බොහෝ දෙනෙකුගෙන් ආදරේ ලැබූ සම්පත් ශ්‍රී රෝෂන් මේ වෙද්දී ඉන්නේ විදේශ රටක. නිර්මාණ වලින් ඈත් වෙලා විදෙස් රටක ජිවත් වෙන සම්පත් ගැන අලුත්ම තොරතුරුයි මේ.
සම්පත් කොහොමද?
වරදක් නෑ. හොඳින් ඉන්නවා.
දැන් කොහේද පදිංචිය
ඔස්ට්‍රේලියාවේ. මම මෙහේ ස්ථිර පදිංචියට ආවා.
ලංකාවෙන් ගියේ කොයි කාලෙද?
2018 අවුරුද්දේ තමයි ලංකාවෙන් ආවේ. ලංකාවෙන් ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා.
හදිසියේම ලංකාවෙන් ගියේ ඇයි?
හදිසියේම නෙමෙයි. මම ලංකාවේ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ අවුරුදු 18 ක් විතර වැඩ කළා. ඉතිං ඒකාලය තුළ මට මගේ කියලා දියුණුවක් ගොඩනඟා ගන්න බැරි වුණා. මටත් කියලා මොනවාහරි දෙයක් කරන්න ඕනෑ හින්ද ඔස්ට්‍රේලියාවට ආවා.
කලකිරීමෙන්ද ආවේ?
අයේ එහෙම දෙයක් නැහැ
ඔස්ට්‍රේලියාවේ මොනවද කරන්නේ?
මම මෙහේ ව්‍යාපාරයක් කරනවා
මොකක්ද ව්‍යාපාරය?
මට මෙහේ වීඩියෝ ඇන්ඞ් ෆොටෝග්‍රැෆි කම්පැනියක් තියෙනවා. ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ සියලූම දේවල් මගේ ආයතනයේ කරගන්න පුළුවන්. විශේෂයෙන් වෙළෙඳ ප්‍රචාරණයට අවශ්‍ය සියලූම දේවල්.
ආපහු ලංකාවට එන්නේ නැත්ද?
ලංකාවට එනවා කොවිඞ් ප්‍රශ්නය හින්දා තමයි ලංකාවට එන්න ප්‍රමාද වුණේ. කොවිඞ් ප්‍රශ්නය ඉවර වුණ ගමන් ලංකාවට එනවා. අනික මගේ එමලා චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්නත් තියෙනවා.
ලංකාව දාලා ගිය එක අපරාධයක් නේද?
මෙහෙමයි ඇත්තම කියනවා නම් මම ලංකාවෙන් ආවේ ආර්ථිකමය අතින් ගොඩක් ශක්තිමත් වෙන්න ඕනෑ හින්දා. මොකද මම ලංකාවේදී ඒ දේ කරගන්න බැරි වුණා. මගේ ලයිෆ් එකට ඕනෑ දේවල් ටික හදාගන්න ඕනෑ හින්දයි ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ.
පුද්ගලික ජීවිතය එහෙම?
දැන් මගේ ව්‍යාපාරක් කරගෙන ඔස්ට්‍රේලියාවට වෙලා සුපිරි ජීවිතයක් ගත කරනවා. අම්මත් ඉන්නේ මාත් එක්ක. තාත්තා ලංකාවේ. නංගි ඩුබායිවල.
කසාදයක් ඉක්මන් කරනවා කියන්නේ?
ඔව්. ඔව්. ඉස්සරහට ඒ විස්තර කියන්නම්කෝ. අනිවාර්යයෙන්ම ළගදීම කියනවා.
ඇයත් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ නේද?
ඇය ඔහෙත් හිටියා. මෙහෙත් හිටියා. දැන් ඉන්නෙ වෙන රටක.
සම්බන්ධයේ ආදර කතාවට වයස කීයද?
අවුරුදු හයක් වෙනවා
ලොකුවට වෙඩින් එකක් ගන්නවද?
ඒවා කියන්න බෑ. ඒවා ඇත්තටම බොරු වැඩ. අනික ඕවා ගැන හිතන්නේ නෑ. ජීවිතය තමයි වැදගත්. ලොකුවට වෙඩින් ගත්තු අය බොහොම ඉක්මනට ඩිවෝස් වෙනවා අපි දැකලා තියෙනවා.
සම්පත්ගේ ජීවිතය ඔස්ට්‍රේලියාවට සීමාවෙයිද?
නැහැ. ඔස්ට්‍රේලියාවට සීමා වෙන්නේ නැහැ. එක දිගට එකරටක ඉන්නේ නැහැ. ලංකාවෙයි ඔස්ට්‍රේලියාවෙයි දෙකේම ජීවත් වෙනවා
දිනේෂ් විතාන
දිවයින