Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
29
"තේමිය අහිංසක මනුස්සයෙක්, එයා දිහා ආදරෙන් බලන්න" දිවිතුරාහී තේමිය ගැන සුජීව ප්‍රියාල් කියපු කතාව

- "තේමිය අහිංසක මනුස්සයෙක්, එයා දිහා ආදරෙන් බලන්න" දිවිතුරාහී තේමිය ගැන සුජීව ප්‍රියාල් කියපු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් විදියට විවිධ කලා නිර්මාණ ඔස්සේ නවමු අත්දැකීම් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න නිරන්තරයෙන් උත්සාහ කරන කලාකරුවෙක් ලෙස සුජීව ප්‍රියාල් හඳුන්වන්න පුළුවන්.



ඔහු මෑත කාලයේ සිට නැවතත් ටෙලි නිර්මාණ රැසකින් ඔබ හමුවට එනවා. ඒ අතරින් ඔහු පණ පොවන හිරු නාළිකාවේ විකාශය වන "දිවි තුරා" ටෙලිනාට්‍යයේ තේමියගේ චරිතය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. මේ චරිතය ගැන වගේම කලාවේ ඉදිරිය ගැනත් සුජීව අප සමඟ බොහෝ දේ පැවසුවා. මේ ඒ කතාබහයි.

සුජීව ප්‍රියාල් නිතර දෙවේලේ රූපවාහිනියෙන් දකින චරිතයක් වෙලා.

මම සෑහෙන්න කාලෙකට පස්සේ ආයෙමත් ටෙලිනාට්‍යවල රඟපාන්න පටන්ගත්තේ. පසුගිය කාලේ සුපර්ණා චිත්‍රපටයටයි ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යටයි කාර්යබහුල වුණා. සමහර අවස්ථාවලදි ටෙලිනාට්‍යවල රඟපාන්න ආරාධනා ලැබුණත් කාර්යබහුලකම නිසා ඒවාට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. අවුරුදු පහකට විතර පසුව තමයි මම ටෙලිනාට්‍යවල රඟපන්න පටන්ගත්තේ. චිත්‍රපටය තිරගත වුණු පසුව මට පොඩි නිදහසක් ලැබුණා. දැන් ඒ නිදහසෙන් ප්‍රයෝජන ගන්නවා.

ඔබ වඩා ජනප්‍රිය දිවි තුරා ටෙලිනාට්‍යයේ තේමියගේ චරිතයෙන්.

තේමියෙගේ චරිත ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකාගාරය කැමති චරිතයක්. ජනප්‍රිය නාළිකාවක රියැලිටි වැඩසටහනක නිෂ්පාදකගේ භූමිකාව මට පැවරෙන්නේ. මෙවැනි චරිතවල අපිට පසුබිම දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ රියැලිටි කලාව තුළ දැවැන්ත පෙරළි කරපු අය ඉන්නවා. උදාහරණයක් විදිහට නිලේන්ද්‍ර දේශප්‍රිය, නිමල් ලක්ෂපතිආරච්චි වගේ අයගේ නම් මුලින්ම සඳහන් කරන්න ඕනේ. අනෙක් නාළිකාත් මෙවුන් අනුකරණය කරමින් තමයි රියැලිටි කරන්න ගත්තේ. මේ දැවැන්ත චරිත රියැලිටි වැඩසටහන්වකින් ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන්නේ නැහැ. කලාකරුවන්, තරගකරුවන්, විනිශ්චය මණ්ඩලය, නිවේදකයන් වගේ අය විතරයි පෙනෙන්න ඉන්නේ. නමුත් වේදිකාව පසුපස ඉඳලා මේ හැමදේම මෙහෙයවන චරිතය තමයි නිෂ්පාදකවරයා කියන්නේ. තේමියගේ චරිතයේ සුදු සහ කළු දෙපැත්තම තියෙනවා. ඒ චරිතයට මම ආදරෙයි. තේමිය කියන්නේ වැඩසටහන් වෙනුවෙන් තමන්ගේ නාළිකාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු චරිතයක්. තේමියට රියැලිටි වැඩසටහන තුළ ඇතැම් අයගෙන් දෝෂාරෝපණයට ලක්වෙන්න වෙනවා. ඒ වගේම දිවි තුරා ටෙලිනාට්‍යය බලන ප්‍රේක්ෂකාගාරයෙනුත් නිතරම ආවේගශීලීව කෑගහනවා කියලා දෝෂාරෝපණ එනවා මට. සමස්තයක් විදිහට ගත්තාම නාළිකාවල වැඩසටහන් තුළ මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ චරිත ඉන්න පුළුවන්.

