Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
23
ලොවම කම්පා කරමින් ලෙඩ වුණු සුප්‍රකට ගායක ජස්ටින් බීබර්ට ඇත්තටම මොකද වුණේ?

- ලොවම කම්පා කරමින් ලෙඩ වුණු සුප්‍රකට ගායක ජස්ටින් බීබර්ට ඇත්තටම මොකද වුණේ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

ජස්ටින් බීබර් කියන්නේ නම කියූ සැණින් ලොවම හඳුනන ගායකයෙක්. හඬ ඇසුණු සැණෙන් සිහියට පැමිණෙන රූපයක්. විශේෂයෙන්ම තරුණියන්ගේ උන්මාදයක් බවට පත්වූ ඔහු ඉතාම ළාබාල වයසකදී සිය නම සන්නාමයක් බවට පත් කරගත් තරුණයෙක්.



කලාවට සහ විනෝදාස්වාද කර්මාන්තයට කිසිදු සබඳතාවක් හෝ නෑකමක් නොමැති පවුලකින් පැවතගෙන ආ ඔහු සිය දක්ෂතාව මතින්ම ජයග්‍රහණයේ හිණිපෙත්තටම නැඟි තරුවක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුයි. මේ ලිපිය ලියැවෙන්නේ තවමත් සිය ජීවිතයේ 28 වැනි වසර ගෙවමින් සිටින ලොවක් ආදරය කරන එම දක්ෂ තරුණයා ගැනයි.

කුඩා කාලය

1994 වසරේ මාර්තු මාසයේ පළමුවැනිදා මෙලොව එළිය දුටු ඔහු ලොවක් ආදරය කරන ගායකයෙක් වේ යැයි ඔහුගේ මවුපියන් සිතන්නට නැතිව ඇති. ඇත්තෙන්ම කිවහොත් ජස්ටින් බීබර් කියන්නේ කුඩා කාලයේ පටන්ම ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වූ දරුවෙක්. ඔහුගේ පියා ජෙරමි ජැක් බීබර්, මව පැටී මැල්ලෙට්. නීත්‍යනුකූලව විවාහ නොවූ ඔවුන් දෙදෙනාගේ දරුවා ලෙස මෙලොව එළිය දුටු ජස්ටින් බීබර් හැදී වැඩුණේ සිය මවගේ රැකවරණය යටතේයි. බීබර්ගේ මව වන පැටී අඩු ආදායම් ලබන රැකියා කිහිපයක්ම කරමින්, සිය මවුපියන්ගේද සහාය ඇතිව ඔහුව හදා වඩා ගත්තා. බීබර්ගේ පියා දෙවතාවක් විවාහ වූ අතර එම විවාහවලින් ඔහුට දරුවන් තිදෙනකු සිටිනවා. එම දරුවන් ගැන මෙන්ම ඉඳහිට බීබර් ගැනත් සොයා බැලූ ඔහු බීබර්ගේ වියහියදම්වලටත් සහායක් දැක්වූ බව පැවසෙනවා.

පාසල් අධ්‍යාපනය ලබන කාලයේ පටන්ම වැඩි කැමැත්තකින් යුතුව සංගීතය හැදෑරූ ජස්ටින් බීබර් පියානෝව, ඩ්‍රම්ස්, ගිටාරය සහ ට්‍රම්පට් වාදනය කිරීමට ඉගෙන ගත්තා. 2007 වසරේ මුල් භාගයේදී එනම් වයස අවුරුදු 12දී පමණ දේශීය ගායනා තරගයකට සහභාගි වූ බීබර් Ne – Yo ගේ So Sick ගීතය ගායනා කළ අතර එම තරගයෙන් ඔහු දෙවැනි ස්ථානය ලබා ගත්තා. මේ අතර බීබර් යූ ටියුබ් නාළිකාවක් ආරම්භ කළා. මුලින්ම එය ඇරඹුවේ ඔහුගේ ගීත පවුලේ අයට සහ යහළුවන්ට නැරඹීම සඳහා බවයි ඔහු පවසන්නේ. කෙසේ හෝ බීබර් ගායනා කළ විවිධ ගීත, පාසලේදී කළ ඉදිරිපත් කිරීම් ආදිය එම යූ ටියුබ් නාළිකාව වෙත උඩුගත කළා.

