සාරංග සහ උමාලි ගැන හැමතැනම වගේ විවිධ කතා පැතිරෙනවා.
හැමෝම වගේ ආදරේ කරපු ආදරණීය යුවළක් විදිහටයි සාරංග සහ උමාලිව හැදින්නුවේ.
නමුත් මේ දෙන්නගේ ආදරේ අතරට ධනුක දිල්ෂාන් ආව නිසා හැමදේම වුණා කියලත් හුඟක් අය කියලා තිබුණා.
මේ ගැන සාරංගනම් කියලා තිබුණේ පවුලක් වුණාම ප්‍රශ්න එන එක සාමාන්‍ය දෙයක් කියලයි.
ධනුක උමාලිට දීලා තිබුණු ලේනෙක් නිසා මේ සිද්ධිය තවත් උණුසුම් වෙලා තිබුණා.
ඒ ලේනගේ කතාව ඇත්තක් කියලා කියන්න පුළුවන් ඡායාරූප කිහිපයක් මේ දවස්වල සමාජජාල වෙබ් අඩවි හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
මේ ෆොටෝස්වල ඉන්නේ ධනුක සහ උමාලි.
උමාලිත්, ධනුකත් එකට නොහිටියත් දෙන්නගෙම අතේ ඉන්න ලේනගේ ඡායාරූප Instagram ගිණුමට එක්කරලා තිබුණා.
මේ ෆොටෝස්වල ලේනගේ සුරතල් නම විදිහට Dinky කියලත් දනුක දාලා තිබුණා.
ඒ විදිහටම උමාලිත් ලේනව අතින් අරගෙන Dinky කියලා නමත් දාලා Instagram ගිණුමට දාලා තියෙනවා.
කොහොම වුණත් මේ දෙන්නම දාලා තිබුණු මේ ෆොටෝස්වල ඉන්න ලේනා එක්කෙනෙක් කියලයි හුඟක් අය කියන්නේ.
ඉතිං මේ Dinky උමාලි දනුකට දුන්නද එහෙමත් නැත්නම් ධනුක උමාලිට දුන්නද කියන එකනම් දන්නේ ඒ දෙන්නම විතරයි.