ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනපුරා පාසල් වසා දැමීමට කටයුතු කළ අවස්ථාවක තම පාසල වසා දැමීමට කටයුතු නොකළ විදුහල්පතිවරයා ප්‍රවාහන අපහසුතා ඇති දරුවන් විශාල පිරිසක් පාසල් බස් රථයෙන් රැගෙනවිත් පාසල් කටයුතු අවසන් වූ පසු යළි නිවෙස්වලට පාසල් බසයෙන්ම රැගෙන යාමට කටයුතු කරනු ලබනවා.
පා පැදියෙන් උදෑසන 6.30ට පාසලට පැමිණෙන විදුහල්පතිවරයා ඉන්ධන අර්බුදය පසෙකලා පාසල පෝෂිත ප්‍රදේශය වන මැදිරිගිරිය, නවනගරය, චෛත්‍යපාර, දියසෙන්පුර, 5 ඇළ, පැරකුම්පුර, ට්‍රැක් 9, විජයරාජපුර යන ප්‍රදේශවල දරුවන් පාසල් මේ ආකාරයෙන් පාසලට රැගෙන එන බවයි වාර්තා වන්නේ.
තොරතුරු සමාජ මාධ්‍ය තුළින්..
