Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
31
ගෙවී යන 2015 වසරේ අන්තර්ජාලය කැළඹූ අමතක නොවන මතකයන් එකතුව - Hiru Gossip Rewind 2015

- ගෙවී යන 2015 වසරේ අන්තර්ජාලය කැළඹූ අමතක නොවන මතකයන් එකතුව - Hiru Gossip Rewind 2015Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

2015 වසරට සමුදෙන්නට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. ගෙවී ගිය වර්ෂයේ ලොව නන්දෙසින් මෙන්ම අප රට තුළින් වාර්තා වූ කලා ලෝකයේ තොරතුරු,  දේශපාලනමය තොරතුරු, ත්‍රාසය, කුතුහලය පිරි පුවත් මෙන්ම සමාජයට පණිවුඩයක් ගෙන ආ පුවත් වල සාරාංශයක් පසුගිය වසරේ මෙන්ම 2015 වසරේදී ගෙන ඒමට හිරු ගොසිප් අප සූදානම්.

2015 වසර ආරම්භ වූයේ අප රටතුළ නොසිතූ මොහොතක දේශපාලනමය පෙරළියක් ඇතිකරමිනුයි. ඒ වසර ගණනක් ජනාධිපතිධූරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්කරමින් ඔහුගේම පක්ෂයේ සාමාජිකයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිධූරයට පත්වීමත් සමඟයි.



එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ රැසක එකතුවකින් ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරගත් අතර මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් සංධානයේ ප්‍රභලයින් රැසක් මහින්ද රාජපක්ෂගෙන් වෙන්වී යාමද විශේෂත්වයකි.

ජනධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් නික්මුණු අතර ඔහුගේ සහයකයින් රැසක්ද රට අතහැර යෑම බොහෝ දෙනාගේ විමතියට හේතුවිය. මේ සියල්ල අතර පසුගිය රජයෙන් සිදුවූ බවට පැවසුණු වංචා දූෂණ පිළිබඳව සොයාබැලීමද ආරම්භ විය. ඒ අතර ආණ්ඩු මාරකළ ආහාරය ලෙස ‘‘ආප්ප‘‘ කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නට විය.

මහින්ද නැවතත් ජනපති වන බව කියූ ‍ජ්‍යේතීර්වේදීන් වැරැද්දට හේතුකියා අනෙක් අතබලාගන්නට විය. ‘‘මෛත්‍රී පාලනයක්, දින 100න් අලුත් රටක්‘‘ සංකල්පය කරළියට පැමිණියේය.

මේ සියල්ල අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්‍රී ලංකාවට සැපත්විය. ඔය අතර රටේ විවිධ තැන්වලින් රාජපක්ෂ පවුලේ බවට පැවසුණු ගුවන්යානා, සුපිරි මෝටර් රථද මතුවන්නට විය.

ශ්‍රී ලාංකීය සිනමාවට එක්වූ නවතම චිත්‍රපටය ලෙසින් ‘‘මහරජ ගැමුණු‘‘ කරළියට එන්නේද මේ කාලයේදීය. එමෙන්ම සාමාන්‍ය ජනතාවට පැමිණීම තහනම් කර තිබූ අරලියගහ මන්දිරයද දේශපාලන පෙරළිය සමඟින් මන්ත්‍රීවරුන්ට මෙන්ම සාමාන්‍ය ජනයාට විවෘත වන්නට විය.

ඔය අතර ඇවන්ගාඩ් නම් ආයුධ පිරවූ නෞකාවක් ගාලු වරායෙන් මතුවිය. ඒ පිළිබඳව විමර්ශන සිදුකරද්දී මහින්ද රාජපක්ෂගේ පිලේ සිටි මර්වින් සිල්වා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරන්නට විය. ඒ ලසන්ත වික්‍රමතුංග, භාරත ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ ඝාතනයන්ට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ බවයි. ලැව් ගින්නක් සේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රටතුල කතාවෙද්දී ජෙනරල් සරත් ෆොන්සේකාට එල්ල වී තිබූ සියළු චෝදනා වලින් ඔහුව නිදොස්කොට නිදහස් විය.

මේ අතර පසුගිය වසරේ මෙන් රටතුල විවිධ චරිත රැසක් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධිය පත්විය. ඒ අතර තිස්ස අත්තනායකගේ දියණිය දුල්මිණි අත්තනායක ප්‍රමුඛ ස්ථානයක් ගත්තාය. ඇය පිළිබඳව මෙම කතාබහ ඇතිවුනේ සිය පියා බැලීමට බන්ධනාගාර රෝහලට පැමිණ සිටි අවස්ථාවක මාධ්‍යට අදහස් දැක්වීමත් සමගිනුයි.

