සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් ඵල ගැන්වූ හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා හිරු ලයිෆ් ස්ටූඩියෝ පරිශ්‍රයේදී අවසන් වුණා.
ඒ, අහුංගල්ලේ, උදාර කෞෂල්‍ය හිරු ස්ටාර් කරමින්.
ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂක ජනතාවට නවමු අත්දැකීම් ලබාදෙන හිරු ටී.වී. මෙරට රියැලිටි වංශ කතාව තුළ ප්‍රේක්ෂක ජනතාව කිසි දිනෙක නොවිඳි අත්දැකීමක් එක් කරමින් හිරු ස්ටාර් ආරම්භ කරනු ලැබුවා.
ජංගම දුරකථන යෙදවුමක් හරහා සජීවීව මනාපය පළ කරමින් තරඟකරුවන් ඉදිරි වටවලට තෝරා ගැනීම හිරු ස්ටාර් තරගාවලියේදී ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වූයේ මෙරට රියැලිටි ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට වීම ද විශේෂත්වයක්.
එමෙන්ම ජනතා මනාපයේ විනිවිදභාවය තහවුරු කරමින් මනාපය පළ කරන්නන්ගේ රුව ද දැවැන්ත ඩිජිටල් තිරය මත දිස්වූයේ ලොව නවීනතම ක්‍රියාවලියක අත්දැකීම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත සමීප කරමින්.
ඒ අනුව ශ්‍රී ලාංකීය රියැලිටි ඉතිහාසයේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන වටිනාම තිළිණ වෙනුවෙන් අවසන් මහා තරඟයේ තරඟ වැදුණේ හොරණ - විශ්ව ප්‍රභාත්, අහුංගල්ල - උදාර කෞශ්‍යල්‍ය, හොරණ - අමන්දා පෙරේරා සහ බොරැල්ලේ - දිල්ශාන් මධුරංගයි.
අවසන් මහා තරඟයේදී පළමුව හොරණ විශ්ව ප්‍රභාත් සහ බොරැල්ලේ දිල්ෂාන් මධුරංග තරග වැදුනා.
එහිදි පලමුව තරගයෙන් ඉවත් වීමට සිදුවුයේ බොරැල්ලේ දිල්ෂාන් මධුරංගටයි.
අනතුරුව අහුන්ගල්ලේ උදාර කෞෂල්‍ය සමගින් හොරණ - අමන්දා පෙරේරා තරග වැදුනු අතර, එහිදී විශ්ව ප්‍රභාත් සමඟ අවසන් අභියෝගයට මුහුණදීමට තේරී පත්වුනේ අහුන්ගල්ලේ උදාර කෞෂල්‍ය යි.
එහිදී ජනතා මනාප 90% ක් ලබා ගෙන අදාළ තරඟාවලියේ දෙවැනි ස්ථානය දිනා ගත් විශ්ව ප්‍රභාත් ඊයේ හිරු එෆ්.එම් TOP 40 WITH NISALI වැඩසටහනට සහභාගී වුණා.
හිරු ස්ටාර් හිදී ලද අත්දැකීම් ඔහු මෙලෙස ප්‍රකාශ කළා.