මේ කතා දෙකේම අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණදීලා තියෙන්නේ වයස අවුරුදු 15ක තරුණ ගැහැනු ළමයි දෙන්නෙක්..
28 හැවිරිදි එක් පුද්ගලයෙක් 15 හැවිරිදි දැරියක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර දැරියගේ මව විසින් ඊට විරෝධය දක්වා තිබුණා..
ඒ හෙයින් 2023 ජූනි මාසයේදී මෙම දැරියව අපහරණය කර ඇති බවටයි වාර්තා වෙන්නේ.. කොහොම වුණත් මේ සිද්ධියට සම්බන්ධ සැකකරු, ඉකුත් 20 වෙනි දින සැකකරු දැරිය සමග ඇයගේ නිවසට පැමිණ සිටියදී මව විසින් කරන ලද පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා..
23 හැවිරිදි අනෙක් සැකකරු එම ප්‍රදේශයේම 15 හැවිරිදි දැරියක අපයෝජයට ලක්කර තිබෙන බව එම දැරියගේ මව විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා..
ඒ අකුරැස්ස පොලීසියේ මැදිහත්වීමෙනුයි.. මෙම සැකකරුවන් දෙදෙනා මොරවක සහ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි..