මීට වසරකට පෙර යාපනය තෙලිප්පලෙයි රෝහලේදී සිදුවූ දරු උපතක් පිළිබඳව ලෝකයේම අවධානය යොමුවූවා.
ඒ එම රෝහලේදී උතුරු පළාතේදී පලමු වරට සිව් නිවුන් බිහිවීමත් සමඟයි.
ඉන් පිරිමි දරුවන් දෙදෙනාට විනෝද් හා විශ්ව වශයෙන්ද ගැහැණු දරුවන් දෙදෙනාට විනෝතිනී හා විශ්මිකා වශයෙන්ද නම් තබා තිබෙනවා.
සුවිශේෂී කරුණ වන්නේ මෙම අපූරු නිවුන් දරුවන් ඔවුන්ගේ පළමු උපන් දින සැමරුම ඔවුන් උපත ලැබූ රෝහලේදීම සැමරීමයි.
මෙම විශේෂ උපන්දිනය යාපනය තෙලිප්පලෙයි රෝහලේ කාර්ය මණ්ඩලය විසින් 4 දා උත්සව ශ්‍රීයෙන් යුතුව සංවිධානය කර තිබුනා.
දෙමව්පියන් සමග දරුවන් සිව්දෙනා රෝහලට කැඳවා ඇති තෙලිප්පලෙයි රෝහලේ කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ට තෑගි බෝගද පිරි නමා ඇති බවයි වාර්තාවන්නේ.
එම අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්.