Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
08
"වාහනයට නඟින්න හදනකොටම එකපාරටම කවුදෝ කෙනෙක් මගේ ඔළුවට කොට්ට උරයක් දැම්මා'' - කෝටිපතියා උස්සලා කෝටි 5ක කප්පම් ගන්න ගහපු රජ ගේම!

- "වාහනයට නඟින්න හදනකොටම එකපාරටම කවුදෝ කෙනෙක් මගේ ඔළුවට කොට්ට උරයක් දැම්මා'' - කෝටිපතියා උස්සලා කෝටි 5ක කප්පම් ගන්න ගහපු රජ ගේම!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

ඒ ඉකුත් 30 වැනිදාය. වෙලාව උදෑසන 07.50ට පමණ තිබිණි. තීක්ෂණපාල මුදලාලි සුපුරුදු පරිදි පෙරදා එක්කාසු වූ මුදල් මල්ලද රැගෙන බැංකුවට යෑමට සූදානම් විය. 


තමාට අයත් බොලරෝ රථයට නැඟුණු ඔහු  බැංකුගත කිරීම සඳහා සූදානම් කරගත් ලක්ෂ 45කට ආසන්න මුදලද රථය තුළට දමාගෙන රිය අසුනට ගොඩවිය. බොලරෝ රථයේ ඇන්ජිම පණ ගැන්වූ හෙතෙම ඉදිරිපස ගේට්ටුව විවර කර රථය නිවෙසින් පිටත මාර්ගයේ නතරකොට යළි රථයෙන් බැසගත්තේ ගේට්ටුව වසා දැමීමේ අරමුණෙනි. 
 
රථයේ ඇන්ජිම ඒ වනවිටත් ක්‍රියාත්මකව පැවැතිණි. ඉදිරිපස ගේට්ටුව වසා දැමූ ඔහු යළි රථයට ගොඩවීමට තැත් කළා පමණි. කොහේදෝ සිට පැමිණි තුන්දෙනෙක් තීක්ෂණ මුදලාලි පැහැරගන්නට උත්සුක වූහ. ඔවුන් අත ගිනිඅවි තිබිණි.
 
“එදා මම බාර් දෙකේ සල්ලියි, තව අරක්කු කොම්පැනියකට දෙන්න තිබුණු රුපියල් හාරලක්ෂ විසිදාහකුයි, පොල්වලින් හම්බවුණු තුන් ලක්ෂ අසූදාහකුයි, ගෙදර තිබුණු ලක්ෂ තුනකුයි, තව අත්තනගල්ලේ කඩේ සල්ලියි ලක්ෂ 45ක් විතර ඒ සේරම සල්ලිත් දාගෙන බැංකුවට යන්න පිටත් වුණා.”
 
“වාහනේ එළියට දාලා ජීප් එක ස්ටාට් එකේම තියෙද්දී මම ඇවිත් ගේට්ටුව වහලා වාහනයට නඟින්න හදනකොටම එකපාරටම කවුදෝ කෙනෙක් මගේ ඔළුවට කොට්ට උරයක් දැම්මා. ඒත් එක්කම කට්ටියක් මට ගහගෙන ගහගෙන ගියා. උන් මාව තල්ලුකළා මගේම වාහනය ඇතුළට. මම වාහනයට කකුල තියලා තදකරගෙන උන් එක්ක පොර බැදුවා. උන් මට හොඳටම ගැහුවා. මාත් ගැහුවා. ඒත් එක්කම මම ඔළුවට දාපු කොට්ට උරය ගලවගත්තා. එකපාරක් උන් තුන්දෙනාම බිම වැටුණා. ඒත් උන් ආයේ නැඟිටලා මට ගැහුවා. එකෙක් කෑගැහැව්වා වෙඩි තියපන්, තියපන්, මරපිය, මරපිය කියලා.”
 
