Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
09
පසුගිය දිනවල රටම කැළඹූ, නෙදර්ලන්ත හිමිගේ මරණය ඝාතනයක්ද ? සියදිවි හානි කරගැනීමක්ද ? - හැමෝම පුදුම කරමින්, රස පරීක්ෂකවරයා-ගේ වාර්තාවෙන් එළියට ආපු දේ මෙන්න

- පසුගිය දිනවල රටම කැළඹූ, නෙදර්ලන්ත හිමිගේ මරණය ඝාතනයක්ද ? සියදිවි හානි කරගැනීමක්ද ? - හැමෝම පුදුම කරමින්, රස පරීක්ෂකවරයා-ගේ වාර්තාවෙන් එළියට ආපු දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

“ඒ අවස්ථාවේ ලණු කැරලි-වලින් දෙපා ගැට ගහලයි තිබුණේ...”
 
රත්ගම කළපුවේ පාවෙමින් තිබියදී සොයාගත් රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්ය සේනාසනයේ භාවනායෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනරතන හිමියන්ගේ අපවත් වීම සියදිවි නසා ගැනීමක් බවට සැක කළ හැකි තොරතුරු මේ වනවිට ලැබෙමින් පවතින බව පොලිසිය පවසනවා.
 
ඊට හේතුව වී ඇත්තේ රසපරීක්ෂකවරයා විසින් ලබාදුන් එක් වාර්තාවක ඒ හා සමාන තොරතුරු ලැබී තිබීමයි.


ජිනරතන හිමියන්ගේ සිරුර සොයාගත් අවස්ථාවේ උන්වහන්සේගේ දෙපා ගල්වලින් ගැට ගසා තිබිණි. ඒ ලණු කැරලි උපයෝගී කර ගනිමිනුයි.
 
එහිදී බොහෝ අය පැවැසුවේ කිසිවකු හෝ කණ්ඩායමක් විසින් උන්වහන්සේ ඝාතනය කොට දෙපාවල ගල් ගැට ගසා කළපුවට දමන්නට ඇති බවය.
 
එක් පාදයක ගලක් ගැලවී තිබූ අතර පාදයේ එම ගල ගැට ගැසූ ලණු කැරලි කොටස් එසේම තිබිණි.
 
මේ පිළිබඳ විමර්ශන පවත්වන කණ්ඩායම මෙම ගල් ගැට ගැසූ ලණු කිසිවකු විසින් ගැටගසා ඇත්තේද නැතහොත් උන්වහන්සේ විසින් ගැටගසා ගෙන දිවි හානි කරගෙන ඇත්දැයි සෙවීමට එම ගැට සහිත ලණු කැබලි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලදී.
 
ඒ උන්වහන්සේ පරිහරණය කළ කුටියේ ඇති තවත් එවන් ගැට සහිත ලණු හා වයර් කොටස්ද සමඟය.
 
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක යෙදුණු රජයේ රස පරීක්ෂකවරයා මෙහිදී නිගමනය කර ඇත්තේ ජලයේ පාවෙමින් තිබියදී උන්වහන්සේගේ දෙපාවල ගැට ගසා තිබූ ලණුවල ඇති ගැට උන්වහන්සේගේ කුටියේ තිබී සොයාගත් වෙනත් ලණුවල ගැටවලටද සමාන බවය.
 
ඒ අනුව එම සියලුම ගැට උන්වහන්සේ විසින් කරන ලද ගැට ගැසීම් බවට රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බවත් රත්ගම පොලිසියේ ප්රධානියෙක් මේ සම්බන්ධව කළ විමසීමකදී කීවේය.
 
මේ අතර උන්වහන්සේ නියත වශයෙන්ම දිවිනසාගෙන ඇද්දැයි තහවුරු කරලීම සඳහා රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරන තවත් වාර්තාවක් ලැබිය යුතු බව දකුණු පළාත භාර ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතාද පැවැසීය.
 
එම වාර්තාව ලැබීමෙන් පසු උන්වහන්සේගේ මරණය කෙසේ සිදුවී ඇත්දැයි නිශ්චිතවම ප්රකාශ කළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
 
උන්වහන්සේ වසක් විසක් කැවී මියගියේද යන්න දැනගැනීම සඳහා සිදුකරන විමර්ශනයේ රස පරීක්ෂක වාර්තාව තව නොබෝ දිනකින් ලැබීමට නියමිතය.
 
කීර්ති මෙන්ඩිස්
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්...
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top