Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
22
"ගෙනාවම සල්ලි ගන්න බැරියැ... කරදරයක් නෑ නේද මම...." අමාරුම කාලෙක නොමිලේම ගෙදරට ගෙන්නගත්ත ගෑස් !! මේවා මොළ නෙවෙයි, මොළ ගෙනාව නැව් !

- "ගෙනාවම සල්ලි ගන්න බැරියැ... කරදරයක් නෑ නේද මම...." අමාරුම කාලෙක නොමිලේම ගෙදරට ගෙන්නගත්ත ගෑස් !! මේවා මොළ නෙවෙයි, මොළ ගෙනාව නැව් !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

යොවුන් වියේ මැදියමට පැමිණ ඇති ඇය විවාහක එක්දරු මවකි. 
 
ස්වාමියා අසල්වැසි ගමේ තේ කම්හලක, අමු තේ දලු ප්‍රවාහනය කරන  ට්‍රක් රථ රියැදුරෙකි.
 
දිනපතා සේවයට යන ස්වාමි පුරුෂයාට බරක් නොවන ලෙස, නිවසේ අවශ්‍යතාව සපයා ගැනීමට ඇය නිතරම උනන්දුවෙන් කටයුතු කළාය..


කඩපිලට ගොස්  ආහාර ද්‍රව්‍ය රැගෙන ඒම, දරුවාට අවශ්‍ය දේ රැගෙන ඒමට වෙළෙඳසල් වෙත යාම ඇගේ  ජීවිතයේ සාමාන්‍ය කටයුතු විය. 
 
තම මව නිවෙසේ සිටීම නිසා මෙම කටයුතු කරගැනීමේ දී  දරුවා බලා ගැනීමට මව සමත්වීම ඇයට මහත් අස්වැසිල්ලක් විය.
 
නිවසේ උයන පිහන කටයුතු සඳහා ගෑස් සොයා ගැනීමට දින කීපයක්ම නගරයේ තෙල් පිරවුම් හලේ ගෑස් වෙළෙඳසලට ගියද ගෑස් ලැබීම දිනෙන්දින කල් යාම නිසා ඇයට දින කීපයක්ම ඒ වෙළෙඳසල වෙත යාමට සිදු විය.
 
ඇහැට කනට පෙනෙන  රූබර රූ සපුවකින් යුත් ඇය ගැන ගෑස් වෙළඳසලේ තරුණයෙක් බැල්ම හෙළමින් සිටියේය. 
 
දින ගණනක් වෙළෙඳ සලට පැමිණි ඇය සමග ඉතා කුළුපගව කතා කිරීමට අවස්ථාව ලබාගත් ඔහු ප්‍රේමනීය බැල්මකින් ඇය ඇමතුවාය. 
 
ඔයා කොහේ ඉඳලද එන්නෙ?  ගෑස් නම් අද හෙට එන එකක් නෑ  ගෑස් ආවම මම ගෑස් සිලින්ඩරයක් ගෙදරට ගෙනත් දෙන්නම්. ගෙදර තියන තැන ඇඩ්‍රස් එකත් ටෙලිෆෝන් අංකයත් මට දෙන්න’,  යැයි පැවැසීය. තරුණ මවද මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට සිතා මායම්කාරී ලෙස  ඔමරි හිනාවකින් තරුණයාට සංග්‍රහ කර කට හඬ අවදි කළාය. ‘අනේ ලොකු උදව්වක්. මෙන්න සල්ලි. මට ගෑස් සිලින්ඩරයක් ගේන්න අවශ්‍ය නෑ අරන් තියල මට කෝල් එකක් දෙන්න’ යැයි පවසා දුරකතන අංකය  තරුණයාට දුන්නාය.
 
තරුණයාද  තම අදහස මල්ඵලගැන්වෙන බව සිතා, පස්වනක් ප්‍රීතියෙන් උද්දාමයට පත් වූවකු මෙන්, දුරකථන අංකය සමග ගෙදර ලිපිනයද ඉල්ලා  ගත්තේය. 
 
“ඔයා සල්ලි අරන් යන්න..... ගෑස් එක  මම ගෙදරට ගෙනත් දෙන්නම්. ඒ ගෙනාවම සල්ලි ගන්න බැරියැ. කරදරයක් නෑ නේද මම ආවාට. කවුරු ගෙදර ඉන්නෙ? 
 
තරුණයාගේ හැසිරීම් රටාව තේරුම් ගත් තරුණ මව තරුණයා වසඟයට ගැනීමට මෙන් සිනාවකින්ද සංග්‍රහ කර නිවස බලා පිටත් වූවාය.
 
පසු දින  තරුණයා  තරුණ මව දුන් දුරකතන අංකයට  ඇමැතුමක් ගෙන  කතාකරමින්  හෙට දින ගෑස් එන බවත්  ගෑස් සිලින්ඩරය අරගෙන  නිවසට  හෙට දහවල් පැමිණෙන බවත් පවසමින් ටික වේලාවක්  අල්ලාප සල්ලාප කතාවේ  යෙදුණේය. 
 
තරුණ මවද  කතාව මඟහරින්නට  නොගොස්  කතාබහට එකඟතාවක් දක්වමින් කතා කළාය.
 
ඇය ඊට සුහද ලෙස ප්‍රතිචාර දැක්වූවේ නිවසේ තමන් සහ දරුවාත් තම මවත් පමණක්  සිටින බවත් ස්වාමි පුරුෂයා දහවල් කාලයේ නිවසේ නැති බවත් සඳහන් කරමිනි.
 
එදින ස්වාමි පුරුෂයා  නිවෙසට පැමිණි විට ඇය සිද්ධිය විස්තර කර කීවාය. කපටි පුද්ගලයකු වූ ඔහු බිරිඳට හොඳ උපායක් යෝජනා කළේය.
 
ගෑස් වෙළෙඳ සලේ තරුණයා පැවැසූ අන්දමට ගෑස් සිලින්ඩරයද රැගෙන යතුරු පැදියකින් තරුණ මවගේ නිවෙසට පැමිණියාය. තම මවද අසල නිවෙසකට පිටත් කර යැවූ තරුණ මවගේ දරුවාද ඇකයේ රුවාගෙන තරුණයා  ගෙතුළට කැඳවා හිඳගන්නට කීවාය.
 
තරුණයා හිඳගත්තා පමණි, සැමියා “මේ කව්ද? මොකටද ආවෙ. 
 
උඹ මම නැති වෙලාවෙ කරන සෙල්ලම් මට අද අතටම අසුවුණා. මම  මෝඩයට අන්දවන්න හැදුව නේද?” 
 
කියා යක්ෂාවේෂ වූවෙකු මෙන්  බිරිඳට බැන වදින්නට වූවේය. සිද්ධියෙන් අන්ද මන්ද වූ තරුණයාට දෙවියන් සිහි විය. ලද ඉඩකඩින් නිවසෙන් එළියට පැනගත් ඔහු යතුරු පැදියට නැගී වේගයෙන්  පැන ගියේය.
 
“ගෑස් සිලින්ඩරයේ සල්ලි ටික මට දෙන්න. රට අමාරු කාලෙ  නොමිලේම ගෑස් ගෙදරට ගෙන්නගත්ත මගේ මොළේ කොහොමද?” යැයි අසමින් ඇය ආඩම්බර සිනාවක් පළ කළාය.
 
මාවරල පී.එස්. මද්දුමගේ.
ලංකාදීප
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top