තේමියව සුජීවට මුණගැහෙන්නේ කොහොමද?

දිවි තුරා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ චාමර ජයවීර කියන්නේ මගේ හිතවතෙක්. ඔහුව මම කලින් ඉඳලාම දන්නවා. ඔහු එක්ක වැඩ කරලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ චාමර ජයවීර කියන්නේ ටෙලිවිෂන් කලාවේ ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක්. ඔහුට රියැලිටි වැඩසටහන් ගැන හොඳ අවබෝධයක් සහ දැනුමක් තියෙනවා. චාමර මට කතා කරලා කරල මේ චරිතය ගැන සහ රියැලිටි වැඩසටහන් ගැන යම් යම් දේවල් කිව්වා. ඒ වගේම මම හිරු නාළිකාවේ පවත්වන සජීවී වැඩසටහන් සහ රියැලිටි වැඩසටහන් බලන්න ගියා. මට ඒක හොඳ අත්දැකීමක්. රංගන ශිල්පියෙක් වුණාම අපිට හැම වෙලාවෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි අවට ඉන්න චරිතවල දේවල් උදුරගන්න තියෙනවා. මේ චරිතයේ සමහර දේවල් මම චාමරගෙන් හොරකම් කරගත්තා, සමහර දේවල් චාමර මට කියලා දුන්න දේවල්.

තේමිය කියන්නේ තමන්ගේ සගයින්ට නිතරම බනින, කෑගහන චරිතයක්. කොහොමද ඒ අත්දැකීම?

රංගන ශිල්පියෙක් තුළ පෞද්ගලිකව තියෙන යම් යම් දේවල් රංගනයකට එකතු වෙනවා. මම රංගන ශිල්පියෙක් ලෙස වැඩ කරපු කාලය තුළ මම හොයාගත්ත දෙයක් ඒක. තේමියගේ තියන හැසිරීම් රටා කිසි දෙයක් මගේ ළඟ නැහැ. මමත් අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරද්දි බොහොම සුන්දර විදිහට විහිළු කර කර වැඩ කළේ. මේ වගේ කලබලකාරී විදිහට හැසිරුණේ නැහැ. තේමිය කියන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ නිසා මට සිද්ධ වෙනවා මම ළඟ නැති චරිත ලක්ෂණ ටිකක් වෙන අයගෙන් හොයාගන්න. තේමිය එතරම් කලබලකාරී, තරහ යන කෙනෙක් වෙන්නත් හේතුව එයා මේ වැඩේට ඒ තරම් ආදරේ කරනවා. එයා ඒ වැඩේ ගැන තියෙන උනන්දුව පෙන්නන්නෙ මේ විදියට. එයා ස්ටුඩියෝ එකට එන්නෙත් ලොකු ජවයකින්. තේමිය නිතරම කියනවා "මේ රියැලිටි වැඩසටහන් දුවන්න ඕනේ ගැටුමක් එක්ක, ගැටුමක් නැත්නම් ඒවා ජනතාව අතරට යන්නේ නැහැ" කියලා. ඒ ගැටුම ඇති කරන්න එයා මහන්සි වෙනවා. මාත් එක්ක වැඩ කරන සහෝදර රංගන ශිල්පීන් මතක් කරන්න ඕනේ. සරත් කරුණාරත්න, සංජානා ඔනාලි, හෙක්‍ටර් ඩයස්, චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය, මේ අය සමහර වෙලාවට තේමියගේ හැසිරීම් රටාවලට ඒ අයත් හිනාවෙනවා. තේමිය කේන්ති ගිහින් කෑ ගහලා පිස්සෙක් වගේ දැඟලුවටා ඒකට හිනා යනවා. මේ චරිතය තියෙන මානුෂික පැත්තෙ තමයි මම නළුවෙක් විදිහට අල්ල ගන්නේ. එයාට ඉහළින් එන පීඩනය තමයි අවම කරලා එයාගේ පහළින් ඉන්න සමීරට (සරත් කරුණාරත්න) සහ ටීනාට (සංජානා ඔනාලි) දාන්නේ. තේමිය හිනාවෙන්නේ බොහොම අඩුවෙන්. රූපවාහිනී නාළිකාවල නිෂ්පාදකවරු කටයුතු කරන්නේ එහෙම තමයි. ඒ නිසා තේමිය කියන්නේ අතිශයින්ම අනුකම්පා කළ යුතු චරිතයක් වෙන මම හිතනවා. තේමිය හරිම අහිංසක මනුස්සයෙක්. එයා දිහා ආදරෙන් බලන්න.

