විශේෂයෙන්ම ටික්ටොක් මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය නර්මදා ඇගේ පෙම්වත් කතාවේ ලස්සනම තැන් විටින් විට සමාජ මාධ්‍ය තුළට එකතු කරනවා.
මේ තියෙන්නෙ ඇය පසුගිය දවසක මුහුණු පොතේ ලියූ ආදරණීය සටහනක්.
ඡායාරූප කිහිපයකුත් ඔබට පහළින් බලන්න පුළුවන්..
මං හරි ආසයි යමක් පැරදුන මනුස්සයෙක් ඒක කිහිපවාරයක් හරි උත්සාහ කරලා ජයග්‍රහණය කරනවා බලන්න.
මොකද මං හරි ආසයි දුක් විඳපු , කටු කාපු, මහන්සි උන, පැරදුන , වේදනාවට ලක්වෙවී ජීවිතේ ඇදන් ගියත් , පරාජය බාර නොගත්ත ඒ ධෛර්යවන්ත මිනිස්සුන්ට හරියනවට.
මං හරි ආසයි එහෙම මිනිස්සු පොඩි හරි දෙයක් ලබාගෙන සතුටු වෙනවා බලන්න !
සීයට දාහක් ශුවර් කිසිම දවසක මට සතුටින් ඉන්න මනුස්සයෙක් දැකලා ඉරිසියාවක් නම් ඇතිවෙන්නේ නෑ ! මොකද මට ඒ කා එක්කවත් තරඟයක් නෑ ... මට ඕන මිනිස්සු හැමෝම දිනන්න..
මට ඕන හැමෝටම ආදරෙන් සතුටින් ඉන්න !