Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
30
“....මාවයි ස්වාමිපුරුෂයා යි පුදුමයට පත් කරමින්, එදා අමුත්තියක් ආවා...” - උපන්දිනය දා ගායිකා දීපිකා ප්‍රියදර්ශනී බුකියේ දැමූ ආදරණීය සටහන මෙන්න - Photos

- “....මාවයි ස්වාමිපුරුෂයා යි පුදුමයට පත් කරමින්, එදා අමුත්තියක් ආවා...” - උපන්දිනය දා ගායිකා දීපිකා ප්‍රියදර්ශනී බුකියේ දැමූ ආදරණීය සටහන මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

පසුගිය දින උපන්දිනය සැමරූ ගායිකා දීපිකා ප්‍රියදර්ශනී ඇගේ මුහුණු පොත වීඩියෝවක් එක් කර තිබුණා.

ඇගේ උපන්දිනය දා ඇයව පුදුම කරන්නට ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක පැමිණ සිටි අතර, ඇය ඒ පිළිබඳව සන්තෝස වෙමින් ආදරණීය සටහනක් තබා ඇති අතර, එම සටහන පහතින්...


මාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතූ ඔබට පළමුව මගේ ස්තූතිය. මගෙ සංගීත දිවියට වසර හතලිහ පිරීම, එදින දානමය පිංකමක් කිරීමට හැකිවීමටත් වඩා මා සතුටු වූයේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදයේ නැත්නම් ජනතාපරමාධිපත්‍යයේ විශේෂ කඩඉමක් පසුකරන්නට අපට හැකියාව ලද දිනයක් බවට එය ඓතිහාසික වීමය.

මා සහ ස්වාමිපුරුෂයාත් එදින පුදුමයට පත් කරමින් අප නිවස්නට ආ අමුත්තිය පිළිබඳ සතුට මුසු ගෞරවය ඔබ සමග බෙදාහදා ගන්නටත් මෙය අවස්ථාවක් කරගනිමි. ඇය මෙරට ගීත කෝකිලාව, ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියයි.

සුජාතා නැන්දා මා දකින්න එන්නේ අනුරාධපුර සිට. පවත්නා යුගයේ එසේ පැමිණීමේ දුෂ්කරතාව මම ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.

සුජාතා අත්තනායක ආචාර්යවරියගේ සංගීත ප්‍රතිභාව වෙනස්ම වූවක්. මා කුඩා දැරියකව සිටි අවධියේ සිටම සිංහල ගීතයට මා ආසක්ත කරවූවන් අතර ඇය සිටින්නේ ඉහලම තැනකය. මා හට ඇය මුණ ගැසෙන්නේ 80 දශකය මැද භාගයේදීය. මාගේ පීතෘත්වයෙහි ලා මම සලකන ධර්මසිරි ගමගේ මාමා, ඇය සහ ඇයගේ ස්වාමියා අතර තිබුණේ සමීප ඇසුරක්. ඔවුන් අතර ගැවසෙමින් සිංහල චිත්‍රපට සදහා නිර්මාණය වන ගී පිළිබද යම්කිසියාකාරයෙන් දැනුමක් ලබා ගැනීමට මට එම වකවානුවේදී හැකිවිය.

Screen Voice සම්බන්ධ කාරණාවේදී ඇය නොමැති සිංහල චිත්‍රපට කර්මාන්තයක් ගැන අපට සිතිය නොහැකිවන තරමට ඇය අපව උමතු කළාය. ළගන්නා සුළු හඩ, හඬ තුළ ඇති පරාසය, සංගීතය පිළිබදව ඇති නෛයාත්මකබාවයෙන් ඔබ්බට ගිය දැනුම, වාස්තවික හැදෑරීම ඔස්සේ අප වසඟ කළ ඇයව දශක පහක් දක්වා අද්විතීය ගායිකාවක ලෙස ඔසවා තැබීමට වගබලාගත් සිංහල ගීතයට ලොබ බැදි රසිකයින් අතර මමද සිටිමි.

ඉදින් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සිංහල පමණක් නොව දමිල අංශයේද විශිෂ්ට ශායිකාව, තවත් වෙනත් භාෂා හතකින් ගී ගයන්නිය, සංගීත භාණ්ඩ රැසක් වැයීමේ ශක්‍යතා දක්වන්නිය, එමතුනොව මෙරට අදටත් ජනකාන්ත ජ්‍යේෂ්ට ගායිකාව, ශාස්ත්‍රවන්තිය, සංගීතයේ ගායන වාදන දෙඅංශයෙන්ම අධ්‍යාපනික වශයෙන් ඉහළම නැණනුවණින් සන්නද්ධ සංගීතඥවරිය, නර්තනයෙන්ද ළෙලෙන්නිය, ඉතුත් 13 වන දා අප නිවසේ සරල නිරහංකාර චාම් දෙව් දුවක සේ ගැයුවාය වැයුවාය. මාගේ දරුවන්ගේ කිරිසුවඳට ඇගේ නොවක් ආදරෙයේ උණුහුමද එක්කළාය. උපන්දිනයකට ඒ හැර අගනාතම අන් තිලිණයක් මට හිමිවේද?

අසූ හැවිරිදි නමුත් අපටත් වඩා තුරුණු සුන්දර ජ්‍යේෂ්ට පිංවන්තියටත් අත්තනායක මාමාටත් නිදුක් නිරෝගීතාව තවදුරටත් පතමින් ඔබ සමග මා බෙදා හදාගන්නේ ඉකුත්දා සන්ධ්‍යාවේ අප සමග ඇය ගත කළ රමණීය පැය ගණන් අතරින් මිනිත්තු කිහිපයක් පමණි
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top