සංගීතයට පිවිසීම

මේ ආකාරයෙන් කාලය ගත වන විට නොසිතූ වෙලාවක වාසනාව ඔහු සොයාගෙන පැමිණියා. ඒ So So Def Recording ආයතනයේ අලෙවි විධායක නිලධාරියා වන Scooter Braun යූ ටියුබයේ සැරිසරමින් අලුත් තරුණ කටහඬක් සොයන විට අහම්බෙන් වගේ බීබර්ගේ වීඩියෝ පට දකිනවා. එයින් විස්මයට පත් ගායනා කළ ගීත, පාසලේදී කළ ඉදිරිපත් කිරීම් දර්ශන තුළින් බීබර් ඉදිරිපත් කිරීම් සිදු කරන වේදිකාව සොයා ගෙන ඔහුගේ පාසල වෙත යනවා. ඉන්පසුව බීබර් සහ ඔහුගේ මව හමුවී කතා බහ කරන Braun බීබර්ව තමන්ගේ ආයතනය වෙත සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගන්නවා. කතෝලික ආගම ඉහළින්ම අදහන කාන්තාවක් වූ බීබර්ගේ මව Braun යුදෙව් ජාතිකයෙක් වීම නිසා බීබර්ව ඔහු සමඟ යැවීමට පසුබට වෙනවා.

නමුත් පසුව පල්ලියේ අනුමැතිය ද ඇතුව බීබර්ව ඔහුත් සමඟ යැවීමට පැටී තීරණය කළා. මේ අනුව වයස අවුරුදු 13දී බීබර් ගීත පටිගත කිරීමක් ස¼දහා ඇට්ලැන්ටාවලට යනවා. එහිදී ඔහු ආදරය කරන ගායකයකු වන Usher ස්ටූඩියෝවේදී මුණගැසෙනවා. එතැනදී දිව ගොස් Usher සමඟ කතා කරන බීබර් ඔහුත් සමඟ ගායනයට අවස්ථාවක් ඉල්ලා සිටියා. නමුත් ඒ අවස්ථාවේ එයට කැමැති නොවූ Usher ඉන් සතියකට පසුව බීබර්ගේ ගීත වීඩියෝ නැරඹීමෙන් පසුව ඔහුට ගායනයට අවස්ථාවක් ලබා දෙන්නට තීරණය කරනවා. මේ ආකාරයෙන් සංගීත ක්ෂේත්‍රය තුළ පැවැත්මක් තනා ගන්නට මුල් පියවර තැබීමට බීබර් සමත් වුණා.

බීබර් සිය පළමු ගීතය ගුවන්විදුලිය වෙත මුදාහරින්නේ 2009දීයි. ඒ වනවිටත් ඔහු සිය පළමු ඇල්බමයේ නිර්මාණ කටයුතු සූදානම් කරමිනුයි සිටියේ. මෙම ගීතය නිකුත් වී පළමු සතිය ඇතුළත කැනේඩියානු Hot ගීත 100 අතරින් 12 වැනි ස්ථානයට පත්වුණා. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපදයේ Billboard Hot Chart හි ගීත 100 අතරින් 17 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වෙනවා. නවක ළාබාල ගායකයකුගේ ගීතයක් මෙලෙස වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්. ඉන් පසුව බීබර්ගේ පළමු ගීත ඇල්බමය My world නමින් 2009 නොවැම්බර් මාසයේදී එළිදැක්වුණා. එම ඇල්බමයේ ගීත අතරින් “One Less Lonely Girl” ගීතය “Love Me” සහ “Favorite Girl”ගීත iTunes Store US Billboard Hot 100 ගීත ප්‍රස්තාරවල ඉහළම ගීත 40 අතරට පැමිණියා. එම ගීත ලැයිස්තුවල ඉහළම ගීත 40 තුළ ගීත හතරක් ඇති එකම ළාබාල ගායකයා ලෙස බීබර් වාර්තා අතරට එක්වුණා. මේ ආකාරයට කෙමෙන් කෙමෙන් සංගීත ලොව තුළ සිය අනන්‍යතාව ගොඩනඟා ගැනීමට ඔහු සමත් වුණා.

