Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
18
"සාරිය ඇන්දම කකුල පැටලිලා වැටෙනවා... වැටුණම රුවන් හොඳටම බයවෙලා.. මම නම් හොඳටම හිනාවෙවි හිටියේ.." ශෙරිල්ට වෙන අකරතැබ්බ ! - Photos

- "සාරිය ඇන්දම කකුල පැටලිලා වැටෙනවා... වැටුණම රුවන් හොඳටම බයවෙලා.. මම නම් හොඳටම හිනාවෙවි හිටියේ.." ශෙරිල්ට වෙන අකරතැබ්බ ! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

"සාමාන්‍ය ගමනට නම් පහසු  නිසා මම ආසම ඩෙනිමයි, ටී ෂර්ට් එකටයි.  
 
පාටි වලට මංගල උත්සව වලට නම් සාරි, දිග ගවුම්  වගේ අඳින්න ආසයි..."
 
"ගොඩක් දවසට සාරිය ඇන්දහම කකුල පැටලිලා වැටෙනවා. ලඟදිත් සාරිය ඇඳලා එහෙම වැටුනහම රුවන් හොඳටම බය වෙලා..  මම නං හොඳටම හිනාවෙවි හිටියේ.. ඔය වගේ සාරිය පැටලිලා වැටෙන ඒවා ,සපත්තුවල අඩි ගැලවෙන ඒවා ,වගේ දේවල් නම් නිතරම වෙනවා....."


ශෙරිල් ඩෙකර් රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම ව්‍යාපාරික කාන්තාවක් ලෙස ඉතාම කෙටි කාලයකදී දිගු ගමනක් පැමිණි, සොඳුරු යුවතියක්.  
 
ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ ඇය. 
 
හැමදාමත් අලුත්ම ආකාරයේ විලාසිතා කරන ෂෙරිල් මේ විදියට කතාබහකට එකතුවෙලා තිබුණා..
 
විලාසිතා කරන්න  ගොඩක් කැමති කෙනෙක් ඔබ ?
 
අම්මෝ ඔව් .මම හරිම ආසයි ලස්සනට අඳින්න. ලස්සනට ඉන්න .
 
මම හිතෙනවා හිසකෙස් වල සිට පාදයෙ නියපොතු  දක්වාම පිළිවෙල,  පිරිසිදු කම කියන දේ තිබිය යුතු යි අප කරන   විලාසිතාවෙ ලස්සන  ඉස්මතුවී පේන්න නම් .
 
ඔබ කරන විලාසිතා හරිම අන්කොමන් ?
 
මම හරිම ආසයි ඉතාලි ජාතික කන්තාවන් කරන  විලාසිතාවලට .ඒවා හරිම ලස්සනයි ....ඒ වගේ ම නිතර දකින්න ලැබෙන්නෙත් නැහැ .මම යන්න ආසම රටත් ඉතාලිය. එහේ ගියහම ගොඩක් ඇඳුම් මම ගේනවා .චාම් බව, සරල බව වගේම ඇඟට සුවපහසු වත්  , වටිනා පෙනුමකුත් කියන මේ හැම දේම ඉතාලියානු  විලාසිතාවල අන්තර්ගතයි.
 
විලාසිතා කියන දේ නිර්වචනය කරන්න කිව්වොත්  ?
 
මම නම් හිතන්නේ විලාසිතා කියන්නේ මම ආසම දේ ,ආසම විදිහට අඳින එකට. කවදාවත් කා ගැනවත් හිතලා විලාසිතා මම කරලා නැහැ . දිගට අඳිනවද, කොටට අඳිනවද, ඇඟ පේන්න අඳින වද ,ඇඟ වැහෙන්න අඳිනවද කියන මේ හැමදේම තීරණය කරන්නේ මම.  කවුරු මොනවා කිව්වත් මම නම් විලාසිතා කරන්නේ මම කැමති විදියට විතරයි.
 
ඔබ කැමති ම විලාසිතාව?
 
සාමාන්‍ය ගමනට නම් පහසු  නිසා මම ආසම ඩෙනිමයි, ටී ෂර්ට් එකටයි.  පාටි වලට මංගල උත්සව වලට නම් සාරි, දිග ගවුම්  වගේ අඳින්න ආසයි.
 
කැමතිම පාට?
 
මොන පට ඇඳුම ඇන්දත්  ලස්සනයි. නමුත් වැඩිපුරම මට ඇඳුම් තියෙන්නේ කළු පාටින් .  කළු පාටට තමයි ගොඩාක්ම කැමති.
 
ඔබ විලාසිතා කිරීමේ දී ගැලපීම ගැන සැලකිලිමත් වන්නේ කොයි විදිහටද ?
 
