නිවසේ නිදා සිටිය දී මධ්‍යම රාත්‍රීයේ මුළුතැන්ගෙයි දොර කඩාගෙන නිවසට ඇතුලු වී වයස අවුරුදු 11 ක බාල වයස්කාර පාසල් දැරියකගේ බෙල්ලට පිහියක් තබා මරණ තර්ජනය කර දූෂණය කිරීමට උත්සාහා ගත් දූෂකයාට විරුද්ධව නීතිය අකුරට ඉටු කරන්නැයි දිවිතුරවත්ත ද්‍රවිඩ ජනතාව අද (22) උද්ඝෝෂණයක නියැලුණු බවට වාර්තා වෙනවා.
ස්ත්‍රී දූෂකයාට නිසි දඩුවම් දෙන්න, මල් කැකුළු වැනි පුංචි දරුවන් විනාශ කරන පාපතරයින් සිර කරනු, මෙවැනි දැරියන් කිහිපදෙනෙකුට හිරිහැර කර ඇති මොහුගේ සියලු තොරතුරු මත නීතිය ක්‍රියාත්මක කරනු, යන වැකි ද්‍රවිඩ භාෂාවෙන් ලියා ඒවා රැගෙන දැරිය ගිය පාසල ඉදිරිපිට මව්පියන් එක දිගට පෙළ ගැසී මෙම විරෝධතාවයේ පැයක පමණ කාලයක් නියැලී සිට තිබේ.
ඉකුත් 16 වෙනිදා රාත්‍රී 12.00 ට පමණ දැරිය පදිංචි නිවස තුළ විදුලි බුබුළු දැල්වී තිබියදී නිවසේ දොර කඩාගෙන මෙම කාමාතුරයා දැරිය නිදා සිටිය දී ඇය දූෂණය කිරීමට උත්සාහා කරද්දී බියට පත්වූ ඔහු දිව ගොස් ඇති බවත් නොඑසේ නම් දැරියගේ ජීවිතය පවා විනාශ කිරීමට ඉඩ තිබූ බව අසල්වැසියෝ පවසා තිබේ.
අසල්වැසි නිවසක වයස අවුරුදු 32 ක පමණ තිදරු පියෙකු වන මෙම සැකකරු උල් පිහියක් විදුලි පන්දමක් රැගෙන තමන් නිදා සිටිය දී ඒ අසලට පැමිණ ඇඟපත ස්පර්ශ කරද්දී තමන් අවදි වී කෑ ගසද්දී අතින් කට වසා බෙල්ලට උල් පිහියක් තබා කෑ ගැසුවොත් මරණ බවත් තාත්තා අවදි කලොත් එයාත් මරන බවත් තර්ජනය කරමින් සිටිද්දී පියා නිදා සිටි ඉරියව් වෙනස් කිරීමත් සමඟ දූෂකයා නිවසින් එළියට පැන ගත් බව දැරිය පොලිසියට කල පැමිණිල්ලේ සඳහන් වේ.
11 හැවිරිදි පාසල් දැරිය බිය ගන්වා දූෂණය කිරීමට උත්සාහා ගත් පුද්ගලයා දැරියගේ පියා අවදි වීමත් සමඟ මුළුතැන්ගෙයි දොර කඩාගෙන ඇතුල් වූ තැනින් පැන ගොස් ඇතැයි එදිනම පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු උල් පිහිය නොමැතිව සැකකරු අත්අඩංගුවට ගෙන එදිනම මුදා හැරීමෙන් ස්ත්‍රී දූෂකයාට නිසි දඩුවම් ලබානොදුන් බව පවසමින් දිවිතුර වතුයායේ ද්‍රවිඩ මව්පියන් විශාල පිරිසක් ඊට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරත වී තිබේ.