බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සoචරට සහභාගීවන ශ්‍රී ලoකා සoචිතය අද නම් කිරීමට නියමිත බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා කියා සිටියේ, පෙර තේරීම් කමිටුව නියෝජනය කළ, ඉතිරි සාමාජිකයින් දෙදෙනා විසින් අදාළ නම් කිරීම සිදු කරන බවයි.
ප්‍රමෝද්‍ය ව්ක්‍රමසිoහ සහ චමින්ද මෙන්ඩ්ස් යන අය මේ වනවිට තේරීම් කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.
අදාළ තරගාවලියට විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත්.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි.