පසුව ඇයගේ කෑගැසීම නිසා එම පුද්ගලයා පලා දිව ගොස් ඇත.
ඒ සමඟ තම ශරීරය ස්පර්ශ කිරීමෙන් බියටපත් කාන්තාව අවට සිටි උදවියගෙන් උදව් ඉල්ලා කෑගසා ඇත.
ඇයගේ කෑගැසීම ඇසූ අසල ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි තරුණයන් පිරිසක් පලායන පුද්ගලයා පසුපස ගොස් අල්ලාගෙන පහර දීමට ගත් අතර සිද්ධියට මුහුණ පෑ කාන්තාව ඒ අසලට පැමිණියේ පුද්ගලයා හඳුනාගැනීමේ අටියෙනි.
ඒ සමඟ පුද්ගලයාට පහර දුන් තරුණ පිරිස දෑත් පිස දමමින් පැමිණ පහර කෑ පුද්ගලයා පෙන්වමින්
"නෝනා මාලේ කඩා ගත්තේ මේ මිනිහා නේද, අපි අල්ලගෙන හොඳටම නෙලුවා, පොලිසිට බාර දෙමු නේද" යැයි පැවැසූහ.
එය ඇසූ කාන්තාව,
"අනේ මේ මනුස්සයා මගේ මාලේ නම් කඩා ගත්තේ නෑ. දැන් හොඳටම ගුටි කාලා ඉන්න නිසා යන්න අරිමු. මගේ පස්ස තමයි මිරිකුවේ". ඒ නිසා තමයි කෑගැසුවේ යැයි පැවැසුවේ අවට රැස් වී සිටි පිරිස් සිනා ගන්වමිනි.
ලංකාදීප