මෙලෙස හදිසි මරණයකට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 70ක පුද්ගලයෙකු බවත්, ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේ දී ඔහුගේ මොළයේ ස්නායුවක සිදු වූ පිපිරීමක් හේතුවෙන් ස්භාවිකව මියගොස් ඇති බවත්, තීන්දු කෙරුණා.
මේ අතර, මෙම පුද්ගලයා සිය මෝටර් රථය තුළ මිය ගොස් සිටින ඡායාරූපය භාවිත කරමින් බොහෝ සමාජ මාධ්‍ය සහ ෆේස්බුක් ගිණුම්වල සටහන් කර තිබුණේ, එය තෙල් පෝලිමක සිදු වූ තවත් මරණයක් ලෙසට යි.