පොරවකින් පහර දී තම බිරිඳ ඝාතනය කළ සැමියෙකු අද (26) අලුයම නුවරඑළිය පොලිසියට භාර වී තිබෙනවා.
නුවරඑළිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් ජයසේකර පැවසුවේ, මෙසේ ඝාතනය කර ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට
අයත් ඔලිපන්ට් වතු යායේ ඉහළ කොටසේ පදිංචි සුබ්‍රමණියම් සත්‍යවාණි නමැති දෙදරු මවක්.
සැකකාර සැමියා සහ බිරිඳ ඊයේ රාත්‍රියේ (25) එකට එක්ව මත්පැන් පානය කර ඇති අතර, සැමියා විසින් බිරිඳට පවසා ඇත්තේ තමන්ට රාත්‍රී ආහාරය ගෙන එන ලෙසයි.
බිරිඳ ආහාර රැගෙන ඒමට ප්‍රමාද වීම පිළිබඳව සැමියා සොයා බැලිමේ දි මුළුතැන්ගෙට ගිය බිරිඳ දූරකථනයෙන් කථා කරමින් සිට ඇති අතර, ඒ
සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු මරණකාරිය විසින් පළමුව සැමියාට පහර දී තිබෙනවා.
එයට උරණ වූ සැමියා විසින් නිවසෙහි තිබූ පොරවක් රැගෙන එහි නොකැපෙන පැත්තෙන් බිරිඳගේ හිසට පහර දී ඇති අතර, එම පහරදීමෙනුයි බිරිඳ මියගොස් ඇත්තේ.
මියගිය දෙදරු මවට අවුරුදු 7 සහ 3 යන වයස්වල පසුවන දියණියන් දෙදෙනෙකු සිටින බවත්, අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි අයෙකු බවත් පොලිසිය පවසනවා.
සැකකාර තැනැත්තා ඉදිරියේ දී නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.