ඒත් සමඟම කරළියට ආ තවත් අයෙක් වන්නේ වසීම් තාජුඩීන් වේ. රිය අනතුරකින් මියගිය බවට පැවසුනත් ඔහු මියගියේ ඝාතනයක් නිසා බවත් පසුව අනාවරණය වන්නට විය.  ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුණු අතර අධිකරණය මඟින් ඔහුගේ සිරුර නැවතගොඩගැනීමටද අවසර ලබා දී තිබුණි.

මේ අතර 2015 වසරේ රටම කතාවූ තවත් සිදුවීමක් වූයේ ලෝකාන්තය නැරඹීමට ගොස් ප්‍රපාතයට ඇදවැටුණු විදෙස් ජාතිකයෙකු බේරාගත් රණවිරුවන් කණ්ඩායමක් සම්බන්ධයෙනුයි. එය එසේ සිදුවෙද්දී ‘‘තම බිරිඳගේම මිනිය කපද්දී මීනී කපන නිමලදාසගේ සංවේදී සටහන‘‘ මැයෙන් #HiruGossipTrending යටතේ අප ඔබ වෙත ගෙන ආ සටහන අන්තර්ජාලයේ කා අතරත් හුවමාරු වන්නට විය.

මේ අතර ලොවටම පිළිලයක් ව තිබූ ISIS ත්‍රස්තයින්ගේ ක්‍රියාකාරකම් ඉතාමත් ඉහළ වර්ෂයක් ලෙසින් 2015 වසර හඳුන්වන්නට පුළුවන්. එයට හේතු වූයේ ගොඩබිමින් පමණක් නොව අහසේ පියාසර කරන ගුවන් යානාවලට පවා මෙම ත්‍රස්තයින් ප්‍රහාර එල්ල කිරීම නිසාවෙනුයි. වරක් රුසියානු යානයකට ප්‍රහාරයක් එල්ලකර විශාල පිරිසක් ඝාතනය කිරීම නිසාවෙන් රුසියන් ජනපති පුටින් ISIS ත්‍රස්තයින්ට එරෙහිව යුද්ධයක් ප්‍රකාශයට පත්කළේ ඔවුන් විනාශකර නොනවතින බවට පවසමිනුයි.

එමෙන්ම හිරු ටීවී සාඩම්බරයෙන් ඉදිරිපත් කළ ඉන්දීය ගීත කෝකිලාවිය ශ්‍රෙයා ගෝෂාල්ගේ සජීවී ප්‍රසංගයද දැවැන්ත ජනගඟකින් 2015 වසරේදී වර්ණවත් වූයේ කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගනයේදීයි. මේ අතර ශ්‍රී ලංකා පිලේ කැපී පෙනෙන ක්‍රීඩකයින් දෙදෙනෙකු වූ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනද එක්දින පිටියෙන් සමුගැනීම මෙම වර්ෂයේදී සිදුවුණා. ඒ අතර පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී නැවත වරක් ලෝක ශූරයින් වීමට ඕස්ට්‍රේලියානු පිල සමත්වීමද විශේෂත්වයක්..

මේ අතර ජනපති ලෙසින් තේරීපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා තවත් අයෙකුගේ පොරෝ පහරකින් මියයාමේ සිද්ධිය රටපුරා කා අතරත් කතාබහට ලක්වන්නට විය.

එය එසේ සිදුවෙද්දී රටපුරා ප්‍රසිද්ධ චරිත රැසක් යුගදිවියට එළැඹිණි. ඒ අතර ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්, ජනප්‍රිය නිලි ලෝචනා ඉමාෂී, ඉෂාරා සඳමිනී, නටාෂා පෙරේරා හා ප්‍රිහාන්, පියුමි බොතේජු, අරුණි රාජපක්ෂ, ප්‍රදීප් රංගන, ඒ අතර ප්‍රධානයි.

එමෙන්ම ජනාධිපතිවරණයේ පරාජයත් සමඟින් විදෙස්ගතවූ බැසිල් රාජපක්ෂ යලි දිවයිනට පැමිණි අතර පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
රටතුළ සිදුවූ අමානුෂික ඝාතනයන් මෙන්ම තරුණියන් දූෂණය කිරීම් 2015 වසරේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන්නට වුණේ මහත් ආන්දෝලනයක් ඇතිකරමින්. ඒ අතර යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය කිරීම පිළිබඳව පුවත් මැවෙද්දී කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමද රට තුළ කතාබහක් ඇති කළේ මෙවන් අපරාධකරුවන්ට මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කළ යුතු බවට උද්ඝෝෂණද ක්‍රියාත්මක වෙමිනුයි.

සෙයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයා මෙන්ම 17 හැවිරිදි පාසැල් සිසුවා සම්බන්ධයෙන් පොලිසියට ක්‍රියාකළ ආකාරයේ සමාජයේ දැඩි දෝෂදර්ශණයට ලක්වූයේ ඔවුන් මෙම ඝාතනයට සම්බන්ද නොවන බව හෙළිවීමත් සමඟිනුයි. කෙසේ නමුත් පසුව මෙම ඝාතනයේ වගකීම කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත් භාරගනු ලැබූ අතර ඒ අනුව ඔහු රටක් කතාකළ මෙම අමානුෂික ඝාතනය සිදුකළ බවට ඔප්පු වුණා.

තවද කලාලෝකයේ ප්‍රවීනයින් කිහපදෙනෙකු මේ වසරේ අපට අහිමි වුණා. ඒ අතර ටෝනි රණසිංහ මෙන්ම සුනිල් හෙට්ටිආරංච්චිද වන අතර රටම කම්පාකළ සෝභිත හිමියන්ගේ නික්මයාමෙන් හිස් වූ තැන මෙතෙක් පුරවන්නට කිසිවෙකු සමත්ව නෑ.

ත්තල ප්‍රදේශයේදී තරුණයෙකු විසින් තරුණියක් ඝාතනය කර ඔහුද ගෙල කපාගත් අමානුෂික සිදුවීමක CCTV දර්ශන අන්තර්ජාලයට එක්වන්නේද මේ වසරේදීයි. එමෙන්ම මහමැතිවරණයට පාර්ලිමේන්තුවද විසිරුවා හැරි ඇතර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළේ පක්ෂ රැසක සමාජිකයින් එක්ව සදාගත් එක්සත් ජාතික පෙරමුණයි.

විවිධ සිදුවීම් නිසාවෙන් අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධිය පත් චරිත රැසක්ද මේ වසරේ ඔබට මුණගැසෙන්නට ඇත. ඒ අතර පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු BMW අක්කා, ෆයිල් අක්කා, මෙන්ම සංගීතමය හැකියාවකින් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණු ඕෂානි සංදීපාද ප්‍රමුඛස්ථානයක් ගනී. ඇයගේ මුල්ම ගීතය හිරු ගොසිප් ඔස්සේ ඔබවෙත ගෙන එන්නට අපි කටයුතු කළෙමු.

එමෙන්ම කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුමේ බෑගයක් තුළ කාන්තාවකගේ මළ සිරුරක් හමුවීම සම්බන්දයෙන්ද රටපුරා කතාබහක් ඇතිවූ අතර පසුව සිද්ධියට අදාල CCTV දර්ශන හමුවීමත් සමඟින් ඝාතනයට සම්බන්ධ සැකකරු පොලිසියට විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථයකින් ගොස් අනතුරට ලක්ව 6 දෙනෙකු මියයාම සම්බන්දයෙන්ද CCTV දර්ශන සමඟින් පුවත් වාර්තා වුණු අතර මේ සිද්ධිය සම්බන්දයෙන් පසුව බස්රථ රියදුරෙකුද අත්අඩංගුවට ගත් බවට පැවසුණා.

මේ අතර හිරු ගොසිප් තුළින් ඔබට සුවිශේෂි හැකියාවන් රැසක් පිළිබඳව 2015 වසරේදී තොරතුරු ගෙන එන්නට වුණා. ඒ අතර නැඳුම්ගමුවේ රාජාට යළි පණදුන් පුවත මෙන්ම ලාංකාවේ ප්‍රසිද්ධ ගායකයින් රැසකගේ කටහඬවල් ඒ අයුරින්ම ගායනා කරන තරුණයාගේ වීඩියෝවට ප්‍රතිචාර රැසක් හිමිවුණා.

එමෙන්ම ෆේස්බුක් වෙබ් අඩවියේ එහා මෙහා හුවමාරු වුණු වීඩියෝ කිහිපයක්ම පසුව මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන්නට වූයේ ඇතැම් වීඩියෝවල ඇති සිද්ධීන් පිළිබඳව දැඩි ලෙස දෝෂදර්ශන එල්ලවීම නිසාවෙනුයි.

