සැලසුම පණපිටින් අරන් ගිහින් අමානුෂික වධ දීමලු..
මධුෂ්ගේ පාතාල කල්ලියේ දෙන්නෙකුත් බැහැලා...
උතුරු කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර රණාලේ සමයංඇතුළු පස්‌දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන "බත්තරමුල්ලේ බන්ටි" නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (22 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකු වන අතර අංගොඩ ලොක්‌කාගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේද මොහු බව හෙළි වී තිබෙනවා.
මෙම සැකකරු මෙම මස 28 දා දක්‌වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා කොළඹ අපරාධ කොට්‌ඨාසය ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලූ කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය සැකකරු මෙම මස 28 දක්‌වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ (22) නියොගයක් නිකුත් කර තිබුණා.