පෙම් සබඳතා සහ විවාහය

බීබර් පෙම් සබඳතා කිහිපයකම පැටලී සිටි අතර, ඒ අතරින් ලොව පුරා ප්‍රසිද්ධියට සහ අවධානයට ලක්වූයේ ඔහු සහ ජනප්‍රිය නිළියක් වන සෙලීනා ගෝමස් අතර තිබූ පෙම් සබඳතාවයි. ඔවුන් දෙදෙනාගේ එම පෙම් සබඳතාව 2010 වසරේ සිට 2018 වසර දක්වාම විටින් විට විරසකවීම් නැවත එක්වීම් අතරේ පැවතුණා. බීබර්ගේ “Sorry” Mark my words” සහ “what do you mean” යන ගීත ඔහුගේ සහ සෙලීනාගේ ප්‍රේම වෘතාන්තය පිළිබඳව නිර්මාණය වූ ඒවායි. කෙසේ වෙතත් බොහොම බරපතළ ලෙස තිබූ මෙම පෙම් සබඳතාව විවිධ වූ හේතු නිසා බිඳ වැටුණා. ඉන් පසුව 2018 වසරේදී බීබර් නිරූපිකාවක් වන Hailey Boldwin සමඟ විවාහ ගිවිස ගත්තා. 2019දී ඔවුන් උත්සවයක් පවත්වා ඔවුන්ගේ විවාහය සැමරුවා.

සමාජ සේවා

බීබර් බොහෝ සමාජ සේවා වැඩවලට මුදලින් දායකත්වය ලබා දෙනවා. Pencil of Promis නමින් සංවර්ධන වෙමින් පවතින රටවල පාසල් ගොඩනැංවීම සිදු කරනු ලබනවා. බීබර් මෙම සංවිධානය සඳහා මුදලින් මෙන්ම සිය සහභාගිත්වයෙන්ද උපකාර කරනවා. ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට පානීය ජලය ලබාදෙන ලාභ නොලබන ආයතනයක් සඳහා ද බීබර් සිය දායකත්වය ලබා දෙනවා. 2011 වසරේදී ජපානයේ ඇති වූ භූමිකම්පාවෙන් සහ සුනාමි තත්ත්වයෙන් පීඩාවට පත් මිනිසුන්ට අධාර ලබා දීම සඳහා ඔහු තම ප්‍රසංගවලින් ලැබෙන මුදල ජපන් රතු කුරුස සංවිධානය වෙත පරිත්‍යාග කර තිබුණා. බීබර්ගේ මේ සමාජ සේවා කටයතු නිසාම ඇමෙරිකානු වෙබ් අඩෙවියක් 2011 වසරේ සමාජ සේවකයා වශයෙන් බීබර්ව නම් කර තිබුණා. 2020 වසරේ මානසික සෞඛ්‍ය සංවිධානයක් වෙතත් ඩොලර් ලක්ෂයක මුදලක් ප්‍රදාන කළා. එම වසරේම කොවිඩ් වසංගතයට ලක්වූ චීනයේ ළමයින් වෙතත් ඔහු මූල්‍යමය ආධාර ලබා දුන්නා.

බීබර්ට තිබෙන නඩු සහ ආන්දෝලනාත්මක කතා

බීබර් කිහිපවතාවකදීම නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අසල්වැසියකුගේ නිවෙසට බිත්තර ප්‍රහාර එල්ල කිරීම මඟින් අලාභ හානි කිරීම ආදී චෝදනාවන්ට ලක්වුණා. 2014 වසරේදී බීමතින් සහ මාස හයකට වඩා කල් ඉකුත්වූ රියැදුරු බලපත්‍රයක් සහිතව රිය පැදවීම මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් තොරව අත්අඩංගුවට ගැනීමට විරෝධය දැක්වීම යන චෝදනාවන්ට අදාළව ඔහු අත්අඩංගුවට පත්වුණා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ බීබර් මත්පැන් හා ගංජා පානය කර සිටි බවත් කාංසාවට පානය කරන ඖෂධ වර්ගයක් පානය කර සිටි බවත් අනාවරණය වුණා. අත්අඩංගුවට පත්වූ බීබර්ව රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා ලක්ෂ දෙකකට වැඩි මිනිසුන් පිරිසක් ධවල මන්දිරයට පෙත්සමක් ඉදිරිපත් කළ නමුත් එම වරද පිටුවහල් කිරීමට තරම් නොවන බව අධිකරණය පැවැසුවා. මේ හේතු නිසාම 2017 වසරේදී චීන රජය ප්‍රසංග සඳහා ජස්ටින් බීබර්ව එරටට ගෙන්වීම තහනම් කරනවා. එයට හේතුව වශයෙන් චීන රජය දැක්වූයේ ඔහු විවාදයට තුඩු දෙන තරුණයකු බැවින් සහ නරක පෞරුෂයක් තිබෙන ඔහු වැනි ගායකයෙක් චීනයට ගෙන්වීම නුසුදුසු වීමයි.