“ඒත් එක්කම වැලි ගේන්න යන ටිපර් එකක් එතන ස්ලෝ කරලා නතර කරන්න හැදුවා. මුන් බයවුණා. උන්ට ඕන වුණේ මාව උස්සන්න. ඒත් එක්කම අහල පහළ අය දුවගෙන එද්දි උන්ට කර කියා ගන්න දෙයක් නැතිවුණා. උන් තුවක්කුත් එක්කම මගේ බොලරෝ ජීප් එකට නැග්ගා. ඒක ඒ වෙනකොටත් ස්ටාට් එකේනේ තිබුණේ. පස්සේ උන් මගේ ජීප් එකත් අරන් පැන්නා”
 
මැරයන්ගෙන් ජීවිතය බේරාගත් තීක්ෂණපාල මහතා තමා මුහුණ දුන් අත්දැකීම එලෙස විස්තර කළේය. ඉන් අනතුරුව ඔහු මේ සම්බන්ධයෙන් අත්තනගල්ල පොලිසිය දැනුවත් කරමින් දුරකථන ඇමැතුම්ද දුන්නේය. ඒ සමඟ අත්තනගල්ල පොලිසිය ක්‍රියාත්මක විය. බොලරෝ වර්ගයේ ජිප් රියක් පැහැරගෙන යන කණ්ඩායමක් නිට්ටඹුව දෙසට පලා යන බව ගුවන් තරංග හරහා සියලු පොලිස් ස්ථාන හා මාර්ග බාධක දැනුවත් කෙරිණි. මෙම ගුවන් පණිවුඩය ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතාටද අසන්නට ලැබිණි. ඒ සමඟම ඔහු ක්‍රියාත්මක විය.
 
මේ වනවිට ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේය. නිවාඩු මත සිටි ඔහු සිය බිරිය හා දරුවන් සමඟ සංචාරයකට එක් වී සිටියේය. සිද්ධිය ඔහුටද සැලවිය. ඔහු වහා ක්‍රියාත්මක විය. දුරකථන ඔස්සේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් නුවරඑළියේ සිටම දැනුවත් කරන්නට ඔහු ක්ෂණිකව පියවර ගත්තේය.
 
“කොහොමහරි මුන්ට පනින්න දෙන්න එපා. ටීම් ටික දාලා වටකරන්න. මම ගමන කැන්සල් කරලා ඉක්මනට ගම්පහට එනවා. අතහරින්න එපා. මුන්ව කොහොම හරි අල්ලගන්න.” 
ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය නිලධාරීන්ට උපදෙස් දෙමින් කීවේය. සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාරවද දැනුවත් කරමින් හෙතෙම කියා සිටියේ තමා ගම්පහට පැමිණෙන තුරු වහා ක්‍රියාත්මක වන ලෙසය. සිය බිරිය හා දරුවන් සමඟ නිවාඩුව ගත කිරීමට නුවරඑළියට ගොස් සිටි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය ගමන අවලංගු කරමින් ගම්පහ බලා පිටත්විය.
 
ඒ වනවිට ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන කණ්ඩායම් දෙකක්ද සමඟ නිට්ටඹුව බලා පිටත්ව තිබිණි. ඉන් එක් කණ්ඩායමක් නිට්ටඹුවේ ස්ථානගත කළ ඔහු අනෙක් කණ්ඩායම සමඟ කෙළින්ම ගියේ තීක්ෂණපාල ව්‍යාපාරිකයාගේ නිවෙසටය. මුදලාලි මුණගැසුණු ඔහු සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීය.
 
“උන් අඳුරගන්න බැහැ සර්. උන් ඔක්කොම මුහුණුවල් වහගෙන හිටියේ. අතේ තුවක්කුත් තිබුණා. උන්ට ඕන වුණේ මාව පැහැරගන්න, ඒත් ඒක බැරිවුණා. මම බැංකුවට දාන්න ගෙනියපු ලක්ෂ 45ක් විතර ජීප් එකේ තිබුණා. ඒක උන්ට අහුවෙන්න ඇති. උන්ට ඒක හම්බවුණේ අහම්බෙන්. උන් මගේ සල්ලියි, ජීප් එකයි අරගෙන පැනලා ගියේ.”
 