ඒ අයුරින් චාමරගේ වීඩියෝව අන්තර්ජාලය පුරා හුවමාරු වෙද්දී පසුව වාර්තා වුණේ එය මීට වසරකට පමණ පෙර වූ සිද්ධියක් බවත් වීඩියෝව සිටින යුවල විවාහ වන්නට සූදානමින්ද සිටින බවයි. එමෙන්ම සුජීගේ වීඩියෝව නමින් තවත් ලාංකික කාන්තාවකගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණු අතර එය වටා විවිධ හාස්‍යජනක කතා මැවෙන්නට වුනත් ඇය විදෙස් රටක තනිව ජීවත් වී නොවිදිනා දුක් විඳීම සම්බන්දයෙන් කතා කරන්නට ඉදිරිපත් වුනේ සුළු පිරිසක් පමණි.

මේ අතර ලේ කිරි කර පෙවූ දෙමාපියන්ට සත්වයින්ට මෙන් සළකන ඇතැම් දරුවන් පිළිබඳවද රට පුරා පුවත් මැවෙන්නට වුණා. එයින් මුල්ම සිද්ධිය වාර්තා වුනේ බලගොල්ල ප්‍රදේශයෙනුයි.

මෙම සිදුවීමත් සමඟින් රටපුරා තවත් අසරණ දෙමාපියන් පිළිබඳව තොරතුරු වාර්තා වුණු අතර ඔවුන්ව රෝහල්ගතකර පසුව වාසය කිරීමට සුදුසු ස්ථානයකට යොමු කිරීමට අදාල බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

මේ අතර අනුරාධපුර නයිට් ක්ලබ් එකකට එල්ලවූ මැර ප්‍රහාරයෙන් කරාතේ ශූරයෙකු වූ වසන්ත සොයිසා ඝාතනය ලක්වීම සිද්ධිය රටේ පුවත් රැසක් මවන්නට වුණා. සිද්ධියට සම්බන්ධ වූ SF ලොකූ පසුව අත්අඩංගුවට ගැනුණු අතර මේ වන විටත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

එය එසේ අතීතයට එක්වෙද්දී තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක් වූ ශේෂාද්‍රි පියසාද්ගේ විවාහය සම්බන්ධයෙන් විවිධ කටකතා මැවෙන්නට වුණා. පසුව ඇයගේම සැමියා විසින් පවසා සිටියේ ශේෂාද්‍රි වෙනත් අයෙකු සමඟින් මහල් නිවාසයක සිටියදී තමන්ට හසුවූ බවයි. මේ අතර ලාංකික කාන්තාවක් සෞදියේදී අනාචාරයේ හැසිරුණු බවට පවසමින් ගල්ගසා මැරීමට එරට අධිකරණයක් තීන්දු කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් ලාංකීය රජය මැදිහත්ව කටයුතු කළ අතර පසුව ඇයගේ මරණ දඬුවම, සිර දඬුවමක් දක්වා ලිහිල් කරගැනීමට හැකියාව ලැබුණා.

රටම භීතියට පත්කළ කොටකෙතන මාරයා වසර ගණනකට පසු පොලිස් දැලට හසුවන්නේ මේ අතරයි. කාන්තා ඝාතන 6කට වැරදිකරුවෙකු වූ මොහු පිළිබඳව රට පූරා භීතියක් ඇතිවූයේ වසර ගණනකට සිටයි. නමුත් සූක්ෂමව තමන්ගේ මෙලෙච්ඡ ඝාතනයන් සිදුකරන්නට මොහු කටයුතු කලත් වසර ගණනකට පසුව පොලිසියේ දැලෙන් බේරීමට ඔහුට නොහැකිවුණා.

එමෙන්ම වසර ගණනක් ඇඳී ආ මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ තීන්දුව ඉදිරිපත් කෙරුණේ වාස් ගුණවර්ධනට මරණ දඬුවම නියම කරමිනුයි. එමෙන්ම රටම කතා කරන සිද්ධියක් බවට පත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් විසින් පුද්ගලයෙකු පැහැරගෙන යාම සිද්ධිය මේ වන විට රටපුරා බොහෝ පිරිසකගේ දැඩි දෝෂ දර්ෂණයට ලක්ව තිබෙනවා. එමෙන්ම පසුගියදා සංගා මහේලගේ සමාගමක් විසින් කොළඹ පැවැත්වූ එන්රිකේ සජීවී ප්‍රසංගයේදී සිදුවූ මුදල් වංචා මෙන්ම ලාංකීය සංස්කෘතිය විනාශ කරන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් තවමත් සමාජයේ දැඩි කතාබහක් පවතිනවා.

මෙලෙස සිදුවීම් ගොන්නක් මතකයේ රඳවමින් 2015 වසර අවසන් වෙද්දී උදාවන 2016 වසර හිරු ගොසිප් පාඨක ඔබට සෞභාග්‍යමත් වසරක් වේවායි අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top