රටේ පවතින ප්‍රවාහන තත්වය ගැන වැඩි විස්තර කියන්න ඕනිම නෑ කියලා හිතනවා.
පොඩි දරුවෙක්ට වුණත් මේ පවතින තත්වය තේරුම් ගන්න බැරිකමක් නෑ.
පාරට බැස්සොත් හොඳටම පැහැදිලියි කොහොම තත්වයක් ද රටට අත්වෙලා තියෙන්නෙ කියලා..
ඉන්ධන අර්බුදය දරුණුවටම දැනුනට ඊට වඩා ගැටලු රැසක් රට ඇතුළෙ තියෙන බවත් කිව යුතුයි.
මිනිස්සු එදා වේල පවා පිරිමහගන්නෙ ඉතාමත් අපහසුවෙන් බව මේ කියවන ඔබටම ප්‍රත්‍යක්ෂ වෙලා ඇති.
ඉන්ධන අර්බුද එක්ක උදේ හවස එහෙ මෙහෙ යන්න අපේ රටේ මිනිස්සු විඳින්නෙ අපමණ දුකක්.
ඉස්සර ඉන්දියාවේ, බංග්ලාදේශයේ දැක්ක දේවල් දැන් අපේ ඇස් ඉස්සරහම මැවෙන්න පටන් අරන්.
ඔවුන්ගේ ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍යය වෙන්නේ දුම්රිය. ඉතින් කොහොමත් ඒ රටවල දකින්න ලැබෙන්නේ මේ තත්වය. මේ අවදානම.
මේක කොහෙත්ම සුන්දර චිත්‍රයක් නම් නෙවෙයි.
මේ ඒ විදියට නුදුරේම අපිට උරුම වීමට නියමිත, දැන් ඉන්දියාවේ බංග්ලාදේශයේ තත්වය...