කොහොමද ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම හොඳයි. කොරෝනා ප්‍රශ්නය නිසා අපිට නිතරම එළියට යන්න වෙන්නේ නැහැ. ඒත් ඉඳලා හිටලා හරි එළියට යන අවස්ථාවලදී හෝ සයිබර් අවකාශයේදී එන ප්‍රතිචාර ඉතා හොඳයි. ඒ ප්‍රතිචාර අතර බහුතරයක් දෙනා තේමියගේ චරිතයේ තියෙන අපූර්වත්වය ගැන නිතරම කතා කරනවා. තේමිය කියන්නේ මේ නිර්මාණයේදී ප්‍රේමවන්තයෙක් නෙමෙයි. නමුත් ඔහුගේ සූක්ෂමකමට සහ ඔහු හා බැඳුණු හාස්‍යජනක සිදුවීම්වලට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ කාර්යය තුළ ඇත්තටම නිරතවෙලා ඉන්න චරිතත් මට කියන්නේ "උඹ ඇත්තම දේ කරනවා" කියලා. මම කාලෙකට පසුව නැවත වතාවක් රඟපාන්න ආවාම ඒ රංගනය ප්‍රේක්ෂකයන් ඉතාම හොඳින් පිළිඅරගෙන තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි.

"දිවි තුරා" ටෙලිනාට්‍යයට ප්‍රවීණ රංගන ශිල්පීන් වගේම නවක රංගන ශිල්පීන් රැසක් සම්බන්ධ වෙනවා. "තේමිය"ව ගොඩනඟන්න මේ අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

අලුත් පරණ කියලා භේදයක් නැහැ. ඕනෑම කෙනෙක් එක්ක වැඩ කරන්න මම බොහොම කැමතියි. මමත් නවකයෙක් විදියට වැඩ කරපු කාලයක් තිබුණා. මගේ සහෝදර රංගන ශිල්පියා හොඳින් රඟපාන තරමට තමයි මට රඟපාන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කෙනාටත් පහසුවෙන් රඟපාන්න හැකි ආකාරයෙන් මමත් මගේ උපරිම සහයෝගය ලබාදෙනවා. මම හිතනවා හැම කෙනෙක්ම තමන්ගේ තියෙන අත්දැකීම් ප්‍රමාණය සහ ලැබෙන අවස්ථාව අනුව හොඳින් ඒ ඒ චරිත කරනවා.

අලුත් රංගන ශිල්පීන් එක්ක ඔබ නිතරම වැඩ කරනවා. ඔවුන් ඇත්තටම රඟපානවාද?

මම කැමති නැහැ "මෙයා රඟපානවා, මෙයා රඟපාන්නේ නැහැ" කියලා කියන්න. ඒ අය වැඩ කරන්නේ ඒ අයට තියෙන අත්දැකීම් අනුව. අපි වේදිකා නාට්‍යවල රඟපාලා යම් යම් අත්දැකීම් අරගෙන තමයි රංගන ක්ෂේත්‍රයට එන්නේ. ආවා ගියා අය වගේ නෙමෙයි දැන් වසර විසිහතකට ආසන්න කාලයක් තමවත් ඉගෙන ගනිමින් අත්දැකීම් ලබමින් ක්ෂේත්‍රයේ ඉන්නවා. අලුත් පරම්පරාවට අපිට වගේ අවස්ථාවන් අත්දැකීම් ලැබිලා නැහැ. ඒ නිසා ඒ අයට චෝදනා කරන එක හරි නෑ කියලා මම හිතනවා. අලුත් පරම්පරාවට මේ ඩිජිටල් වුණ ලෝකය තුළ රඟපාන්න වෙලා තියෙන්නේ. මම තරුණ පරම්පරාවට ආදරෙයි. උන් ඉස්සරහට එන්න නම් අපි උන්ට මොරාල් එකක් දෙන්න ඕන. මෑත කාලයේ සරත් කරුණාරත්න, දසුන් පතිරණ, කලණ ගුණසේකර, සජිත අනුත්තර, කෝකිල පවන් වගේ හොඳ තරුණ රංගන ශිල්පීන් ඉන්නවා. ඒ අය ගැන බැලුවොත් ඔවුන් කොහේහරි තැනකින් හොඳ පසුබිමක් හදාගෙන තමයි වැඩ පටන් අරගෙන තියෙන්නේ. නමුත් ඒ අවස්ථාව හැම කෙනකුටම ලැබිලා නැති වෙන්න පුළුවන්. තරුණ අය එක්ක වැඩ කරන ප්‍රවීණයෝ ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මහේන්ද්‍ර අයියා. ඔහු රංගනයට හොඳ තරුණ පරම්පරාවක් හදමින් පවතිනවා. එදා ඉඳලා අද වෙනකන් මමත් ඔහුගෙන් ඉගෙනගන්නවා.

