භාර්යාවන් කිහිප දෙනෙකු තබාගෙන සිටින ධනවත් පුරුෂයින් මැද පෙරදිග රටවල්වල ඉතා සුලභ යි.
එම පිළිවෙත සහ හෘදයාබාධ අතර සම්බන්ධතාවක් ඇත්දැයි පර්යේෂණයක් සවුදි අරාබියාවේ රෝහලක් මගින් සිදු කොට තිබෙනවා.
එහිදී භාර්යාවන් එක් අයෙකුට වැඩියෙන් සිටීම සැමියාගේ හදවතට කෙලෙස බලපාන්නේ ද යන්න පිළිබඳව මෙහි දී විද්‍යාත්මකව විමසා බලා තිබෙනවා.
එයින් අනාවරණය වී ඇත්තේ කිසිවෙකු නොසිතූ ප්‍රතිඵලයක්.
එක් බිරිඳක් සිටින පිරිමියෙකුට සාපේක්ෂව බලන විට එක් බිරිඳකට වඩා වැඩියෙන් සිටින පිරිමින් හට හදවත් රෝග වැළඳීමේ අවදානම දෙගුණයකින් හෝ ඊට වඩා වැඩි අගයකින් ඉහළ යන බව යි අදාළ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ.
මෙම පර්යේෂණය සඳහා විවාහක පුරුෂයින් 687ක් යොදාගෙන තිබෙනවා.