එම සංවාදය පහතින්..
ඉතින් ශ්‍යාමි දැන් පදිංචිය ඕස්ට්‍රේලියාවේද?
ඔව්... දැන් අවුරුදු හතක් වෙනවානේ ඕස්ට්‍රේලියාවට ඇවිත්. මට දැන් දරුවො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට අවුරුදු 9 යි. අනෙක් එක්කෙනාට අවුරුදු 4 යි.
ශ්‍යාමි දැන් ගීත ගායනයෙන් ඈත් වෙලා ඉන්නෙ අම්මාගේ සිංදු කියන්න එපා කියලා තියෙන නිසාද..?
ඒක වැරැදි වැටහීමක්. අම්මා මට තියා කිසිම කෙනෙක්ට ගීත කියන්න එපා කියලා නෑ. ඒත් කාලෙකට කලින් එහෙම ලොකු හාවක් හූවක් ගියා. මාධ්‍යවලත් ඒ බව පළවුණා? ඕක පරණ කුණු වළක්. ඔය සිද්ධි වෙනකොට මමත් හුඟක් පුංචියි. වුණේ මොකක්ද වෙන්නේ මොකක්ද කියලා හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් වයසක නෙවෙයි මම හිටියේ. ඇත්තටම මම ඔය ගැන කතා කරන්නවත් කැමැති නෑ. ඒත් තවදුරටත් නිහඬව හිටියොත් අම්මා අපහසුතාවට පත්වෙනවා. දැන් නංගිලාත් ඒ අපහසුතාවම විඳිනවා. ඒක නම් මට තවදුරටත් දරාගන්න බෑ...
අම්මා, නංගිලා එක්ක ශ්‍යාමිගේ දැන් සම්බන්ධතා තියෙනවාද?
ඇයි නැත්තේ... දැන් නෙවෙයි කවදත් ඒ සම්බන්ධතා තිබුණා... අම්මෙකුයි දුවෙකුයි අතර තියෙන බැඳීම අම්මයි, මමයි අතර තියෙනවා. නංගිලාත් එක්කත් ඒ බැඳීම එහෙමමයි. ඒ ගැන නොදන්න අය තමයි සමාජ වෙබ් අඩවිවල විවිධ තැන්වල විවිධ කතා කියන්නේ...
පුංචි කාලේ ඔයා හිටියේ අම්මා ළඟ නෙවෙයි?
මම හිටියේ තාත්ති ළඟ. ඒත් මල්ලි ඉතාලියට යනකල්ම අම්මිලාත් එක්ක මත්තේගොඩ ගෙදර හිටියේ.
මල්ලිට නම් රූකාන්ත බාප්පා සංගීත කටයුතුවලට උදවු කරනවලු?
ඔව්... මල්ලි ඉතාලියට ගියාට පස්සෙත් අන්කල් උදවු කළා... තාමත් කරනවා.
ශ්‍යාමිටත් ඒ සැලකිල්ල එහෙම්මම ලැබෙනවාද?
ඔව්.. අන්කල් මට බනිනවා සින්දුවක් කරන්නේ නැහැ කියලා. අම්මිටයි, අන්කල්ටයි නංගිලාට තමයි මටත් වඩා ඕනෑකම තියෙන්නේ මගේ සින්දුවක් කරන්න. මම එන්න කලින්ම අන්කල් ස්ටුඩියෝ එකක් බුක් කරන්නත් හදනවා. ඒ කියන්නේ ශ්‍යාමි ලංකාවට ළඟදීම එනවා? ඇවිත් යන්න එනවා.. ඒ ආවාහම සින්දුවක් කරන්නත් ඕනෑ...
එන දවස් තීරණය කරලා ඉවරද?
නංගිගේ වෙඩින් එකටම එන්නයි හිතාගෙන ඉන්නේ.
රයිනිගේ විවාහ මංගල්‍යයටත් බාලගිරි දෝසේ නේද..?
ඒකනේ... කොහොමත් මේ අවුරුද්දේ ගන්නවා. ඒ නිසා මටත් එන්න පුළුවන්.
අක්කලා නංගිලා එක්ක ලොකු හිතවත්කමක් තියෙනවා වගේ.?
ඔව්.. පුංචි කාලේ ඉඳන් අපි එහෙමයි. ලොකු අයට ප්‍රශ්න තිබුණට අපිට ප්‍රශ්න තිබුණේ නෑ. වින්ඩි මට වඩා හුඟක් බාලයි. රයිනි තමයි හුඟක් කිට්ටු. හැමදේම කියාගන්නේ ෂෙයා කරගන්නේ අපි දෙන්නා. එයා හොඳම හොඳ නංගියෙක්. ඇමෙරිකාවෙ හැදුණ ළමයිද කියලා කියන්නවත් බෑ. නංගිලා දෙන්නගේ ගතිගුණ ඒ තරමට හොඳයි.
අම්මා ඔයාව බලන්න එනවද?
අම්ම විතරක් නෙවෙයි හැමෝම එනවා. ඕස්ට්‍රේලියාවෙ ප්‍රසංගයකට ආවත් නතර වෙන්නේ අපේ ගෙදර.
එතකොට දැන් ශ්‍යාමිගේ තාත්තා කොහෙද ඉන්නේ?
තාත්ති මල්ලි එක්ක මේ දවස්වල ඉන්නේ ඉතාලියේ.
තාත්තා ශ්‍යාමි එක්ක තරහද?
අනේ නෑ... අපි කවුරුත් තරහා නෑ... දරුවන්ට මවුපියො එක්කවත්,මවුපියන්ට දරුවො එක්කවත් තරහා වෙන්න බෑනේ.
ශ්‍යාමිට රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?