විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලි බිල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවේදී සිදු කළා.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.
හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා සදහන් කළා.
ඒ අනුව ගෘහස්ථ හා ආගමික ස්ථාන සඳහා පැවති 18%ක විදුලිබිල හා කර්මාන්ත සහ හෝටල් සඳහා පැවති 12% විදුලි බිල පහළ දමන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා පවතින 24%ක විදුලි බිලද පහළ දමන බවයි සඳහන් වන්නේ.