ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත හදිසි ලිපියක් යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස යොමුකළ මෙම ලිපිය පිටු 5 කින් සමන්විතයි.
එළඹෙන මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන 113 වෙත ළගාවීමට සන්ධානයට හැකිවුවහොත් අගමැති ලෙස පත්විය යුත්තේ වෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙකු බව එම ලිපියෙහි සඳහන් වනවා.
ඒ සඳහා නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා සහ ඒ.එච්.එම් ෆවුසි යන අයගේ නම් මෙම ලිපියේ සඳහන් වීම ද විශේෂත්වයක්.
පිටු 5කින් සමන්විත එම ලිපිය පහතින්....