සැකකරුට අධිකරණයෙන් ලැබුනු නියෝගය මෙන්න..
19 හැවිරිදි තරුණියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් 38 හැවිරිදි පෙදරේරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මෙලෙස දූෂණය කර ඇත්තේ, තම අනියම් බිරිඳගේ පුත්‍රයාගේ බිරිඳ බවටයි අනාවරණ වී ඇත්තේ.
අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි, ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.
දුෂණයට ලක්වූ තරුණියගේ නිවසේ සිටින බාල වයස්කාර ගැහැණු දරුවන් දෙදෙනා සහ පිරිමි දරුවා පිළිබඳ පරිවාස වාර්තාවක් කැඳවිමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ නියෝග කළා.
මෙම කාන්තාව ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වි රත්ගම පිහිටි සැමියාගේ නිවසට පැමිණ ඇති අතර පසුව සැමියාගේ මව විදෙස්ගත වී තිබෙනවා.
පසුගිය ජනවාරි මස දිනයක අලුයම සැකකරු පැමිණ බලහත්කාරයෙන්ම තමන්ව දූෂණය කළ බවත් පසුව පෙබරවාරි 28 දක්වා දිගින් දිගටම අවස්ථා කිහිපයකදි තමාගේ කැමැත්ත නොමැතිව දුෂණය කර බවත් ඇය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.