2024.02.20 වන දින දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී බස්රථ වල කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව බස්රථ වල ගැටකපන්නන් ඇතුළු සැකපිට පුද්ගලයින් 22 දෙනෙකු සමගින් මුළු සැකකරුවන් 23 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මුලස්ථානය සදහන් කරන්නේ.
පොදු ප්රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් දිවයින පුරා තවදුරටත් මෙම විශේෂ මෙහෙයුම ක්රියාත්මක කරනු ලබනවා.