සෞඛ්‍ය

බීබර් සිය ජීවිතය තුළ වරින් වර මානසික අවපීඩනය සහ කාංසාව යන රෝගවලට මුහුණ දුන්නා. 2020 වසරේදී ඔහු Lyme නම් රෝගයට ගොදුරු වූ අතර එය ඔහුගේ ස්නායු පද්ධතියට සහ සමස්ත සෞඛ්‍යයට බලපෑ බව පැවසෙනවා. 2022 වසරේ එනම් මෙම වසරේ මුල් භාගයේදී ඔහු කොවිඩ් වසංගතයටද ගොදුරු වුණා.

එමෙන්ම මුළු මහත් සංගීත ලෝකයම කම්පාවට පත් කරමින් පසුගිය සතියක බීබර් තමන් අසනීපයෙන් පසුවන බව පැවැසුවා. සජීවී වීඩියෝවක් හරහා සිය සෞඛ්‍ය තත්ත්වය සිය ආදරණීය රසික රසිකාවියන් සමඟ බෙදාගත් ඔහු පැවැසුවේ ඔහුට Ramsay Hunt Syndrome නම් රෝගය වැලඳී ඇති බවයි. මෙම රෝගය මඟින් ඔහුගේ මුහුණේ එක් පැත්තක ක්‍රියාකාරීත්වය අඩපණ කර තිබෙනවා. ඔහුගේ මුහුණෙහි එම අර්ධයෙන් සිනහා වීමට, ඇසිපිය සැලීමට හෝ නාස්පුඩු සෙලවීමට ඔහුට නොහැකි බව එම වීඩියෝව හරහා ඔහු පෙන්නුවා.

රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය කියන්නේ Varicella – Zoster නම් වයිරසය කන අභ්‍යන්තරයේ හිස අසල ස්නායුවකට ආසාදනය වූ විට ඇතිවන්නා වූ දුර්ලභ ස්නායු ආබාධයක්.

දරුවකු කුඩා කාලයේ පැපොල රෝගය වැලඳී සුවවීමෙන් පසුව ශරීරය තුළ නිද්‍රාශීලීව තැන්පත් වන මෙම වයිරසය එම දරුවා වැඩිහිටියකු වූ පසු වයිරසය නැවත සක්‍රිය වී රැම්සේ හන්ට් රෝග ලක්ෂණ ඇති කරන බවත් පැවසෙනවා. මෙම රෝගය වැලඳුණු විට කන අභ්‍යන්තරයේ කැසීම් ස්වභාවයක් ඇතිවීම, කරකැවිල්ල සහ එය ආසාදනය වූ පැත්තේ ශ්‍රවණ ආබාධ ඇති වීම සහ එම පැත්තේ අංසබාග ස්වභාවයක් ඇති වීම සිදු විය හැකි බව පැවසෙනවා.

කෙසේ වෙතත් තමාට වැලඳුණු රෝගය ගැන ‍රසිකයන්ට හෙළි කළ බීබර් පැවැසුවේ තමාට නැවත යථා තත්ත්වයට පත්විය හැකි වනු බවයි. මුහුණ යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා තමන් ව්‍යායාම කරන බවත් ඔහු පැවසුවා. තමන් සංගීතයෙන් මඳකට විරාම ගෙන රෝගය සුවකර ගැනීම සඳහා පූර්ණ අවධානය දෙන බවත් බීබර් එම වීඩියෝව තුළින් පැවැසුවා.

ඉතින් බීබර්ගේ රසික රසිකාවියන් විදිහට බීබර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සංගීතයට ආදරය කරන පිරිසක් විදිහට සංගීත ලෝකයට තවත් අලුත් දේවල් එක් කරන්න තවමත් හැකියාව තිබෙන මේ තරුණයා ගෙවන අපහසු කාලය ඉක්මනින්ම අවසන් කර නැවත සංගීත ක්ෂේත්‍රයට එක්ව සිය හඬ සංගීතය සමඟ මුසු කරන තෙක් අපි මඟ බලාගෙන සිටිමු.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top