මාව දකින ගොඩක් අය කියන්නෙ මම නියපොත්තේ ඉඳලා ම මැච් කරන කෙනෙක් කියලා... ඇත්තටම ඔව්....මම හරිම ආසයි පිලිවෙලට ,නීට් එකට අඳින්න.  කොණ්ඩෙ සකස් කරන විදිහ ,මේකප් එක දාන විදිහ ,සපත්තු සෙරෙප්පු දාන විදිහ ගැන ඉඳලම මම ගොඩක්ම සැලකිලිමත් වෙනවා ,තව දෙයක් තමයි මම හරිම ආසයි ජුවලරි වලට ....ඇඳුමට ගැළපෙන විදිහට පුංචි  පුංචි විච්චූරණ ජුවලරි දානවා.
 
ඔබ ජීවිතයේ ලස්සනටම සැලසුණු දවස ?
 
මොන ඇඳුම ඇන්දත් දකින හැමෝම ලස්සනයි ”කියනවා.  අගය කරනවා. කොහෙන් ද  ගත්තෙ කියල අහනව. නමුත් මගේ මතකයේ තියෙන මම ලස්සනටම සැරසුණු දවස තමයි මම මනාලියක් උන දිනේ දී සැරසුණු විදිහ.....අම්මෝ එදා මම ගොඩාක් ලස්සනයි.
 
කෙනෙක් ඔබ කරන විලාසිතාවක් අගය කලහම මොන වගේ හැඟීමක්ද හිතට දැනෙන්නේ?
 
වචනයෙන් කියන්න බැරි තරම් හිතට ලොකු සතුටක් දැනෙනවා ඒ හැම වෙලාවකම මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා මට මේ හැමදේම ලබා දුන්නාට ඒ වගේමයි මා අගය කරන හැම කෙනෙකුවම මමත් අගය කරනවා. ඒ අයට ස්තුති කරනවා ...” ඔයාත් ගොඩක් ලස්සනයි කියලා”
 
 මම  ඒ අයට  කට පුරාම කියනවා .මේ ලෝකෙ ඉන්න හැමෝම හරිම ආසයි ලස්සනයි කියන වචනය අහන්න ....ඇත්තටම දකින ලස්සනක් නිර්ලෝභීව ප්‍රකාශ කරන්නෙත් හදවත ගොඩක් ලස්සන අය ඒ හැමෝටම මමත් ගොඩක් ආදරෙයි.....පුංචි වචනයකිනුත් , පුංචි අගය කිරීමෙන් ,අපිට ලොකු දේවල් කරන්න පුළුවන්...
 
ඇඳුමකින් කෙනෙකු මනින්න පුලුවන්ද ?
 
බැහැ .අපි හැමෝම අදින්නේ, විලාසිතා කරන්නේ අපිට තියෙන විදිහට .ඒ නිසා කරන විලාසිතාවකින් කෙනෙක් මනින්න බැහැ. එහෙම මිනිස්සු වර්ග කරනවා නම් ඒකත් වැරදියි. ජාතිය ආගම කුමක් වුනත් අපි හැමෝම මිනිස්සු මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ම ලස්සනයි. එච්චරයි මම නම් දකින්නේ.
 
විලාසිතාවක් කිරීමෙන් ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා කියලා විස්වාස කරනවද?
 
ඔව්.ලස්සනට  ඇන්දහම පුංචි ආත්ම අභිමානයක්, ආත්මවිශ්වාසයක් , වගේම ලොකු සතුටකුත් හිතට දැනෙනවා.
 
පුංචි කාලේ ඉඳලම විලාසිතා කරන්න කැමති කෙනෙක් ද ඔබ?
 
පුංචි කාලේ තිබුණු ආර්ථික මට්ටමත් එක්ක අපිට දකින දකින විලාසිතා කරන්න නම් දෙමාපියන්ට ශක්තියක් තිබුණෙ නැහැ . නමුත් ඔවුන් තියෙන විදිහට අපිට ලස්සනට, පිරිසිදුව ,පිළිවෙලට ඇන්දුවා. මට මතකයි අක්කවයි ,මාවයි වැඩිපුරම අම්මා ඇන්දුවේ කොල්ලෝ දෙන්නෙක් විදියට. කොන්ඬේ කොටට කපලා තිබුණේ .ඒ අතීතය ඇත්තටම සුන්දරයි.
 
විලාසිතා කරන්න ගිහින් පුංචි පුංචි අකරතැබ්බ වෙලා තියෙනවා ද ?
 
තියෙනවා ...තියෙනවා.... ගොඩක් දවසට සාරිය ඇන්දහම කකුල පැටලිලා වැටෙනවා. ලඟදිත් සාරිය ඇඳලා එහෙම වැටුනහම රුවන් හොඳටම බය වෙලා..  මම නං හොඳටම හිනාවෙවි හිටියේ.. ඔය වගේ සාරිය පැටලිලා වැටෙන ඒවා ,සපත්තුවල අඩි ගැලවෙන ඒවා ,වගේ දේවල් නම් නිතරම වෙනවා.
 
අසුන්තා එදිරිසූරිය
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top