අමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ මෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළවෙනි විවාහයේ බිරිඳ වන ඉවානා ට්‍රම්ප් පෙරේදා (14) දිනයේ දී ජීවිතක්ෂයට පත් වුණා.
ඇයගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දිනයේ දී සිදු කෙරුණේ නිව්යෝර්ක් නගරයේ වෛද්‍ය පරීක්ෂක කාර්යාලය විසින්.
එහිදී වෛද්‍ය නිර්දේශය අනුව ඉවානාගේ මරණයට හේතු වී ඇත්තේ මොට වූ ස්ථානයක කඳෙහි සුෂුම්නා කොටස වැදීම හේතුවෙන් එයට සිදු වූ බරපතළ හානි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ..
කෙසේවෙතත් ඇය ජීවිතක්ෂයට පත්ව ඇදවැටී සිට ඇත්තේ ඇයගේ නිවසෙහි පඩිපෙළ පාමුලයි.
මෙම මරණය හදිසි අනතුරක් බවත් නිව්යෝර්ක් වෛද්‍ය පරීක්ෂණ කාර්යාලය සඳහන් කර තිබෙනවා.
ඉවානා ට්‍රම්ප් ජීවිතක්ෂයට පත්වන විට 73 හැවිරිදි වියෙහි පසුවුණා.
ඇය සහ ට්‍රම්ප් 1977 වසරේ විවාහ වූ අතර, ඔවුන්ගේ පළමු විවාහයෙන් දරුවන් තිදෙනකු ද සිටිනවා.
ඔවුන් වසර 15ක විවාහ ජීවිතයක් ගත කිරීමෙන් අනතුරුව 1992 වර්ෂයේ දී විවාහ ජීවිතයෙන් වෙන් වුණා.
කෙසේවෙතත් ඉවානා ට්‍රම්ප්ගේ අභාවය සම්බන්ධයෙන් හිටපු ජනපති ට්‍රම්ප් සංවේදී සටහනක් තබා තිබෙනවා.
ඒ ඇය "She was a wonderful, beautiful, and amazing woman, who led a great and inspirational life," යනුවෙන්.
එහි සඳහන් ව ඇත්තේ ඇය විශිෂ්ට මෙන්ම සුන්දරව ජීවත් වූ තැනැත්තියක් බවයි.