තීක්ෂණපාල මහතාගෙන් විස්තර විමසීමෙන් අනතුරුව නිලධාරීහු ඔහුගේ නිවෙසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කළහ. ඒ කිසියම් හෝඩුවාවක් ලබා ගැනීම සඳහාය.
 
“ඔය කැමරා බලද්දී අපිට පෙනුණා පාන්දර 5.40ට විතර තුන්දෙනෙක් මුදලාලිගේ ගෙදර ඉස්සරහා කැරකෙනවා. සේරම කට්ටිය හිටියේ මුහුණු වහගෙන, ජැකට් දාලා වගේ. ටිකක් අෑතින් තමයි පෙනුණේ. එතනදී අපි හිතාගත්තා මේ ටීම් එක පාන්දර ඉඳන් පැය දෙකක් විතර මුදලාලි එළියට එනකම් ගේ ඉස්සරහා හැංගිලා ඉඳලා කියලා”
 
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විමර්ශන ඇරැඹි ආකාරය එසේ සඳහන් කළේය. එහෙත් සී.සී.ටී.වී. කැමරා රූප රාමුවලින් පැමිණි කොල්ලකරුවන් හඳුනාගත නොහැකිවිය.
 
“ඉන් පස්සේ තමයි අපිට තොරතුරක් එන්නේ අත්තනගල්ල හුණුපොළ පාරේ ‘එව්රි’ වර්ගයේ වාහනයක් දාලා ගිහින් කියලා. අපි එතැනට ගිහින් බලද්දි අපිට තේරුණා ඒ වාහනයෙන් තමයි මේ රොබරියට ටීම් එක එන්න ඇත්තේ කියලා. ඒක දාලා ගිහින් තිබුණේ මුදලාලිගේ ගෙදරට මීටර 500ක් විතර දුරින්.”
 
“පස්සේ අපි ඒ වාහනේ අංකය ආර්.එම්.වී. එකට දන්වලා ඒකේ ලියාපදිංචි  අයිතිකාරයා හොයලා බැලුවා. එතනදී අපිට හොයාගන්න පුළුවන් වුණා ඒක ප්‍රදීප් කියලා වේයන්ගොඩ ගැරේජ් එකක් අයිති කෙනෙක්ගේ කියලා. ඒත් ලියාපදිංචි වෙලා තිබුණේ ප්‍රදීප්ට වුණාට ඒ වෑන් එක සංජීව කියලා මල්වත්තේ මෝටර් සයිකල් ගැරේජ් එකක් කරන කෙනෙකුට අයිති එකක් කියලා.”
 
පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය. ඉන් අනතුරුව පොලිස් කණ්ඩායමේ අරමුණ වූයේ සංජීව කොටුකර ගැනීමය. එහෙත් සංජීව පොලිසිය මඟ හරින්නට විය. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂක සුමිත් කිසියම් උපාය මාර්ගයක් යොදා ගනිමින් සංජීව නමැත්තා උණගහපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.
 
“අනේ සර් මම මේ මොකුත් දන්නෙ  නැහැ. මේක මගෙන් ඊයේ රෑ නිශ්ශංක ඉල්ලගෙන ගියා. එයා ජනවාරි 15 බඳිනවා. එයාගේ වෙඩින් එකේ ‘ෆී්‍ර ෂූට්’ වගයක් කරගන්න ලොකේෂන් බලන්න යන්න තියෙනවා කියලා තමයි නිශ්ශංක මගෙන් වාහනේ ඉල්ලගත්තේ”
 
සංජීව පොලිස් පරීක්ෂක සුමිත්ට කීවේය. ඒ අනුව නිලධාරීන් ඊළඟට කළේ නිශ්ශංක පසුපස පැන්නීමය. එහෙත් නිශ්ශංක කොටුකර ගැනීම ලෙහෙසි පහසු නොවීය.
 
අවසානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තවත් උපාය මාර්ගයකට අවතීර්ණ විය. ඒ සංජීව යොදා ගනිමින් ඔහුගේ මිතුරා නිශ්ශංකට ඇමතීමය. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත කිසිත් නොදන්නා අයුරින් සංජීව සිය මිතුරා වූ නිශ්ශංක ඇමැතීය.
 
“ඒයි අර වාහනේ හුණුපොළ පැත්තේ දාලා ගිහින්. මොකද බන් එතන දැම්මේ. ඒක අරගෙන පලයන්.” සංජීව නිශ්ශංකට කීය. එහෙත් නිශ්ශංක කීවේ වෑන් රියේ යතුර මිතුරකු ළඟ බවත් එය ලබා ගත් වහාම වෑන් රිය රැගෙන යන බවත්ය. ඉන් පසුව නිශ්ශංක ඇමතුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත්ය.
 
“ඔයාද නිශ්ශංක කියන්නේ. ඔයාලගේ වෑන් එකක් හුණුපොළ දාලා ගිහින් තියෙනවා. මිනිස්සු බය වෙලා අපිට කෝල් කරනවා. ඒක එතනින් අරගෙන යන්න. ආවේ නැත්නම් වාහනේ උස්සගෙන ගේන්න වෙයි.”
 
පොලිස් පරීක්ෂකවරයා කිසිත් නොදන්නකු සේ නිශ්ශංකට පැවැසීය. එහෙත් නිශ්ශංක නිලධාරීන්ට කීවේ තමන් මඳ දුරක සිටින බැවින් ඒ මොහොතේ පැමිණීමට නොහැකි බවය. ඒ වනවිටත් නිලධාරීන් නිශ්ශංක රැඳී සිටින ස්ථානය ඔහුගේ ජංගම දුරකථන අංකය ඔස්සේද නිරීක්ෂණය කරන්නට විය. ඒ බව නොදත් ඔහු පොලිසිය මඟහැරියද නිශ්ශංක රැඳී සිටින ස්ථානය සොයාගන්නට පොලිස් යතුරුපැදියක් යෙදවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා උපක්‍රමශීලීව ඔහු රුක්ගහවිල ප්‍රදේශයේදී කොටුකර ගත්තේය. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට රැගෙන ගිය ඔහුට එතැනදී සංජීවද මාංචු යොදාගෙන සිටින අයුරු දැකගත හැකිවිය. “වැඩේ මාට්ටු” වී ඇති බව නිශ්ශංකට තහවුරු වූයේ එවිටය. එහෙත් නිශ්ශංක මුලින් පොලිසියට බොරු කීවේය.
 
“මගේ වෙඩින් එකට ෆී්‍ර ෂූට් ගන්න කට්ටියක් එක්ක ලොකේෂන් බලන්න ගියා සර්”
 
“එහෙනම් වෑන් එක එතන දැම්මේ ඇයි”
 
“ඒක එතැන දාලා වෙන වාහනයක ගියේ සර්”
 
එයින් සෑහීමකට පත් නොවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ‘ෆී්‍ර ෂූට්’වලට ලොකේෂන් බැලීම සඳහා වෑන් රියෙන් ගියේ කවුදැයි ඔහුගෙන් විමසීය. පසුව ඒ සඳහා ගිය දෙතුන් දෙනා පොලිසිය වෙත කැඳවනු ලැබීය. 
 
නිලධාරීන් ඔවුන්ගෙන් වෙන වෙනම ගෙන ප්‍රශ්න කරන්නට විය. 
 
“අපි එහෙම ලොකේෂන් එකක් බලන්න ගියේ නැහැ සර්. පොලිසියෙන් ඇහැව්වොත් එහෙම කියන්න කියලා අපිට නිශ්ශංක අයියා කිව්වා. අපි ඊයේ නිට්ටඹුවට නම් ගියා. කවුදෝ වාහනයක යතුරක් ගේනවා කියලා බලන්න.”
 