"මචං" චිත්‍රපටය අපිට අමතක කරන්න බැහැ.

මචං චිත්‍රපටයේ මමයි මහේන්ද්‍ර අයියයි එකට රඟපානවා. ඒ වගේ ප්‍රවීණයෙක්ගේ ඇසුර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ හොඳ තැනකට එන්න නම්. ඒ කාලේ අපිව බල්ලෙක්වත් දන්නේ නැහැ. උබෙර්තෝ පැසොලිනි කියන අධ්‍යක්ෂවරයා ඒ චිත්‍රපටයට ටෙලිනාට්‍යවලින් කවුරුත්ම නොගෙන වෙනම තිරපරීක්ෂණයක් තියලයි කට්ටිය ගත්තේ. මම, ධර්මප්‍රිය, නාමල් අපි ඔක්කොම තිරපරීක්ෂණයකින් තේරුණේ. ඒ කාලේ වෙද්දි අපි කවුරුත් එහෙම ජනප්‍රිය අය නෙමෙයි. අපිත් එක්ක ඒ කාලෙත් මහේන්ද්‍ර අයියා වැඩ කළා. ඒ ඇසුර අපිට සෑහෙන්න වටිනවා. කොහොමත්ම නිකං නළුවෝ බිහිවෙන්නේ නැහැ. ලස්සන පාට තිබුණාට, ඇඟපත තිබුණාට, කොන්ඩෙ ලස්සන වුණාට නළුවෙක් හැදෙන්නේ නැහැ. චරිතාංග නළුවෙක් වෙන්න නම් හොඳ පසුබිමක් තියෙන්න ඕන.

සුපර්ණාට මොකද වුණේ?

"සුපර්ණා" චිත්‍රපටය කොරෝනා පළමු වෙනි රැල්ලට හසු වුණා. පළමු වෙනි රැල්ල ආපු ගමන් සිනමාශාලා වැහුවා. ඒත් එක්කම චිත්‍රපටය පෙන්නගන්න බැරි වුණා. චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ පෙබරවාරි 16 වැනිදා. සතියක්වත් තිරගත කරන්න ලැබුණේ නැහැ. ඉන්පසුවත් කොරෝනා දෙවැනි තෙවැනි රැලි ආපු නිසා දෙවැනි වරට චිත්‍රපටය තිරගත කරන්නත් අපිට ලැබුණේ නැහැ. චිත්‍රපටය නැවත වතාවක් තිරගත කරන්න කැමතියි. ඒත් මේ වසංගත තත්ත්වයත් එක්ක ඉදිරිය අපිට පැහැදිලි නැහැ. මගේ පෞද්ගලික මතයත් පිරිසක් එකතු වෙන විදිහට වැඩක් කරනවට වඩා ටෙලිනාට්‍යයක් කරගෙන ඉන්න එක හොඳයි කියන එක. අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාලයක්. කලාවට විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයකටම ඒක අදාළයි.

මිනි සීරීස්, ටෙලි ෆිල්ම් වගේ ටෙලිවිෂනය හා සම්බන්ධ නව අත්හදා බැලීම් මේ වෙද්දි කෙරෙනවා. ඒ වගේ අලුත් වැඩක් කරන්න අදහසක් නැද්ද?

