මෙම සියල්ල හේතුවක් කරගෙන සහ ඇගේ කුස තුළ "මුස්ලිම් කුමාරයෙක්" ගැබ්ගෙන සිටින බවට පැතිරුණු කතාව නිසා මෙම අනතුර සිදුකිරීම ඉක්මණ් කිරීමට තීරණය කර බවත් රහසිගත තොරතුරු ගණනාවකින්ම කියවුණා.
රජ මාළිඟයේ නීති රීති හෝ සම්ප්‍රදායන් තඹේකට මායිම් නොකළ සුරූපී ඩයනා සැබැවින්ම මුළු ලෝකයක් වසඟයට ගත්තෙ ඇගේ කරුණාවන්තකම නිසාමයි.
ලොව වැඩිම ජන ගඟක් ගැලූ අවමඟුල් අතරට ඇගේ අවමඟුල් උත්සවයත් එකතු වෙන්න ඒ දේත් හේතු වුණා.
කොහොම වුණත්, මෙවන් තත්ත්වයක් තුළ ඩේලිමේල් පුවත්පත ඩයනාගේ මරණය ගැන හදසියේම පුවතක් පළ කර තිබෙනවා.
ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ පොලිස් ප්‍රධානියකු වූ ජෝන් ස්ටිවන්ස් පැරණි ලිපිගොනු විවෘත කර අනතුරුව මේ ගැන මාධ්‍යයට හෙළි කිරීමත් සමඟ බොහෝ දෙනෙකුගේ අවධානය නැවත වතාවක් "ඩයනාගේ මරණය" වෙතට යොමු වුණා.
ලෝකයේ වඩාත් සුන්දර සහ ජනප්‍රියම කාන්තාව වුවත් ඇගේ මරණය "සාධාරණ තීන්දුවක් නොලද" එකක් බවයි ඇයට ආදරය කළ සුවහසක් දෙනා සඳහන් කළේ.
මෙම මරණ දෙක (ඩයනාගෙත් ඇගේ පෙම්වතාගෙත්) සම්බන්ධයෙන් ඊජිප්තූ අධිරාජ්‍යයා වන මොහොමඩ් අල් ෆයීඩ් විසින් ද චෝදනා ගොනු කර තිබුණා.
මින් වඩාත් අවධානයට නතුව ඇත්තේ ඩයනා විසින් ලිව්වා කියන රහස් ලියවිල්ලයි. එහි ඇය සඳහන් කර තිබුනේ ඇගේ ස්වාමියා විසින් ඇයව මරා දැමීමේ කුමන්ත්‍රණයක නියැලෙන බවයි. එමෙන්ම එය ඔහු සිදු කරන්නෙ අනතුරකින් බවත් මෙහි සඳහන්.
පොලිස් ප්‍රධානියා මේ ගැන ගැඹුරටම ගොස් විමර්ශන සිදු කිරීමට කටයුතු කර ඇති අතර ඔහු එම විමර්ශන සඳහා නිලධාරින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද බඳවගෙන තිබෙනවා.
ඊජිප්තූ අධිරාජ්‍යයාගේ සහ බොහෝ දෙනෙකුගේ චෝදනාව වූයේ M16 (බ්‍රිතාන්‍ය රහස් නියෝජිතයින්) විසින් මෙම ඝාතනය රැජිනගේ අනුදැනුම මත සිදුකරන්නට ඇති බවයි.
"අනතුර අහම්බයක් නොව මිනීමැරුමක්.. මේවා රාජකීය පවුලට කාවැදුණු ඉතාමත්ම බරපතල චෝදනා.."LuckyDailymail ඇසුරිනි.