නිශ්ශංක සිය විවාහ මංගල්‍යය සඳහා සූදානම් කරගෙන සිටි ඡායාරූප ශිල්පියා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එලෙස කීවේය.
 
නිශ්ශංක පවසන්නේ බොරු බව දැනගත් නිලධාරීන් නිශ්ශංකගෙන් තදින් ප්‍රශ්න කළේ ඉන් පසුවය. නිශ්ශංක යනු කොල්ලකෑමට මුහුණ දුන් ව්‍යාපාරික තීක්ෂණපාලගේ ඥාති පුතෙකු බව එහිදී නිලධාරීන් අනාවරණය කර ගැනීමත් සමඟ ප්‍රශ්න කිරීම දීර්ඝ ලෙස සිදුවිය.
 
“ඔන්න ඔතැනදී තමයි නිශ්ශංක අපිට කිව්වේ රොබරිය දෙන්න ආව ටීම් එක ගැන. වෙපන් එක ගෙනාවේ ආමි සෝල්ජර් කෙනෙක් කියලාත් කිව්වා. පස්සේ අපි ආමි සෝල්ජර්ව හෙව්වා එයා කර්නල් කෙනෙක්ගේ ‘බඩියා’ විධියට රාජකාරි කරනවා කියලා හොයා ගත්තා. මිනිහගේ නම මධුසංක. පස්සේ පහුවැනිදා උදෙන්ම කර්නල්පදිංචි වෙලා ඉන්න ගලිගමුව ගෙදරට ගියා. කර්නල් ගෙදර හිටියෙ නෑ. කර්නල් බඩියත් එක්ක රාජකාරි වැඩකට අම්පාරට ගිහින් තිබුණා.”
 
ඉන් අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ බව ගම්පහ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන්නට විය. පසුව වැඩි විස්තරයක් නොකියා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් හමුදා කර්නල්වරයා දැනුවත් කළේ යම් හෙයකින් ඒ බව හමුදා සෙබළා දැනගත්තොත් ඔහු එතැනින් පලායන නිසාය. එම දැනුම්දීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් අම්පාරට ගොස් කර්නල්වරයා සමඟ සිටි හමුදා සෙබළා අත්අඩංගුවට ගත්තේ කර්නල්වරයාටද ඇත්ත තත්ත්වය පහදා දීමෙන් අනතුරුවය. එතෙක් කර්නල්වරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටියේය.
 
“මේ කර්නල්වරයා කලක් නිට්ටඹුව, මල්වත්ත යුද හමුදා ක¼දවුරේ රාජකාරි කරලා තියෙනවා. එතකොට ඔය මධුසංඛ කියන පුද්ගලයා තමයි කර්නල්ගේ බඩියා. කලක් යද්දි මධුසංඛ යන එන තැන්වලදී හම්බවෙලා නිශ්ශංකත්, සංජීවත් මෙයාව දැන හඳුනාගෙන තියෙනවා. මොකද ඒ දෙන්නත් මල්වත්තේ පදිංචි අයනේ. ඔය හිතවත්කම කාලයක් තිස්සේ තිබිලා. ඒ අතරතුර තමයි නිශ්ශංක මේ කට්ටියත් එක්ක එකතුවෙලා තීක්ෂණපාල මුදලාලිව පැහැරගෙන ගිහින් කෝටි ගාණක් ගන්න ප්ලෑන් එක ගහලා තියෙන්නේ.”
 
“ මේ ප්ලෑන් එක ගහලා තියෙන්නේ දැනට මාස 08කට විතර කලින්. ඒත් කොරෝනා නිසා ‘ගේම’ ටිකින් ටික කල් ගියා. පස්සේ දැන් සති දෙකකට කලින් තමයි මෙයාලා ආයෙත් ප්ලෑන් කරලා තිබුණේ. ඔය සිද්ධියට කලින්දා රෑ තමයි මධුසංඛ ගලිගමුවට ගිහින් වෙපන් එක අරගෙන ඇවිත් තියන්නේ.”
 
