ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මෙම එන්නත් ලබාගත් අයගේ රුධිර කැට ගැසීමක් සිදු වූ හේතුවෙන්, අදාළ තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
යුරෝපීයානු සංගමයේ ඖෂධ පාලක සංගමය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද සඳහන්.
සති දෙකකට පෙර ඩෙන්මාර්කය විසින් එරට තුළ එන්නත් භාවිතය අත්හිටුවනු ලැබුවා. අනතුරුවයි යුරෝපානු කලාපයට අයත් සෙසු රටවල් විසින් මෙම තීරණය ගනු ලැබුවේ.
කෙසේ වෙතත්, ස්පාඤ්ඤ ඉදිරියටත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත භාවිත කිරීමට තීරණය කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.