අලුත් වැඩක් කරන්න බොහොම කැමතියි.මේ හැමදෙයකම අවසානය වාණිජ පරමාර්ථයක් තියෙනවා. එතකොට ඒ පරමාර්ථය තුළ කවුරු හරි කෙනෙක් නිර්මාණයකට මුදල් යොදන්නේ පර්යේෂණ කරන්න නෙමෙයි. ඔවුන් මුදල් දාන්නේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන්. ඒත් දැන් මාධ්‍ය ආයතන පවා රටේ තියෙන තත්ත්වයත් එක්ක අමාරුවෙන් යන්නේ. ටෙලිනාට්‍යයකට යොදවන මුදල් නැවත ගන්න අපහසුයි. අලුත් වැඩ කරන්න කැමතියි. ඒත් දැන් තියෙන තත්ත්වයත් එක්ක ඒ වැඩවලට ප්‍රතිපාදන යොදවන්න නිෂ්පාදකයෝ මැලි වෙනවා.

"පිරිමි ලස්සන වයසට ගියාට පසුව" බව බොලිවුඩ්, හොලිවුඩ් රංගන ශිල්පීන්ගෙන් වගේම ලංකාවේ රංගන ශිල්පීන්ගෙනුත් ඔප්පු වෙනවා කියලා සමාජ මතයක් හැදිලා තියෙනවා. සයිබර් අවකාශයේ ඔබවත් ඒ සඳහා උදාහරණයට ගන්නවා.

ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ වයස නෙමෙයි. තමන් හිතන විදිහයි ප්‍රශ්නේ. හැමෝම මගෙන් අහනවා කොණ්ඩේ පාට කරලාද කියලා. එතකොට මම කියන්නේ පාට කරන එක නතර කළා කියලා. මගේ වයස දැන් අවුරුදු හතලිස් අටක්. ඒ වයසට මම මෙහෙම ඉන්නවා. ඇත්තටම ඔය හැඩරුව ගැන ප්‍රතිචාර ප්‍රතිචාර මං බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි. සුපර්ණා චිත්‍රපටයේ රඟපාන්න චිත්‍රපටයේ රඟපාන්න රංගන ශිල්පීන්ව මොරාල් කරන්න මමත් මගේ කොණ්ඩෙ තට්ටෙ ගෑවා. තට්ටෙ ගාලා ආයෙමත් කොන්ඩ එද්දී තමයි මම දන්නෙත් මේ වගේ කොණ්ඩයක් මට තියෙනවා කියලා. දැන් ඒක වෙනම විලාසිතාවක් වෙලා තියෙනවා.

රංගනය ගැන තමන් දන්න දේ අනිත් අයට උගන්වන්න සුජීව කැමති නැද්ද?

ඒ වැඩේ මට හරියන්නේ නැහැ. අපේ පරම්පරාවේ හොඳ ගුරුවරයෙක් තමයි නාමල් ජයසිංහ කියන්නේ. කෙනෙක්ට යම්කිසි විෂයයක් ගැන දැනුම සහ අවබෝධය දෙන්න ඉගෙනුම් ඉගැන්වීම ක්‍රමවේදය දැනගන්න ඕනේ. මම අධ්‍යක්ෂණය කරන වැඩවලදි ඒ අධ්‍යක්ෂණය තුළ යම් යම් දේවල් නළුවන්ට කියලා දෙන්න දන්නවා. ඒ හැර වෙනම අධ්‍යාපනය දෙනවා කියන වෙනම කාරණාවක්. හොඳට රඟපාන්න පුළුවන් කියලා හැමෝටම ඒක ගැන උගන්වන්න බැහැ. ගොඩක් දේවල් කරන්න යනවාට වඩා පුළුවන් දේ හරියට කරන එක තමයි වැදගත්. (සිනාසෙමින්)

නැවත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?

නැහැ. මට දීර්ඝකාලීන සැලසුම් නැහැ. මම කෙටිකාලීනව සැලසුම් කරලා වැඩ කරන කෙනෙක්. කාලෙකට පසුව නැවතත් මම රඟපානවා. මට රඟපාන්න ආරාධනා ලැබෙමින් තියෙනවා. මම අධ්‍යක්ෂණයට ගිය නිසා රංගනය මඟහැරුණා. දැන් රඟපානවා. ඒක අවසානය නෙමෙයි. ඉදිරියේදී වෙනත් අධ්‍යක්ෂණ කටයුතු කරයි.


නිර්මාණි බණ්ඩාරනායක

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top