එමෙන්ම, එදින එනම් ඊයේ සවස පුත්තලං දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හිටපු අග්‍රාමත්‍යවරයා මුණගැසුණු බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
පසුගිය මැයි 9 වැනිදා කොළඹ අරලිය ගහ මන්දිරයට පැමිණි මහින්ද හිතවාදීන් උසිගන්වා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහර දීමට පිරිස මෙහෙය වූ බවට පුත්තලං දිස්ත්‍රික් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට බරතපල චෝදනා එල්ල වුණා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව සැකකරුවෙකු ලෙස පුත්තලං දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නම් කර අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් පසු ඔහු සති දෙකකට වැඩි කලක් රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ද මෙම චෝදනා සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී ගොනු කෙරුණු පැමිණිල්ලකින් අනතුරුවයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධි මාලාවෙන් අනතුරුව කයිවාරුකාරයෙකු ලෙස ප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකී සිටියා.
මෙම සිද්ධි මාලාවෙන් අනතුරුව ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා හිටපු අග්‍රාමත්‍යවරයා සම්බන්ධ කරමින් පළ කරන ලද පළමු පෝස්ටුව වන්නේ ද මෙයයි.
මෙම පෝස්ටුව පළ වීමත් සමඟ එයට ඉහළ ප්‍රතිචාරයක් හිමි වූ අතර ඒවා පහත යොමුව ඔස්සේ දැකබලා ගත හැකියි.