පොලිසිය පවසන අන්දමට ඉකුත් මස විසිනව වැනිදා රාත්‍රියේ මධුසංඛ ගිනිඅවිය රැගෙන පැමිණ ඇති අතර කොල්ලය සඳහා භාවිත කර ඇත්තේ සංජීවගේ වාහනය බව හෙළිවී ඇත. සංජීවත්, නිශ්ශංකත්, කුජන හා මධුසංඛත් රැගත් වෑන් රිය 30 වැනිදා අලුයම 05.30ට පමණ තීක්ෂණපාල මුදලාලිගේ නිවෙස අසලට පැමිණ ඇත. ඔවුන් සිවු දෙනාම සිට ඇත්තේ ජැකට් පැලඳගෙන මුහුණු ආවරණ සහිතවය. වෑන් රිය  පැදවූයේ මධුසංඛය. සිය සගයන් තිදෙනා තීක්ෂණපාල මුදලාලිගේ නිවෙස අසලින් බැස්ස වූ මධුසංඛ වාහනය ඊට නුදුරින් හුණුපොළ මාර්ගයේ නතර කළේ කොල්ලය දීමෙන් පසුව නැවත එය රැගෙන යෑමේ අරමුණෙනි.
 
“ඒත් මේගොල්ලෝ මුදලාලි පැහැරගෙන යන්න හැදුවට අර ටිපර් එක එතැන නතර කරන්න හදපු නිසා මේ කට්ටිය බය වුණා. ඒ නිසා තමයි මෙයාලට ආපු වාහනේ ගෙනියන්න බැරි වුණේ. අනික වාහනයේ යතුර තිබුණෙත් ආමි එක්කෙනා ගාව. ඒ නිසා කාටත් තිබුණු තැනින් වාහනේ ගෙනියන්න ලැබුණේ නැහැ.”
 
“මුදලාලිගේ වාහනේ නැඟලා ගිය මේ කට්ටියගෙන් ආමි එක්කෙනා අතරමඟදී බැහැලා ගිහින්. මොකද මිනිහට එදා කර්නල් එක්ක අම්පාරට යන්න තිබුණ නිසා. මිනිහා අතේ තමයි වාහනේ යතුර. සංජීවත් අතරමගින් බැහැලා ගිහින් තිබුණා. මුදලාලිගේ සල්ලි ලක්ෂ 45 නිශ්ශංක අරගෙන කුජනත් එක්ක ගිහින් යාළුවෙක්ගේ ගෙදරින් බැහැලා සල්ලි ටික ඒ ගෙදර හංගලා බෙදාගන්න. ඒත් මෙයාලට සල්ලි බෙදාගන්න හම්බවුණේ නැහැ. අපි ඊට කලින් කට්ටිය අල්ලගත්ත නිසා”
 
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කීවේය. ඒ අනුව මේ වනවිට කොල්ලයට පැමිණි නිශ්ශංක, සංජීව හා මධුසංඛ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් සිද්ධියට සම්බන්ධ කුජන නමැත්තා පොලිසියට කට්ටි පනිමින් සිටින බව ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතා කීවේය. 
 
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ තීක්ෂණපාල මුදලාලි පැහැරගෙන ගොස් කෝටි ගණනක මුදල් ලබා ගැනීමේ අදහසින් මෙම මංකොල්ලය සිදුකර ඇති බවය. තීක්ෂණපාල මුදලාලිගේ ඥාති පුත්‍රයා වූ නිශ්ශංකගේ අනුදැනුම මත මෙම කොල්ලය සිදුවී ඇති අතර මේ වනවිට නිශ්ශංකගේ පාර්ශ්වය හා තීක්ෂණපාල මුදලාලි අතර විරසකයක් පවතින බවද හෙළිවී ඇත. ඒ ව්‍යාපාරික ආරවුලක් මූලික කරගෙනය.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තීක්ෂණපාල මුදලාලි පැවැසුවේ මෙවැන්නකි.
 
