, එයාගේ ඔළුවට එකයි බඩට එකයි වෙඩි තිබ්බා‘‘
1992 සිට 2007 දක්වා බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ සිය ආධිපත්‍ය පතුරුවා ගෙන සිටි ප්‍රින්ස් කොටහේන හා ග්‍රෑන්ඩ්පාස් මිනිමැරුම් කිහිපයකට සම්බන්ධ වී සිටි බවත් පිරිසක් අතර ඇති වු ගැටුමකින් ඔහු මරා දැමු බවටත් තොරතුරු වාර්තා වුණා.
ගෝනවල සුනිල්, බද්දේගානේ සංජීව, තෙල්බාලා, කිඹුලාඇලේ ගුණා වැනි අපකීර්තිමත් නම් ලැයිස්‌තුවේ සිටි ප්‍රින්ස් කොලම් තමන් ජීවත් වූ ප්‍රචණ්‌ඩ විලාසිතාවට අනුව ම ප්‍රචණ්‌ඩ ප්‍රහාරයකින් මෙයට වසර කිහිපයකට පෙර මළේය. ඔහු ජීවත් වූයේ කොළඹ මාදම්පිටියේ අති විශාල කුණු කන්ද පාමුල ඉදිකෙරුණු සුවිශාල නිවසක ය. ඒ හරියට අලුතින් යන කෙනකුට නාසය ගැන වෛරයක් ඇතිවෙයි. මන්ද, ඒ තරමටම ඒ පෙදෙස ගන්දස්‌සාර ය. එහෙත් නාසය ඕනෑම ගඳකට හෝ සුවඳකට විනාඩි 03 ක් ඇතුළත හුරු වන බැවින් ප්‍රින්ස් කොලම් ට තම අසල්වැසියන් සමඟ නාසයට වෛර නොකර ජීවත් වීමට හැකි විය. ඔහු මැරුම් කන්නේද ඒ අතර ය. දිනක් රාත්‍රි කාලයේදී ඔහුගේ නිවසට ක්‍ෂණිකව කඩා පනින සන්නද්ධ පිරිසක් ඔහුට වෙඩි තබා පපුව ඇස් වට්‌ටියක් සේ හිල් කර පලා යන්නේ ය. VIDEO