බ්‍රිතාන්‍යයේ රජ පවුල සම්බන්ධයෙන් හැරී සහ මේඝන් යුවළ එල්ල කළ චෝදනාවලට කේම්බ්‍රිජ්හි ආදිපාද විලියම් කුමරු පළමු වරට ප්‍රතිචාර දක්වා තිබේ.
ලන්ඩනයේ පැවති හමුවකදී අදහස් දක්වමින් විලියම් කුමරු පැවසුවේ, මෙම චෝදනා සම්බන්ධයෙන් ඔහු මෙතෙක් සිය සොහොයුරාගෙන් විමසීමක් නොකළ අතර ඉදිරියේදී එසේ කරන බවය.
බකිංහැම් මාලිගය මීට පෙර කියා සිටියේ රාජකීය පවුලේ සාමාජිකයෙකු සසෙක්ස්හි නූපන් දරුවාගේ සමේ පැහැය ගැන සැලකිලිමත් වූ බවය.
නිවේදනයක් නිකුත් කරමින් මාලිගාව පැවසුවේ, "ආවර්ජනයන් වෙනස් විය හැකි" නමුත් සසෙක්ස්වරුන් "සැමවිට ම පවුලේ සාමාජිකයින්ට බොහෝ සෙයින් ආදරය කරන" බවය.
බ්‍රහස්පතින්දා කේම්බ්‍රිජ් ආදිපාදවරිය සමග ස්ට්‍රැට්ෆර්ඩ්හි පාසලකින් පිටත්ව යන විට විලියම් කුමරුගෙන් වාර්තාකරුවෙක් මෙසේ විමසීය: "රාජකීය පවුල ජාතිවාදී පවුලක් ද සර්?"
ආදිපාදවරයා පැවසුවේ, "අපි ජාතිවාදී පවුලක් නෙවෙයි."
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී මේඝන්, ඔප්රා වින්ෆ්‍රි සමග පැවසුවේ, නම් නොකළ පවුලේ සාමාජිකයෙකු ඔවුන්ගේ පුත් ආචීගේ සම කෙතරම් අඳුරු විය හැකි දැයි හැරී කුමරුගෙන් විමසූ බවය.
එය විමසුවේ කවුරුන් ද? යන්න හැරී සහ මේඝන් හෙළි නොකළ අතර, හැරී කුමරු පසුව පැවසුවේ, රැජිණ හෝ එඩින්බරෝ ආදිපාදවරයා එසේ විමසීමක් නොකළ බවය.
කුමුදු ජයවර්ධන