නේක්ෂා දෙව්මි නම් පුංචි දැරියට දිවි අහිමි කළ මව....
බිබිල, බදුල්ලගම්මන, හෙල්ලිවත්ත ප්රදේශයේ පදිංචි විසිහතර හැවිරිදි එක්දරු මවක් තම තුන් හැවිරිදි දියණිය සමඟ පෙරේදා (21දා) රාත්රියේ ළිඳකට පැන සියදිවි නසාගෙන ඇතැයි බිබිල පොලිසිය පවසනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ තම දියණිය සමඟ සියදිවි නසාගෙන ඇත්තේ බී.එම්. නදීකා ප්රියදර්ශනී නම් කාන්තාවක්.
සිද්ධියෙන් මියගොස් ඇති දැරිය නේක්ෂා දෙව්මි නමැති තුන් හැවිරිදි වියේ පසුවන සිඟිත්තියක් බව පොලිසිය පවසනවා.
හමුදා රාජකාරියේ යෙදී සිටින සිය සැමියා සමඟ පෙරේදා (21දා) රාත්රියේ දුරකථනය ඔස්සේ මෙම කාන්තාව බහින්බස් වීමක් සිදුව ඇති බවත් පසුව ඊට ටික මොහොතකට පසු ඇය සහ ඇගේ දියණිය නිවෙසින් ගොස් මෙම අපරාධය සිදුකරගෙන ඇති බවත් මේ නිවෙසේ සිටි කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.
පොලිසිය පවසන්නේ පසුව මෙම කාන්තාව විවාහ වී සිටි හමුදා සෙබළාගේ ඉල්ලීම මත එම පවුලේ පිරිස කළ සොයා බැලීමේදී මෙම කාන්තාව අසල නිවෙසක ඇති අඩි 40ක් පමණ ගැඹුරින් යුත් ළිඳකට පැන දිවි නසාගෙන සිටියදී සොයාගෙන තිබූ බවයි.
මියගිය කාන්තාවගේ හා දැරියගේ මරණයන් පිළිබඳ මහෙස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (22දා) සිදුකිරීමට නියමිතව තිබුණා.
මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සිසිර කුමාර, සහකාර පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ යන මහතුන්ගේ උපදෙස් මත බිබිල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සෙනරත් මහතාගේ ප්රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.
මොනරාගල - සංජීව බණ්ඩාර, පස්සර - ඒ.එච්.එම්. ක්රිශාන්ත,
බිබිල - නඳුන් ගුණතිලක
ලිපියේ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..