“ඔය නිශ්ශංක මගේ ඥාති පුතෙක් එයාලට සියලුම දේවල් කළේ මම. ඔය මුළු පවුලටම උදවු කළා”
 
“ඒ කට්ටිය වැඩ කළේ මගේ ළඟ, වැඩ කර කර ඉන්න ගමන් ඒ කට්ටිය මගේ බාර් දෙකටම බඩු දැම්මා. මෙයාලා මගේ නමින් තමයි ඕඩර් දාලා බඩු බාගෙන රෙස්ටුරන්ට්වලට දාලා ක්ලියර් කර ගෙන තිබුණේ. මගේ නමට තමයි බිල් දාන්නේ”
 
“අවුරුද්දේ අන්තිමට දේශීය ආදායම් එකෙන් සහතික ගන්න ගියාම එතනින් මට කිව්වා ඔයා හරියට ගෙවලා නැහැ කියලා. මම කිව්වා මම සේරම ගෙවලා කියලා. ඒත් දේශීය ආදායම් එකෙන් කිව්වා ඔයා ගෙවලා නෑ කියලා. පස්සේ හොයලා බලද්දී ඒ බිල්, පොතට දාලා නැහැ.”
 
“මේවා අහුවෙන්නේ අවුරුද්දේ අන්තිමට. ඒ නිසා මට 2017දී දඩයි බදුයි රුපියල් එක්කෝටි අසූලක්ෂයක් ගෙවන්න වුණා. ඉන්පස්සේ මම ඔය කට්ටිය අයින් කළා. ඉන් පස්සේ තමයි එයාලා මට වෛර බැන්දේ”තීක්ෂණපාල මුදලාලි ආරවුල ඇතිවූ අයුරු කීවේය.
 
“මේ සිද්ධිය වුණාම මුලින්ම පොලිසිය සැක කළේ මාව. මේක බොරුවක් කියලා පොලිසියටත් ගොඩක් අය කතා කළා. මම ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි ගන්න කියලා රඟපෑමක් කරනවා කිව්වා.මාව පැහැරගෙන ගිහින් කෝටි පහක සල්ලි ගන්නයි මෙයාලා හැදුවේ. මාව එහෙම ගෙනිච්චානම් ඒ කට්ටිය තමයි මේ ගෙදර මගේ දේවල් පාලනය කරන්නේ. වාසනාවකට මගේ ජීවිතය බේරුණා. පොලිසියේ මහත්තුරු මට ගොඩක් උදවු කරපු නිසා ඇත්ත හෙළිවුණා.”තීක්ෂණපාල මහතා අවධාරණය කළේය.
 
පොලිසියේ දක්ෂකමින් කොල්ලය සිදුවී පැය 02ක් යන්නට මත්තෙන් සිද්ධිය අනාවරණය කරගත හැකිවී තිබිණි. එමෙන්ම කෝටිපති ව්‍යාපාරිකයාගෙන් පැහැරගත් මුදල්වලින් ලක්ෂ 16ක මුදලක් මේ වනවිටත් සොයා ගෙන තිබේ. එමෙන්ම මංකොල්ලය සඳහා භාවිත කළ හමුදාවට අයත් ස්වයංක්‍රිය පිස්තෝලයට අමතරව වායු පිස්තෝලයක් හා ව්‍යාජ පිස්තෝලයක්ද කොල්ලකරුවන් කොල්ලය දීම සඳහා හැඳපැලඳගෙන පැමිණි මුහුණ ආවරණ හා ජැකට් ඇතුළු ඇඳුම්ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
 
කොල්ලයට පැමිණි සිවු දෙනාගෙන් තිදෙනකු මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති අතර ‘කුජන’ නමැත්තා සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණවර්ධන  කියයි.
 
සැකකරුවන් තිදෙනා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
(පොලිස් විමර්ශන ඇසුරින් ලිපිය සකස් විය.)
 කීර්ති මෙන්ඩිස්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top