සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් ඵල ගැන්වූ හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟයේ කිරුළ හිමිකර ගත් උදාර කෞෂල්‍ය අද විශේෂ රිය පෙරහරකින් අහුංගල්ල සිය උපන් බිම වෙත ළගා වුණා.
ඒ ජනතා ආශිර්වාදය මැදයි.
රිය පෙරහර අම්බලංගොඩ නගරයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂක ජනතාවට නවමු අත්දැකීම් ලබාදෙන හිරු ටී.වී. මෙරට රියැලිටි වංශ කතාව තුළ ප්‍රේක්ෂක ජනතාව කිසි දිනෙක නොවිදි අත්දැකීමක් එක් කරමින් හිරු ස්ටාර් තරගාවලිය ආරම්භ කරනු ලැබුවා.
ජංගම දුරකථන යෙදවුමක් හරහා සජීවීව මනාපය පළ කරමින් තරඟකරුවන් ඉදිරි වටවලට තෝරා ගැනීම හිරු ස්ටාර් තරගාවලියේදී ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වූයේ මෙරට රියැලිටි ඉතිහාසයේ ප්‍රථම වරටයි.
එමෙන්ම ජනතා මනාපයේ විනිවිදභාවය තහවුරු කරමින් මනාපය පළ කරන්නන්ගේ රුව ද දැවැන්ත ඩිජිටල් තිරය මත දිස්වූයේ ලොව නවීනතම ක්‍රියාවලියක අත්දැකීම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත සමීප කරමින්.
ඒ අනුව ශ්‍රී ලාංකීය රියලිටි ඉතිහාසයේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන වටිනාම තිළිණ වෙනුවෙන් ඊයේ හිරු ලයිෆ් ස්ටූඩියෝ පරිශ්‍රයේදී හිරු ස්ටාර් ටූ කිරුළ වෙනුවෙන් තරඟ වැදුණේ හොරණ - විශ්ව ප්‍රභාත්, අහුංගල්ලේ - උදාර කෞශ්‍යල්‍ය, හොරණ - අමන්දා පෙරේරා සහ බොරැල්ලේ - දිල්ශාන් මධුරංගයි.
එහිදී සුවහසක් ප්‍රෙක්ෂකයන්ගේ ආශීර්වාද මැද හිරු ස්ටාර් කිරුළ උදාර කෞෂල්‍යට හිමිවුණා.
හිරු ස්ටාර් කිරුළ හිමි කර ගත් උදාර කෞෂල්‍යට රුපියල් ලක්ෂ 35 ක් වටිනා නවීනතම ජීප් රථයක්, මුදලින් රුපියල් මිලියන දෙකක් සහ රුපියල් මිලියන 5ක් වටිනා දෘශ්‍ය ගීත 12ක් ඇතුළත් සංගීතමය ඇල්බමයක් හිමි වුණා.
උදාර කෞෂල්‍ය සිය උපන් ගම වූ අහුන්ගල්ල වෙත කැඳවාගෙන යන විශේෂ රිය පෙරහර අද පෙරවරුවේ ඇරඹුනේ බෙන්තොට පාලම අසලින්.
අදාළ අවස්ථාව පහතින්.....